අම්පාර , කන්තලේ

වව්නියාවේ ඉඳල ඇවිත් ගෙදර ගිහින් ටික දවසක් ඉඳල මං ආපහු ආවා අම්පාරේ යන්න , කොළඹට ඇවිල්ල කොළඹින් අම්පාර බස් එකක් ගත්තා උදේ පාන්දරින්ම , අම්පාර කිව්වට මට යන්න තිබුනේ අක්කරපත්තුවට , ජීවිතේටම ගිහිල්ල නැති පලාතක්, අම්පාරේ ඉඳලත් කිලෝමීටර් 30ක් විතර යන්න තිබුන . අවුරුද්දට තව සතියයි තිබුනේ පරණ කොම්පැනියෙන් පඩි හම්බුනෙත් නෑ අලුත් එකෙන් පඩියක්  ගන්න තරම් කාලෙකුත් නෑ , අතේ සතයක් නෑ , පරණ කොම්පැනියට කතා කරාම කොළඹ එන්න කිව්වා පඩි ගන්න ,වෙනද වගේ අකවුන්ට් එකට දාන්න බැරි නම් මට ඕනෑම නෑ කියල හිතුන උන් ගාවට ගිහින් බාල්දු වෙන්න, 
ඒ අවුරුදද මගේ ජිවිතේ කාලකන්නිම එක වුනා, ජොබ් එකක් කරලත් අම්මට තාත්තට කිසිම දෙයක් අරන්දෙන්න පුළුවන් කමක් තිබුනේ නැති, කාගෙන්වත් ණයට  ඉල්ලලා මට පුරුද්දකුත් තිබුනේ නෑ කොච්චර නැති බැරි උනත්.
මට ඒ දේ කරපු සියලු දෙනාට ස්වභාව ධර්මයෙන් දඬුවම් හම්බුනා පස්සේදී . 

අම්බලන්ගොඩින් අම්පාරට බස් එකක් තිබුන නිසා පස්සේ යන්න එන්න මං  ඒ බස් එක තෝර ගත්තා . අම්බලන්ගොඩින් ප්‍රයිවට් බස් එකකුත් ලංගම බස් එකකුත් තිබුනා .  දෙකම තිබුනේ හවස 6න්  පස්සේ 
, අම්පාරට යන්නේ පාන්දර 2ත් 3ත් අතරේදී. ඒ වෙන කොට යුද්ධේ ඉවර වෙලා තිබුනට චෙක් පොයින්ට් තිබුනා , මහා රෑ  නැගිටලා බෑග්  එකත් උස්සගන චෙක් පොයින්ට් වලදී බැහැල යන්න වෙනවා අඩුම 3න් පලකදිවත් අම්පාරට යන ගමන්. 
ඒ යන වෙලාවට අම්පාරෙන් අක්කරපත්තුවට යන්න බස් ඇත්තේ නෑ පලවෙනි බස් එක තිබුනේ පාන්දර පහමාරට , එතකම් ඉතින් බෑග් එක ඔලුවට තියාගන සිමෙන්ති බැංකුවක ඇලවෙලා ඉන්නවා. 
සාමාන්‍ය වෙලාවට ඒ බස් එක යන්නේ ඉරක්කාමම් හරහා එත් පාන්දර බස් එක යන්නේ කාරතිව් නින්දවූර් හරහා. එක දවසක් එහෙම යන ගමන් උදේ පාන්දර බස් එක නවත්තන් ඉන්නවා පාරේ මැද සමන්තුරෙයි හරියේදී  , මාත් නිදිමතේ ඔලුව එලියට දාල බැලුව මොකද කියල නවත්තන් ඉන්නේ, අලි සීයක විතර රංචුවක් පාර මාරු වෙනවා,  ඒ වෙලාවට බෝඩිමට ගිහින් මුණ හෝදගන ආපහු වැඩට එන්න වෙනවා. පය 12කට වඩා බස් එකේ ඇවිල්ල එදා දවස ගෙවා ගන්නේ මාර අමාරුවෙන්. මාසෙට දවස් 4ක නිවාඩුව බේර ගන්නේ ඔහොම දවල් රෑ නැතුව බස් වල ගිහිල්ල තමයි, 
 ආපහු නිවාඩුවට ගෙදර යන දවසටත්  එහෙමම තමයි  , අම්පාරෙන් හවස 6ට බස් එක තියෙන්නේ , කෝල් කරලා ෂිට් එකක් බුක් කරගත්තේ නැත්තම් සැහෙන්න දුරක් හිටගන යන්න වෙනවා, හුගක් දවසට කෝල් කරනකොටත් ෂිට් ඉවරයි, එක සැරයක් අම්පාරෙන් ඉඳන් මාතරට වෙනකම් හිටගන එන්න වුනා වෙසක් පෝයට ගෙදර එන්න ඇවිත්, 
බස් එක අම්බලන්ගොඩට එන්නෙත් පාන්දර 2ට විතර, ඒ වෙලාවටත් බස් එකක් නෑ ඇල්පිටියට යන්න , ගාල්ලෙන් බහින්නේත් නෑ මං ගාල්ලේ ස්ටෑන්ඩ් එකේ තනියම ඉන්න ටිකක් බයකුත් නිසා,  ප්‍රයිවෙට් බස් එක නම් ඇල්පිටියටම ගියා . එතනට ගෙදරින් කව්රු හරි බයික්  එකෙන් ගෙන්න ගන  තමයි ගෙදර ගියේ, 

