තැපල් මට කචල්





තැපැල් සේවය එදා ඉදලම අද වෙනකම් මට කරේ වෙනස්කම්. කොහොමත් අපේ ගෙවල් පාරට තැපැල් කාරයෙක් අවේ නෑ ,තාමත් එන්නේ නෑ. අපේ ලියුම්  ආවෙ  වෙන ගෙදරක බාරේ. මුලින්ම මම O level ලියන්න ලෑස්ති වෙනකොට ID apply කරේ ඉස්කොලෙන්ම තමයි. මට කොහොමත් තැපැල් ID එක තිබුනෙත් නැහැනේ. OL  EXAM එකට දැන් දවස් තුනයි. මගේ ID එක ආවේ නෑ එතකොටත් , හිතා ගන්න පුළුවන්නේ  කොච්චර tension එකක් තිබුනද එතකොට . දැන් එකම විසඳුම ෆොටෝ එකක් කලාප කාර්යලෙන් සහතික කරගන්න එක. කලාප කාර්යාලේ තිබුනේ උඩුගම දවසින් ෆොටෝ එකක් ගන්න පුළුවන් තැනක් තිබ්බේ එතකොට අකුරැස්සේ  ඉතින් ඔය වැඩ දෙක කරගන්න අනිවාර්යෙන් දවස් දෙකක් යනවා. මොනවා කරන්නද මාත් එක්ක තව එකකුට ඔය සන්තැසියම වෙලා තිබුණා . දෙන්න එක්ක එක දවසක අකුරැස්සේ ගිහින් ෆොටෝ අරගන ඊලග දවසේ උඩුගම ගිහින් කලාප කාර්යාලෙන් සීල් එක ගහල සහතික කර ගත්ත. පාඩම් කරන්න තිබ්බ දවස් දෙකක් නිකම්ම ඉවර උනා.
කොහොමහරි ඔක්කොම හදාගන විභාගේ පටන් දවසේ උදේ ස්කෝලෙට ගියාම මෙන්න සර් කෙනෙක් ගෙනත් දීපි ID එක , කලින් දවසේ ස්කෝලෙට ඇවිත් එක. මොනවා කියන්නද ඉතින් .

කොහොම හරි O  level  ලියල එකත් පාස් උනා කියමුකෝ උඩින්ම, දැන් මාත් ට්‍රයි කරා ගාල්ලේ ටවුන් එකේ ස්කෝලෙකට යන්න . ස්කොලෙකට apply කරනකොට පදිංචිය විදියට දැම්මේ තාත්තගේ යාලුවෙක්ගෙ ගෙදරක ඇඩ්රස් එකක් ගාල්ලේ ටවුන් එකේ,කොහොමත් අපේ ගෙදරට ලියුම් එන්නේ පරංගිය කෝට්ටේ ගියා වගේ නිසා. සතියක් දෙකක් ගියා ස්කොලත් පටන් ගත්තා මට කිසිම ලියුමක් ඇවිල්ලා නෑ ,මන් හැමදාම අර ගෙදරට කෝල් කරනවා බැරිම තැන අපේ අක්කත් එක්ක ගියා එක ස්කෝලෙකට , හ්ම්ම් ගියාම දැනගත්තේ අර ගෙදරින් මට දීපු ඇඩ්රස් එකේ එක අංකයක් අඩුයි ඉතින් මට ස්කොලෙන් යවපු ලියුම් රිටර්න් ඇවිල්ල එතකොට ස්කොලවල් වල AL වලට ඉන්ටව් ඉවර වෙලත් එක්ක. මගේ ස්කොල සිහිනය එහෙමම බොඳ වෙලා ගියා. අපිට උදව් කරන්න කියල වත් කෙනෙක් කොහෙන්ද, එදා රෑ නම් මට එලි වෙනකම් ඇඩුනා .
පස්සෙන්ද අක්ක මාව  එක්ක ගිහින් පරණ ස්කොලේටම බාර දුන්න.
එකෙත් පොඩි රස සිද්දියක් උනා. මං AL පන්තියට යනකොට පන්ති පටන් අරන් ටික දවසක් , අලුත් මිස් කෙනෙක් Physics උගන්නනවා. මං ගිහින් පන්තියෙන් වාඩි උනා විතරයි මිස් කියපි අලුත් ළමයට රැග් කරනවා එහෙම නෙවෙයි කියල , අපේ උන් හිනා වෙනවා බඩ අල්ලගන. මිස් දන්නේ කොහොමද ඉතින් මං මේ ස්කොලේම ගිහිපු එකෙක් කියල.

