කැන්ටර් තට්ටුවෙන් පානමට



අක්කරෙයිපත්තුවේ වැඩ කරන කාලේ නිවාඩු දවසක පානම යමු කියල කිව්වේ අපේ සමන්ත අයියා. එයාගේ කැන්ටර් ලොරියක් තිබුනා  අපේ සයිට් එකේ දුවපු . ගමනට අයිඩියල් වාහනෙත් ඒක තමයි. අපේ සෙට් එකට හිටිය 9ක් විතර ස්ටෝකිපර් සමන් , ඩ්‍රයිවර්ල  වෙච්ච සුරංග ,කුමාර, නුවන්  , ප්‍රේමේ , JCB කුමාරයි මාත් එක්ක වැඩකරපු මානවඩුත් එක්ක.

සමන්ත අයියා පානම හිටපු එයාගේ යාලුවෙකුට කලින්ම දැනුම් දීල තිබුනා අපි එන බව.
මැයි පළවෙනිදා හැමෝටම නිවාඩු නිසා අපි තීරණේ කරා එදාට ගමන යන්න , අපේ ප්ලෑන් එක උනේ කලින් දවසේ හවස පිටත් වෙලා නයිට් එක බීච් එකේ ගත කරන්න . ඒකනිසා අපි කලින් දවසේ ටිකක් කලින් වැඩ ඉවර කරලා හවස පිටත් වෙන්න ලෑස්ති උනා. සමන්ගේ කාමරේ තිබුන මෙට්ට ටික කැන්ටරේ පිටිපස්සේ දාල උයන පිහන බඩු ටිකයි තව ඕන කරන බඩුත් පටවගන පිටත් උනා. අපේ අත්‍යවශ්‍ය බාන්ඩෙත් ගන්න අමතක කරේ නෑ.

අපි පානමට යනකොට හොදටම කරුවලත් වැටිලා ,කෙලින්ම ගියේ අර යාළුවගේ ගෙදරට .අපි එන ආරංචියට කට්ටිය වැව් මාළු අල්ලලා වැඩේ ජයටම ලෑස්ති කරලා තිබුනා . පොඩි ජෙනරෙටරෙකුයි ලයිට් ටිකකුත් සෙට් කරගන තිබුනා අපිට ඕනෑවටත් වඩා ඉතින් .
ඔය ටිකත් දාගන එහේ හිටපු කීප දෙනෙකුත් එක්ක අපි ගියා පානම බීච් එකට . බීච් එක කිට්ටුව මනුස්ස වාසයක් නෑ පලාතක, යන්න තියෙන්නෙත් කනත්ත මැදින්. අපිට ඉතින් ඕවා මොනවද තව හොඳ මිසක් .



අපිට කරන්න දෙයක් තිබුනෙම නෑ ඇත්තටම පානම සමන්ත අයියගේ යාලුවෝ සියලු දේ කරා. දර හොයාගන ලිප් බැඳලා මාළු උයලා . බතකුත් ඉව්වා බීච් එකේම. මාළු ඉව්වේ එයාලගේ ක්‍රමේකට අමු දිවුල් කිරි එහෙම දාල. සුපිරි. කට්ටිය හොදට සප්පායම් වෙලා සින්දුවක් එහෙම කියලා  නිදාගන්න කොට වෙලාවක් නම් මතක නෑ , ලොරි තට්ටුවේ මෙට්ට උඩ මුදු හුළඟ වැදී වැදී සැපට නින්ද ගියා. කොහේ හිටියත් ඉස්සර වෙලාම ඇහැරෙන්නේ මටනේ.උදේ පාන්දර බීච් එකේ  ඒවගේ අත්දැකීමක් අයේ නම් ලැබෙන එකක් නෑ.
 කලපුවට බැහැල මුණ කට හෝදගන ඉතුරු වෙච්ච ඒවගෙන් උදේ කෑමත් සප්පායම් වෙච්ච් අපි ඊළගට ගියේ පානම වැව ගාවට.





කට්ටියක් වැවට පැනල නාන අතරේ අනිත් කට්ටිය දවල්ට කන්න උයන්න ලේස්ති කරා .වැවේ  මාළු අල්ලපු මනුස්සයෙක්ගෙන් මාළු ටිකකුත් අරගත්තා. ලොකුම ප්‍රශ්නේ උනේ අපි ගෙනාපු අහවල් ජාතිය ඉවර වෙච්ච් එක. පානම යාලුවෝන්ට  කලාතුරකින් සෙට් වෙච්ච් නිසා අපි ගෙනියපු විස්කි බෝතල් 5න් 4ක්ම රෑ ඉවර වෙලා. බයිසිකලයක් තිබුන යාලුවෙක් බාරගත්තා පානමට ගිහින් බඩු අරන් එන්න. මොනාව කරන්නද එහෙ තියෙන්නේ නම් නමක් ගමක් අහලා නැති ජාති තමයි. වෙලාවේ හැටියට ඇල්වතුර හරි කමක් නෑ  වැඩේ වෙනවා නම්.



වැව ගාවත් සුපිරි තැනක් පොඩි ගෙයකුත් තියනවා අත් ඇරලා දාපු, රැයක් ඉන්න උනත් පුළුවන් කියලා මන් අපේ කට්ටියට කිව්වට එහේ මෙහේ යනකොට දැකපු අලි බෙටි නිසා ඒ කතාව ඉල්ලා අස් කරගන්න සිද්ධ උනා.






වැව ගාවත් දවල්ට කාලා අපි යන්න ලේස්ති උනාට පානම යාලුවොන්ගෙන් බේරෙන්න බැරි උනා එදා රෑත් වැව ගාව ඉඳල යමු කියල. එත් වැඩ රාජකාරිත් එක්ක අපිට ඒක කරන්න විදියක් තිබුනේ නෑ . අයෙත් දවසක එන්න පොරොන්දු වෙලා හවස් වෙන්න කලින් අපි අපේ නවාතැන වෙච්ච අක්කරපත්තුවට ආවා. කවදාවත් අමතක වෙන්නේ නැත්තේ අර පානම මිනිස්සුන්ගේ තිබුන අව්‍යාජ ලෙන්ගතුකම. එයාලගේ මහන්සියට අපි දීපු කිසිම මුදලක් බාරගත්තේ නෑ . අයෙත් ඇවිල්ල යන්න කියන ඉල්ලීම විතරයි තිබුනේ.



No comments:

Post a Comment

බාල්දු කථා

ලව් ලොක්

  මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...