අක්කරපත්තුවෙන් පස්සේ මට යන්න වුනේ කන්තලේට, කන්තලේ යන්න එන්නත් වැඩිපුර පාවිච්චි කරේ තංගල්ල ත්‍රිකුණාමලේ බස් එක,ගෙදර ඉඳන්  යනකොට ගාල්ලෙන් නගින නිසා වාඩිවෙන්න හම්බු වෙන්නේ මගදී නැත්තම් කොළඹදී. එන වෙලාවටත් කන්තලෙන් නගින නිසා වැඩි වෙන්න හම්බු වෙන්නේ දඹුල්ලේදී හුගක් වෙලාවට. එක දවසක් මං  ගෙදර ඉඳන් කන්තලේ ගියා, එදා  මට කතාකරා උමාඔය ප්‍රොජෙක්ට් එකේ ඉන්ටව් එකකට එන්න කියල පහු වෙනිදට, මන් ඒ වෙනකොට ඉන්න තැනින් අයින්වෙන්න රෙසිග්නේෂන් දීල තිබුනේ, එක නිසා පහුවෙනිදට නිවාඩුවක් දාල පිටත් වුනා වැල්ලවායට යන්න . ඒ දවස් වල මගේ යාලුවෙක් වැඩකරා බුත්තල , එයාට කතාකරලා එයාලගේ බෝඩිමේ ඉන්නත් කතාකරගන කොළඹට ගියා , එතනින් අයෙත් මොණරාගල බස් එකක් අරගන එළිවෙනකොට බුත්තලට ගියා , යාළුවගේ බෝඩිමට ගිහින් ටිකක් නිදාගන උදේ ලෑස්ති වෙලා සයිට් එක තිබුන කරඳගොල්ලට ගියා, එදා ඉන්ටව් එකට ඉඳල ආපහු ආවා කොළඹ , එතනින් බණ්ඩාරවෙලට ඇවිත් බණ්ඩාරවෙලින් කොළඹ බස් එකක් අරගන. දවස් දෙකක් ඇතුලේ මන් කිලෝමීටර් දාහකට වඩා බස් වල ගිහින් තිබුන, අයෙත් කන්තලේ යන්න පුළුවන් කම තිබුනේ නෑ එදාම මහන්සියට. එදා රත්මලානේ අක්කලාගේ ගෙදර ඉඳල පහුවදා තමයි ආපහු ගියේ, අතන ජොබ් එකත් මට හරිගියේ නෑ.
















නුවර එලිය


ස්කොලේ කාලේදී ස්කොලෙන් ගිහිපු හුඟක් ට්‍රිප් වලට මට යන්න පුළුවන් කමක් නැති වුන නිසා මන් ලංකාවේ හුඟක් තැන්වල ඇවිදලා තිබුනේ  නෑ ඉස්කෝලෙන් අවුට් වෙනකම්. එකටත් හරියන්නද කොහෙද රස්සාවට ගියාට පස්සේ මට ලංකාව වටේ යන්න අවස්තාව හම්බුනේ.
මුලින්ම දුරකට කියල මට යන්න වුනේ නුවර එලියට, හැමෝම ට්‍රිප් එකක් විදියට යන්න ආසාවෙන් හිටියට  ජොබ් එහෙකට ගිහින් ඉන්න ටිකක් අදිමදි කරනවා. මොකද එහෙම කියන්නේ  අපේ කොම්පැනියෙන් එහෙට යවපු කීපදෙනෙක්ම දවස් කීපෙකින් ආපහු පැදුරටත් නොකිය ආව නිසා. 
මුලින්ම යනකොට නම් මාව කොම්පැනියේ වාහනෙකින් නුවර එලියට එක්කන් ගියා , මුල් දවස් කීපය අපේ ක්ලයන්ට්ගේ ක්වාටස් එහෙක ඉන්න පුළුවන් වුනා තැනක් හොයාගන්න කම්. හදිස්සියේම දවසක් හවස මට එතනින් එලියට බහින්න වුනා ක්ලයන්ට්ගේ නෑයෙක් ඒකට කඩන්පාත් වුන නිසා. යන්න කියල තැනක් තිබ්බෙත් නෑ බඩු ටිකත් අරන් ස්ටෑන්ඩ් එකට ආවා හොටෙල් රූම් එකක්වත් හොයාගන්න. ටවුන් එකේ නයිට් ත්‍රී වීල් එකක් දුවන හැරල්ඩ් කියල අයියා කෙනෙක් තමයි මට පිහිට වුනේ එයා දන්නා හොටෙල් එහෙක අඩුවට රූම් එකක් හොයල දුන්න එදා රෑ ඉන්න. 
නුවර එළියේ ගෙවල් වල හුඟක් අය කැමති නෑ රූම් එකක් මාස ගානකට දෙන්න මොකද ඊට වැඩිය ගානක් වීක් එන්ඩ් එකේදී එයාලට හොයාගන්න පුළුවන් නිසා, තැන කීපයක්ම බලලා අන්තිමට මට සෙට් වුනේ හාවා එළියේ ගෙදරක් ගාන ටිකක් සැර වුනාට හොඳ තැනක් .  ටිකක් විතර කන්දක  ගේ  තිබුනේ, එලියට බැස්සම නුවර එළියේ හොස්පිටල් එක පිටි පස්සේ තියන කන්දේ පුංචි දිය ඇල්ලකුත් පේනවා, බෝඩිමේ ඉඳලා ටවුන් එකට පයින් යන දුරකට ටිකක් වැඩියි දුරක් තිබුනේ වැඩිපුර ගියේ බස් එකේම තමයි. උදේට රාගල උඩපුස්සල්ලාව බස් එන්නේ කට කපල , මාත් යන්තම් එල්ලිලා යනවා ටවුන් එකට යනකම්. පාර්ක් එක ඉස්සරහ හෝල්ට් එකෙන් බැහැල එතනින් පයින් ගියා ග්ලේන් ෆෝල් රෝඩ් එකේ තිබුන සයිට් එකට, හවසට නම් ස්ටෑන්ඩ් එකටම ගිහින් බස් එකක් ගත්තේ. 
නිවාඩුවට ගෙදර යන එන එක ටිකක් කරදර වැඩක් කොළඹට ගිහින් එතනින් යන්න වෙන්නේ , වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා හුඟක් වෙලාවට මං  ආවා ඊයේ රෑ බස් වල , හවස නුවර එළියෙන් බස් එකේ නැග්ගම මහා පාන්දර කොළඹට එන්නේ  පිට කොටුවෙන් තංගල්ල කතරගම බස් එහෙක ආයෙත් නැගල ගාල්ලට එනවා , ගාල්ලෙන් තියන පලවෙනි උඩුගම හරි දෙල්ලව හරි බස් එකේ නැගල  ගෙදර යනකොට කොහොමත් අට නාමය වෙනවා පැය දොළහක්  විතර බස් වලම ඇවිල්ලා, 
ආපහු යනකොටත් ගෙදරින් කොළඹට යන්න පුළුවන් අන්තිම බස් එකේ යන්නේ රෑ අට නමය වෙන්න විතර කොළඹට , එහෙම යනකොට නුවර එලියට එන්න වෙන්නේ එත් පාන්දර කොළඹින් එනකොට ජැකට් ස්වීටර් ඇඳන් එන්නේ නැහැනේ, බස් එකෙන් බහිනකොට ඇටකටුත් එක්ක හීතල වෙනවා, නයිට් පාර්ක් එකේ හිටපු හැරල්ඩ් අයියට මං එනකොට මගදී කෝල් එකක් දීලම එන්නේ මං අහවල් බස් එකේ එනවා කියල, මන් නැවතිලා හිටපු ගෙදරත් එක්කත් එයාට සම්බන්දයක් තිබුණා , කලින් ඒ ගෙදර වෑන් එහෙක එයා වැඩකරලා තිබුන නිසා, 