මං හිතුවේ එතනින් පස්සේ මගෙත් එක්ක තැපෑලට තිබුන විරසකේ ඉවරයි කියලා. කාලයක් යනකම් මට කිසිම ඇබැද්දියක් සිද්ධ නොවුන හින්ද. එත් කොහෙද වෙන රටකට ඇවිල්ලත් තාමත් මට පෙර කරුමේ ගෙවිල ඉවර නෑ . යාලුවෙක් නෑදෑයෙක් නැති මේ රටට රස්සාවට ආවේ ආසාවට උනත් පොඩි බයකුත් තිබුනේ නැත්තෙත් නෑ. පරණ බොස්ගෙ උදව්ව විතරයි තිබුනේ, ඇවිල්ල ඉන්න තැනක් තාවකාලිකව සෙට් කරලා දුන්න යන්තම් බොස් , මෙහෙදී ඉස්සෙලම අපිට රෙජිස්ටඩ් ඇඩ්රස් එකක් හදා ගන්න ඕන, යන්තම් වැඳලා වගේ කොම්පැනියෙන් ලියුමක් ගත්තේ පදිංචිය තහවුරු කරලා, එක දීල Komune ඒ කියන්නේ මෙහෙ නගර සභාවේ ලියාපදිංචි උනා කියමුකෝ. මට එතන ඉන්න පුළුවන් මාසයක් විතරයි , දැන් මාසෙත් ඉවර උනා කොම්පැනියෙන් ගත්ත අලුත් කෑම්ප් එකට මටත් යන්න උනා වෙන ජර්මන් කාරයෙක් මන් හිටපු රූම් එකට ආවා. එත් මට තාම komune එකෙන් බැංකුවෙන් එන්න ඕන කිසිම ලියුමක් ආවේ නෑ.
බැංකුවට komune එකට කතා කරාමඑයාලා දෙවෙනි සැරේටත් මට ඒ ඩොකියුමන්ට් ටික පොස්ට් කරා. පොස්ට් එකේදී මිස් වෙලා කියලා හිතල. අපරාදේ කියන්නේ ඒවත් මට අවේ නෑ . මන් කර කියා ගන්න දෙයක් නැතුව හිටියේ ඒ දවස් ටිකනම්.පඩිය බැංකුවට වැටුනට සල්ලි ගන්න විදියක් නේ , අතේ  තිබුන සල්ලිත් ඉවර වේගන යනවා දැන්, ආපහු දමල ගහල ලංකාවට යන්නත් හිතුන.
කොහොම හරි මගේ අපල කාලයක් ගෙවිලද කොහෙද හිටපු ගමන් දවසක මනුස්සයෙක් මගේ මිසින් වෙච්ච ලියුම් ටික ඔක්කොම ඔෆිස් එකට ගෙනත් දීල තිබුන, මං හිටපු අපාට්මන්ට් එකේම වෙන රූම් එහෙකට තමයි අර ලියුම් ඔක්කොම ගිහින් තියෙන්නේ ඒ මනුස්සය සති ගානක් පිට ඉඳල රූම් එකට ආවම තමයි දැකල මගේ ලියුම් ටික ගෙනත් දීල තිබුනේ. මට ලියුම් ටික දැක්කම නිවන් ගියා වගේ.  මට ඉතින් හැම එකෙන්ම දෙක ගානේ තිබ්බා බෑන්ක් කාර්ඩ් දෙකක් ID දෙකක් ඇයි මට දෙවැනි සැරේටත් එයාල පොස්ට් කරනේ ඔක්කොම.

1 comment:

බාල්දු කථා

ලව් ලොක්

  මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...