බෝඩිමට ගිහින් පැය දෙකක් තුනක් නිදාගන උදේ  වැඩටත් ගියා මං, නුවර එලිය කොළඹ හුඟක් බස් තිබුනේ RAD රාජගිරිය කියල කෙනෙක්ට , මට හොඳට මතකයි හැම බස් එකකම ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයාගේ ෆොටෝ එකක් එක්ක දැන්වීමක් ගහල තිබුන රණවිරුවන්ට ප්‍රවාහනය නොමිලේ කියල, හුඟක්  තිබුනේ TATA බස් , ලබු කැලේ හරියේ වංගු ටික කරකවනකොට අපෙත් ඔලුව කැරකෙනවා . ටිකක් සැප පහසුවට යන්න තිබුනේ වැලිමඩ ඉඳන් එන වෑමුල්ල කියන බස් එක , අර TATA බස් වල යනවට වඩා නම් දාහෙන් සම්පතයි ඒ බස් එක, 




 






තලවකැලේ දෙහිඅත්තකන්ඩිය වව්නියාව

 
නුවර එළියෙන්  පස්සේ මට දුරකට යන්න යන්න වුනේ අයෙත් තලවකැලේට , අලුත් කොම්පැනියක අලුත් ජොබ් එකකට මුලින්ම තලවකැලේට ආවේ මං කෝච්චියෙන් තව යාලුවෙක් එක්ක , උදේ 5ට කොළඹින් පිටත් වෙලා දවල් 1 විතර වෙනකොට තලවකැලේට ආවේ. අපි නැවතුනේ ඉහල කොත්මලේ ප්‍රොජෙක්ට් එකෙන් අලුතෙන් හදපු ගෙදරක, නුවර එලිය තරම් සීතලක් තිබුනේ නැති වුනාට , නුවර එළියේ තරම් පහසුකම් තිබුනේ නෑ . 
පොඩි සයිට් එකක් නිසා අපි දෙන්නට ඔක්කොම වැඩ ටික බලාගන්න වුනා , මන් තමයි අකවුන්ට්ස් HR වැඩ ටික බැලුවෙත්. සයිට් එකේ වියදමට සල්ලි දුන්නේ දවස ගානේ කොම්පැනියෙන්  , සල්ලි දැම්මේ මගේ අකවුන්ට් එකට ,මගේ අකවුන්ට් එක තිබුනේ කොමෂල් බැංකුවේ , තලවකැලේ එදවස් වල කොමෂල් බැංකුවක් තිබුනේ නැති නිසා මට දවස ගානේ හැටන් වලට යන්න වුනා සල්ලි ගෙන්න , නුවර එලිය හැටන් බස් නෝමල් බස් තලවකැලේ ඉඳන් හැටන් වලට පැයකට වඩා  යනවා ,AC බස්  විනාඩි හතලිහකින්  වගේ යනවා , AC කිව්වට ඒවා හයියෙන් යනවා විතරයි අමුතුවෙන් AC දාන්න දෙයක් නැනේ වීදුරු ඇරගන යන්න විතරයි ඕන. 
ගෙදර යන්න එන්නත් ඉතින් පරණ ක්‍රමේම තමයි මං පාවිච්චි කරේ, කෝච්චියේ පැය හතක්  විතර යන එක බස්  එකේ පැය පහකින්  විතර යන්න පුළුවන් . තලවකැලේ කොළඹ බස් තිබුනේ CTB විතරයි, මන් ගියේම කොළඹින් රෑ දහයට තියන බස් එකේ  ඒක තලවකැලේට එන්නේ පාන්දර 3ට විතර , ගොඩක් වෙලාවට හැටන් වලින් එහාට යන්න ඉන්නේ මාත් තව කීපදෙනෙකුත් විතරයි. AC එකක් විනාඩි 40ක් යන දුර අර CTB එක විනාඩි 20 කින් වගේ යන්නේ, ඒ දවස් වල හැටන් ඉදන් නුවරඑලියට පාර කාපට් කරලා  තිබුනේ නෑ ,සුද්දගේ කාලේ හදපු එකද කොහෙද තිබුනේ . බස් එකේ තියන හැම හිලකින්ම හීතල හුළඟ විදිනවා හරියට කොම්ප්‍රෙෂර් එහෙකින් වගේ අර යන ස්පීඩ් එකට. මරු විකාරෙන් වගේ ඩ්‍රයිවර් යන්නේ . වංගු වලදී අපි ෂීට් එකේ ඒ කොනේ මේ කොනේ වදිනවා , CTB වල ෂටර් එකේ තියන අල්ලන කෑල්ල ඔලුවේ කන ගාව වදිනවා හෙන ගහන්න වගේ ,අපිත් නිදිමතෙනේ ඉන්නේ, 

තලවකැලේ ඉඳන් මට හදිසි මාරුවක් හම්බු වෙනවා දෙහිඅත්තකන්ඩියට , එතකොට මං ඒක ලංකාවේ  කොහෙද තියෙන්නේ කියලවත් දැනගන හිටියේ නෑ, කොහොම හරි මට කිව්වා බදුල්ලට යන්න එහෙන් බස් තියනවා කියල, තලවකැලේ ඉඳන්  බදුල්ලට යන්නත්  ලේසි නෑ , නුවර එලියට ගිහින් වැලිමඩට ගිහින් එහෙන් බදුල්ල බස් එකක් ගන්න ඕන , මගේ වෙලාවට හැටන් වලින් තිබුනා කතරගම බස් එකක් එකෙන් මට කෙලින්ම කුඹල් වෙල හන්දියටම යන්න පුළුවන් , ඒ කියන්නේ බණ්ඩාරවෙල බදුල්ල පාරෙන් ඇල්ල පාරට හරවන තැන . මං එකේ ගිහින් කුඹල් වෙලින් බැහැල එතනින් බදුල්ලට ගියා , යනකොට එක බස් එකක් තිබුනා දෙහිඅත්තකන්ඩියට , මං හිතන්නේ මං විතරයි කෙලින්ම දෙහිඅත්තකන්ඩියට ටිකට් එකක් ගත්තේ ඒ බස් එකේ . හවස දෙකට විතර පිටත් වුන බස් එක දෙහිඅත්තකන්ඩියට ගියේ රෑ අටට විතර . බදුල්ලෙන් නැගපු මිනිස්සු ඔක්කොම වගේ ඊළඟ ටවුන් එකෙන් බැස්ස අයෙත් ලෝඩ් වෙනවා ඒ මිනිස්සුත් ඊළඟ ටවුන් එකෙන් බහිනවා ඔයවගේ හත් අට සැරයක් මිනිස්සු නැගල බැස්ස යනකම්.  මීගහ කිවුල , තල්දෙන, මාපාකඩ වැව , කන්ද කැටිය, මහියංගනය , බතලයාය , ගිරාඳුරු කෝට්ටේ, සඳුන් පුර  ඒ තිබුන ටවුන් , හංදි  කීපයක් . 
 ඒ දවස් වල අපේ මස්සිනා ඇල්පිටිය ඩිපෝවේ බදුල්ල බස් එකේ වැඩ කරපු නිසා මං ටික කාලයක් එයත් එක්කම එයා උදේ වැඩට යනගමන් ඇල්පිටියට ගිහින් එයත් එක්ක නොමිලේ බදුල්ලට ගිහින් අර බස් එකේ කීප සැරයක් ගියා , උදේ 4 ඉදන් රෑ 8 වෙනකම් බස් එකේම යන එන මට තිත්ත වුනා ඉක්මනටම. පස්සේ මං මගේ පුරුදු රෑ චාරිකාව තෝර ගත්තා දෙහිඅත්ත කණ්ඩියේ යන්නත් කොළඹ හරහා . 
දෙහිඅත්ත කණ්ඩිය  බස් එකත් තිබුනේ රෑ  10ට පිටකොටුවෙන් මං ගෙදරින් කොළඹට රෑ වෙන්න ඇවිල්ල 10 බස් එක අල්ල ගත්ත. ඒ දවස් වල දෙහිඅත්ත කණ්ඩිය ප්‍රයිවෙට් බස් ඔක්කොම එකම විදියට පේන්ට් කරලා තිබුනේ ඕන තැනකදී අඳුරගන්න පුළුවන් ඒ බස් එකක් තැඹිලි පාට ඉරි වගයක් ගහල තිබුනා, 

බස් එක යන්නේ පොලොන්නරුව හරහා, පැය 6ක් විතර යනවා රෑට යද්දී , ඒවත් අර වගේ තමයි මනම්පිටියේ මඩකලපු හංදියෙන් හැරෙව්වට පස්සේ යන්නේ විදලා, රෑට වෙන වාහනත් නෑ කෙලින් පාර නිසා ඩ්‍රයිවර්ට තියෙන්නේ අක්සලේටරේට කකුල තියාගන ඉන්න විතරයි, එතකොට මං සිද්ධිය දන්නා නිසා බෑග්  එකේ පත්තර කොළ ටිකක් දාගන යන්නේ හුලං විදින ගුල් වලට ඔබන්න.

රෑ 10ට කොළඹින් යන බස් එක දෙහිඅත්තකන්ඩියට යන්නේ උදේ 4ට ,එහෙදිත් ඉතින් මං බෝඩිමට ගිහින් පැය 2ක් විතර නිදාගන උදේට වැඩට යනවා.

ඔය ඉන්න අතරේ මට ආයෙත් මාරුවක් හම්බු වෙනවා වව්නියාවට , ඒ වෙනකොටත් මට ජොබ් එක එපා වෙලා තිබුනේ , මාස 2කින් පඩි හම්බුවෙලත් තිබුනේ නෑ . අපේ PM හිටියේ අපේ සීනියර් අයිය කෙනෙක් නිසා එයත්  යන නිසාත් මං කැමති වුනා එහෙට යන්න තාවකාලිකව, අපේ සයිට් එකේ තිබුන වෑන්  එකෙන් තව වැඩ කරන මනුස්සයෙකුත් දාගන අපි වව්නියාවට ගියා, 
නවතින්න තිබුනේ වව්නියාවේ ටෝනිගල කියන හරියේ ගෙදරක. සයිට් දෙකක් තිබුනා එකක් මඩුකන්දේ අනිත් එක නම්පන්කුම් කියන හරියේ, චමරියක් තිබුනේ මඩුකන්දේ සයිට් එකේ මට වැඩ කරන්න වුනේ නම්පන්කුලම් සයිට් එකේ, උදේට මඩුකන්දට ගිහින් කාල ආපහු නම්පන්කුම් යන්න ඕන, එතන ඇලක් හදන්න තිබුනේ , ඔෆිස් එකක් තියා වැස්සට ඉන්නවත් තැනක් නෑ , මං  ඒ වෙනකොට වෙන කොම්පැනියකට ඇප්ලයි කරලා තිබුනේ. ඒ අතරේම මට ඒකෙන්  ඉන්ටව් එන්න කියලත් කිව්වා , ඒ වෙනකොට නම් මට හොඳටම ඇති වෙලා හිටපු නිසා ජොබ් එක , මං දවසක් නිවාඩු ඉල්ලගත්තා කොළඹ ගිහින් එන්න .
අපේ බෝඩිම තිබුනේ වව්නියාව ස්ටේෂන් එකට ටිකක් කිට්ටුව වාහනෙන් ආපු ගිහිපු නිසා මට එච්චර මතකයක් තිබුනේ නෑ දුර ගැන , රෑ දහයට වව්නියාවෙන් යන කෝච්චිය අල්ල ගන්න මං පයින්ම බෝඩිමෙන් පිටත් වුනා පයින්ම , ටික දුරක් ගියාම රේල් පාර හම්බුවෙනවා ඒක දිගේ උඩහට යන්න තියෙන්නේ ස්ටේෂන් එකට . ඒ දවස් වල කෝච්චි  ගියේ වව්නියාවට විතරයි,  එකෙන් ෂිට් එකක් අල්ල ගන්න එච්චර අවුලක් තිබුනේ නෑ , පයින් යන්න පටන් ගත්තට ටික දුරක් යනකොට තමයි මට තේරුනේ මං හිතුවට වඩා දුරයි කියල රේල් පාරේ එච්චර හයියෙන් ඇවිදින්නත් බෑ , දැන් වෙලාවත් කිට්ටුයි 10ට , මගේ කකුල් දෙක පනත් නෑ වගේ , වටේ පිටේ බල්ලොත් එලවන්න ගත්ත මාව , යාන්තම්  කෝච්චිය අදින්න කලින් යාගන්න පුළුවන් වුනා ස්ටේෂන් එකට, 
ඉන්ටව් එක ඉවර වෙලා ආපහු ආවේ  බස් එකේ පිට කොටුවෙන් වව්නියාව බස් ඕන වෙලාවක තියනවනේ, වව්නියාවට එනකොට රෑ වුනා ටිකක්, බස් ස්ටෑන්ඩ් එකේ ඉඳල බෝඩිමට ටිකක් දුර නිසා මං ත්‍රීවිල් එකක් ගත්තා යන්න , මතක විදියට ඩ්‍රයිවර්ට කියා කියා එක්කන් ගියා බෝඩිමට , ගියාට මට බෝඩිම තියන තැන හරියට මතක නෑ රෑ ත් නිසා හොයාගන්න අමාරුයි. රවුම් කීපයක් ගියාට පස්සේ බැරිම තැන අපේ ලොක්කට ඇහැරවල කෝල් එකක් අරගන ඩ්‍රයිවර්ට දුන්න තැන අහගන්න . අපි බලනකොට බෝඩිම ඉස්සරහින්ම කීප සැරයක් ගිහිල්ලා , හිතාගන්න බෑ තාප්ප එක්ක එකම විදියයි ගෙවල්. 
ඉන්ටව් එකෙන් මට එතන  ජොබ් එකට එන්න කියල කිව්වා  පුළුවන් තරම් ඉක්මනට ජොබ් එක තිබුනේ අම්පාරේ . මට මෙතන ඇති වෙලා තිබුන නිසා මාත් කැමති වුනා ඉක්මනට ජොයින් වෙන්න. 
එතකොට ඒ අප්‍රේල් මාසේ මුල, මාර්තු පෙබරවාරි පඩි දෙකම හම්බු වෙලා තිබුනෙත් නෑ , මං මගේ අවුරුදු  නිවාඩුව කලින් ඉල්ලා ගත්තා. ගෙදර ගිහින් එන්න අලුත් ජොබ්  එකට යන්න කලින්, රිසයින් දිදී ඉන්න වෙලාවක් තිබුනෙත් නෑ , 
මගේ සමහර බඩු තාම දෙහිඅත්ත කණ්ඩියේ යන්න කලින් එහෙට යන්නත් වෙනවා , මං  ඉන්නේ වව්නියාවේ, වැඩට යන එන ගමන් බැලුව යන්න ලේසි විදියක් , මන් දැක්ක බණ්ඩාරවෙල බස් එකක් තියනව ස්ටෑන්ඩ් එකේ මහියංගනේ හරහා යන, මෙහෙ තිබුන මගේ බඩු ටිකත් බෑග්  එකට දාගන ලොක්කට ගෙදර ගිහින් එන්නම් කියල මං ආයුබෝවන් කිව්වා වව්නියාවට. බණ්ඩාරවෙල බස් එක ගියේ අමුතුම පාරක වව්නියාව , මැදවච්චිය , අනුරාධපුර , දඹුල්ල , බකමුණ ඇලහැර හෙට්ටිපොල හරහා ගියේ, සමහර පාරවල් තාර දාපුවත් නැති ඒවා, කුඹුරු මැදින් එකෙන් ඇවිල්ල මන් මහියංගනෙට කලින් තියන බතලයාය හංදියෙන් බැහැගන දෙහිඅත්තකන්දියට යාගත්තා. 
එතන තිබුන මගේ ඉතුරු බඩු බෑග් එකට දාගත්ත මං ආපුහු එදා රෑම කොළඹ ආවා . 








බොහීමියාවේ අපකීර්තියක්


ෂර්ලොක් හෝම්ස්ට අනුව නම්  ඇය තමයි කාන්තාවන්ගේ ප්‍රතිමුර්ථය . ඔහු වෙනත් නමකින් ඇය ගැන සඳහන් කිරීම මා අසා ඇත්තේ කලාතුරකිනි. ඔහුගේ දැක්මට අනුව නම් ඇගේ නාරි ලාලිත්‍ය සඳෙන් මුවා  වුනු හිරුමෙන් දිදුලනවා.
හොල්ම්ස් තුල  අයිරින් ඇඩ්ලර්  කෙරෙහි ඇති වුනු හැඟීම ආදරය මුසු වුණු එකක්ම නෙවෙන්නත් පුළුවන්. එකත් එකටම  ඔහුගේ සියලු භාවයන්  ඔහු විසින්ම මැඩපැවත්ත ගනු ලැබුවා මිදුණු හදවතකින්.
මට හැඟුණ විදියට නිරවද්‍ය හා ප්‍රශංසනීය ලෙස ඔහු ගැන කියනවා නම්  ඔහු තමයි ලෝකේ මම දැකපු හොඳම තාර්තිකයා සහ නිරීක්ෂකයා , නමුත් ආදරවන්තයෙක් ලෙස ඔහු ක්‍රියා කලේ ඔහුගේ  හදවතට එකගව  නොවන බව නම් කියන්න  ඕන . ඔහුගේ  මුවින් කෙදිනකවත් මෘදු අනුරාගික වදන් තෙපුලුවේ නැත. ඒ වෙනුවට අනෙකා කෝප ගන්වන්න සුළු වදනකින් හෝ අහිංසක මුවැත්තියක් ලෙසින් අවස්ථාවෙන් ගැලවී සිටියා.
මිනිසුන් තුල සැඟ වුනු  චේතනා සහ ක්‍රියාවන් උකහා ගැනීම මේ නිරීක්ෂකයාගේ හැකියාව නම් ප්‍රශංසනීයයි.
නමුත් මේ පුහුණු තාර්තිකයාට මෙවැනි අනුරාගී හැඟීම් ආක්‍රමණිකයන් ඔහුගේ සියුම් සහ මනාව සකසාගත් මානසික ස්වභාවයන් වියවුලට පත්කරනවා , එසේ නැත්තම් ඔහුගේ මනසේ තාර්තික නිගමන විචිකිචාවට කරවනවා .
හරියට කියනවා නම් සංවේදී උපකරණයකට වැටිච්චි වැලි කැටයක් වගේ නැත්තම් ඔහුගේ මානසික අධි බල උපනෙතෙහි ඇති වුනු පලුද්දකින් ඇති කරන අපැහිදිලි තාවයට වඩා ඔහුගේ මනස තුල ඇතිවෙන ව්‍යකුලත්වය  මෙවැනි ප්‍රබල අනුරාගී හැඟීමකින් වන බලපෑම වැඩි බව කිව යුතුයි
නමුත් එවැනි දෙයක් තිබුනා ,  හොල්ම්ස්ට නම්, ඒ  එකම එක කාන්තාවක් , ඒ අන් කිසිවක්  නොව නැසීගිය අයිරින් ඇඩ්ලර් පිලිබඳ අපැහිදිලි සහ ප්‍රශ්නකාරී මතකය.
මෑතකදී මට හොල්ම්ස් ව මුණගැහුනේ කලාතුරකින්, මගේ විවාහය මගින්   අප දෙදෙනාව තරමක් දුරට ඈත් කරා කීවොත් නිවැරදියි. මගේ ස්වකීය සන්තුස්ටියත් , මගේම අණසකට යටත් ගෘහයක ගෘහ මුලිකයා වටා ගොඩනැගෙන නොයෙකුත් වගකීමුත් නිසා  මගේ සම්පුරණ අවධානය  ඒ කෙරෙහි තබා ගැනීමට ප්‍රමාණවත් වුණා. මේ වන විට හොල්ම්ස් තම සුපුරුදු හුදෙකලා බොහිමියානු ජීවිතය බේකර් වීදියේ නවාතැනෙහි පොත් අතර ගිලෙමින් සහ සතියෙන් සතියට සුපුරුදු කොකේන් පානයෙන් හා  එයින් ඇතිවන නිද්‍රාශීලිත්වයේ ගිලෙමින් නමුත් සුපුරුදු තියුණු ස්වභාවයේ ජවය පවත්වා ගනිමින් සිටියා .
සැමදා සේම අපරාධ අධ්‍යයනය වෙත තදබල ලෙස ආකර්ෂණය වෙමින් සහ මෙම ගැට ගැසුණු නූල් බෝල වැනි අපරාධ සිද්ධීන් පසු පස හඹා යාමට  ඇති මහත් හැකියාවත් , සුවිශේෂී විභවයත් උපයෝගී කර ගනිමින් සහ පොලිස් දෙපාර්තුමේන්තුව විසින් නොවිසඳුණු අපරාධ ලෙස අත්හැර දැමු අභිරහස් විසඳමින් කල් ගත කරමින් සිටියා.
විටින් විට  ඔහු සම්බන්ද වූ  යම් යම් සිද්ධීන් පිලිබඳ දූසමාන ආරංචිත් මට අසන්නට ලැබුනා , ට්‍රේපොෆ් මරණයේ අභිරහස විසඳීම සඳහා ඉන්දියාවේ ඔඩිස්සාවට කැඳවීම හා ත්‍රිකුණාමලයේ ඇට්කින්සන් සහෝදරයන්ගේ සුවිශේෂී ඛේදවාචකය  ඒවායින් කිහිපයක් අවසාන වශයෙන් ඔහු සාර්ථකව ඉටුකළ ඕලන්දයේ රජ පවුල අති දක්ෂ ලෙස නැවත එකතු කිරීම සැලකිය හැකියි.
මම ඩේලි මේල් පුවත් පතේ මගේ පාඨකයන් සමග බෙදා හදාගත් ඔහුගේ මෙම ක්‍රියාකාරම්  වලින් ඔබ්බට මම මගේ පැරණි මිත්‍රයා සහ ඔහුගේ සහචරයන් පිලිබඳ අමතර යමක් දැනසිටියා.
  එක් රාත්‍රියකදී , ඒ එකදාස් අටසිය අසු අටේ මාර්තු විසි දෙවැනිදා මම රෝගියකු බැලීමට පිටත්ව ගොස් නැවත පැමිණෙමින්  සිටියදී (දැන්  මම නැවත සිවිල්  සේවයේ යෙදී සිටිමි) මගේ ගමන බේකර් වීදිය හරහා වැටි තිබුන නිසා
මට  මහත් පළපුරුදු සහ නිරන්තරයෙන්ම මගේ  හෘදයාංගම  සම්බන්ධයක් ඇතිත් ලෝහිත පරීක්ෂණයේ අඳුරු මතකයන් රැඳුනු  නිවැස්නක්  පසුකරමින් සිටියෙමි .
මගේ සිත  හොල්ම්ස් නැවත දැක ගැනීමේ  සහ ඔහුගේ සුවිශේෂී හැකියාව උපයෝගී කරගන්නා ආකාරය දැනගැනීමේ නොනිත් අභිලාශයකින්  පෙළෙන්නට විය.
ඔහුගේ ආලෝකමත් වූ කාමරය දෙස් බැලූ මාහට පෙනුනේ දෙඅත් පිටුපසට  බැඳගැන  හිස පපුව තෙක් නවාගන වේගයෙන් ඔබ මොබ පියමං කරන හොල්ම්ස්ගේ අඳුරු චයාවය .
හෝම්ස්ගේ සියලු භාවයන් සහ විලාසයන් දන්නා මාහට නම් ඔහුගේ ඉරියව් සහ ලීලාව කියා පෑවේ  ඔහු නැවතත් සුපුරුදු රාජකාරිය ආරම්භ කර ඇති බවය. ඔහු ඔහුගේ කොකේන් ඇබ්බැහියෙන් ගොඩනගාගත් සිහින ලෝකයෙන් අවදිවී  නව්‍ය පරීක්ෂණයක සුවඳ විඳිමින් ඇති සෙයකි.
මම සීනුව නාද කිරීමත් සමග හොල්ම්ස් පෙර මාගේ කොටසක්ව පැවති කුටිය තුල පෙනී සිටියේය.
ඔහුගේ ලීලාව එතරම් හැඟීම් බර එකක් නොවීය , එය කලාතුරකින් දැකිය හැක්කක් වුවද ඔහුට මාගේ පැමිණීම සන්තෝසයක් වූ බවට සැකයක් නැත. එකදු වචනයක්වත් මුවින් පිට නොකරම කාරුණික බැල්මකින් මට  අතින් සංඥා කරේ ඇඳි පුටුව දෙසටය. ඔහුගේ සුරුට්ටු පෙට්ටිය මා වෙත දිගු කරමින් මත් පැන් බිඳක් තොල ගානු පිණිස ඔහුගේ කුඩා සේප්පුවත්  කෙළවරෙහි තිබු සෝඩා වතුර රඳවනයත්  පෙන්වා සිටියේය. ඉන්පසු ගිනි උඳුන දෙසට ගොස මදෙස හැරී   ඔහුගේ අපුර්ව අන්තරාවලෝකන බැල්මෙන්  බැල්මක් හෙලුවේය.

¨ඔබගේ විවාහ බන්ධනය ඔබට සැහෙන්න ඔබිනවා වගෙයි ¨ ඔහු ප්‍රකාශ කර සිටියා. ¨මට හිතෙන්නේ වොට්සන්  ඔබ රාත්තල් හතහමාරකින් විතර වැඩිවෙලා ඔබව අවසන් වතාවට දැක්කට පස්සේ ¨
 ¨හතක් !¨ මම විස්මයට පත් වෙමින් පිළිතුරු දුන්න.
¨සැබවින්ම , මට තව ටිකක් හිතන්න තිබුණා ¨ , ¨මම හේතුවක් නැතිව  සොච්චමක් වැඩිපුර කල්පනා කරා සහ නැවත අභ්‍යාස කරනවා  වොට්සන් ¨. ¨මම ප්‍රකාශ කරනවා ඔබ නැවත රාජකාරියට යෙදීමට   අදහස් කරගන සිටි බව මට නොකී බවත්¨.
¨ඉතින් කොහොමද ඔබ ඒක දන්නේ ¨.
¨මට එය පේනවා¨ , ¨මම එය නිගමනය කරා¨ , ¨කොහොමද මම දන්නේ ඔබ මෑතකදී හොඳටම තෙතබරිත වූ බව ¨, සහ ඔබට අතිශය කමකට නැති නොසැලකිලිමත් සේවිකාවක් සිටින බවත්¨.

¨අහෝ! හොල්ම්ස්¨මට කියවිණි , ¨මේක නම් ඕනෑවටත් වඩා වැඩියි ¨ ¨මීට සියවස් කීපයකට කලින් ඔබ ජිවත් වුනා නම් ඉන්ද්‍රජාලිකයකු කියා ඔබව පුළුස්සා දමනවා නොවනුමානයි¨, ¨ සත්‍යවශයෙන්ම මම බ්‍රහස්පතින්දා නිවසට පැමිණියේ ගම්බද ප්‍රදේශයක ගමනකින් අනතුරුව තෙමුණු කපුටෙක් වගේ තමයි¨, නුමුත් මට සිතා ගැනීමට නොහැකියි ඔබ කොහොමද ඒක නිගමනය කරේ මගේ සියලු ඇඳුම් මාරු කර තිබියදීත් ¨. ¨මේරි ජේන්ට අනුව ඇය නැහැදිච්ච එකියක්ම තමයි ¨, මගේ භාර්යාව ඇයට පෙර දැනුම්දිමකුත් කරලයි තිබෙන්නේ ¨, ¨නුමුත් මෙහිදී මම නැවතත් අසමත් ඔබ එය කල ආකාරය නිගමනය කරගැනීමට .
¨සරලත්වය ඇත්තේ එහිමය¨ ඔහු කීය . ¨එය ඔබේ වම් සපත්තුවේ ඇතුල් පැත්ත දැකීමෙන් මට දැකගන්න පුළුවන්, එහි සමාන්තර කැපුම් පහර හයක් සලකුනුවී තිබෙනවා. නිසැක වශයෙන්ම කවුරුන් හෝ ඉතා නොසැලකිලිමත් ලෙස වියලි මඩ සූරා දැමීමක් නිසා  ඇති වුවක්, බලන්න වොට්සන් මගේ දෙවැනි නිගමනය , ඔබ නරක කාලගුණ තත්වයක එළිමහනේ විට ඇති බව සහ ලන්ඩන් මෙහෙකාර සේවයේ නරකම නිදර්ශකය ඔබේ සපත්තුවේ තැවරුණු මඩ කැබැල්ලෙන් කියාපාන බව.
ඔබගේ පරිචයට අනුව වුවත්  යම් මහත්මයෙක් මගේ කාමරයට පැමිණෙන විට අයඩීන් ද්‍රාවණයේ ගන්ධයත්, දකුණු අතේ දබර ඇඟිල්ලේ සිල්ව නයිට්රේට් මගින් ඇතිවූ කාල වර්ණ ලප කැළැල් සමගත් ,  සෙතස්කෝපය සඟවා ගැනීම නිසා පිම්බුණු උඩ  කබායේ  දකුණු පැත්තත් දැක මට කීමට නොහැකි නම් ඔහු වෙෙද්‍ය වෘත්තියේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බව මා මොට්ටයෙක් යැයි කීමට වටී නිසැක වශයෙන්ම¨.
 
ඔහුගේ නිගමනයන් ගොඩ නගාගත් අයුර පැහැදිලි කරනවිට එහි සරල බව දැක මට විස්මය මුසු සිනහවක් පහල විය. " ඔබ ඔබගේ හේතු දැක්වීම අසා සිටින විට මට සිතුනේ එය මට වුවත් කළහැකි සරල හාස්‍යජනක දෙයක් ලෙසයි , මම වරදවා වටහාගන සිටියේ ඔබගේ  පැහැදිලි කිරීම් අවසන් වනතෙක්, අනෙක් අතට මා සිතනවා මගේ දෑසුත්  ඔබගේ  තරම්ම තවමත් හොඳ යැයි " මා කියා සිටියා.
"තරමක් දුරට ඔබ නිවැරදියි. ඔහු පිළිතුරු දුන්නේ දුම්වැටියක් දල්වාගන ඔහුගේ ඇඳි පුටුවට බර වෙමින්, " ඔබ ට  පෙනෙනවා නමුත් ඔබ ඒවා නිරීක්ෂණය කරන්නේ නෑ , වෙනස පැහැදිලියි, උදාහරණයක් ලෙස ඔබ පාතමාලයේ සිට මේ කාමරය දක්වා ඇති පඩිපෙළ නිරන්තරයෙන්ම දැක තිබෙනවා " 
"ඔව් නිරන්තරයෙන්ම "
"කොපමණ වතාවක්ද "
" හොඳයි සිය වතාවකට  වඩා කියමුකො "
" එහෙනම් එහි පඩි කීයක් තිබෙනවාද "
" කීයක් ? මම දන්නේ නැහැ "
" මගේ  තර්කය නිවැරදියි ඔබ එය දැකලත් නිරීක්ෂණය කර නැහැ. දැන් මම දන්නවා එහි පඩි දාහතක් තිබෙන බව , මක්නිසාද මම දකිනවා වගේම නිරික්ෂනයත් කරනවා.
ඒ කෙසේ වුවත් ඔබ මේ සුළු සිද්ධීන් පිලිබඳ වත් සැලකිලිමත් වීමට පටන්ගන ඇති නිසාත් සහ මගේ පරීක්ෂණ සිද්ධීන් වාර්තාකරණයේ සතුටු දායක බව නිසාත්‍ ඔබ මෙයටත් ඇල්මක්‌ දක්වාවි යයි මට සිතෙනවා, 
ඒ සමගින් ඔහු මේසය මත තිබු රෝස පැහැති ගනකම් ලියුම් කඩදාසියක් මා වෙත දුගු කරමින් මෙසේ කීය , " මෙය ලැබුනේ අද අන්තිම තැපැල් කාරයාගෙන්" "කියවන්න බලන්න මටත් ඇහෙන්න "

කඩදාසිය කිසිදු නමක් ගමක්  අත්සනක් සඳහන් නොවූ දින රහිත ලියවිල්ලක් විය. 
එහි ලියවී තිබුනේ " අද දින රාත්‍රී අටට කාලක් තිබියදී ඔබගේ සේවය  බලාපොරොත්තුවෙන් වැදගත් මහත්මයෙක් පැමිණෙනුයේ ඉතා රහස්‍ය කටයුත්තක් සම්බන්දවය,   මෑතකදී ඔබ සේවය සපයන ලද  යුරෝපයේ එක්තරා රාජකීය මැදුරක සිද්ධිය පෙන්වා දෙනු ලැබුවා ඔබ කෙතරම් විස්වාසදායී සහ වැදගත් නොවැදගත් කරුණු මනා ලෙස හැසිරවූ බව, 
ඔබගේ මෙම සුවිශේෂත්වය අපහට සතර  දෙසින් ඇසුණු කරුණු වලින් තහවුරු වී ඇත, ඔබගේ අමුත්තා ඔබගේ කාමරය තුල සිටින හෝරාවේදී මුහුණු ආවරණයක් පැළඳ සිටීම ගැන වරදවා නොසිතනු ඇතැයි සිතමි"

"මෙය නම් සත්‍ය වශයෙන්ම අභිරහසක් " මම ප්‍රකාශ කර සිටියෙමි, " ඔබ සිතන්නේ කුමක්ද මෙයින් අදහස් කරන්නේ"
" ම සතුව  කිසිදු  දත්තයක්  නැහැ තවම, දත්තයන් ලැබීමට පෙර නිගමන වලට එළඹීම විශාල අත්වැරැද්දක් , එවිට සියුම් ලෙස නිගමන වලට අනුව ලැබෙන දත්තයන් දැකීමට පෙළඹෙනවා , දත්තයන් තුලින් නිගමන වලට එළඹීමට වෙනුවට. ඔබ මොනවද නිගමනය කරගත්තේ මේ කඩදාසි කැබැල්ල තුලින්ම, 
මම අරපරිස්සමෙන් කඩදාසියත් එහි ලියවුනු අක්ෂරත් පිරික්සුවෙමි,  
 "මේක ලියපු පුද්ගලයා හොඳින් මේ කටයුත්ත ගැන දන්නා කෙනෙක්." මම මගේ සගයාගේ ක්‍රියා පටිපාටිය  අනුකරණය කිරීමට වෑයම් කරමින්  කියා සිටියෙමි.
"මේ වර්ගයේ කඩදාසි පැකට්ටුවක් ක්‍රවුන් භාගයකටවත් ගන්නට බැහැ, මේක එතරම් වටිනා විශේෂ එකක්. "

"විශේෂ එකක්" - එක තමයි වචනේ " හොල්ම්ස් කීය " මේක එංගලන්ත කඩදාසියක් නොවෙයි , ආලෝකයට අල්ලා බලන්න "
ආලෝකයට් ඇල්ලු කඩදාසිය තලින් මට කැපිටල් E සමග සිම්පල් g ද , P අකුරද Gt අකුරුද කඩදාසියේ වියමන තුලින් දිස් විය. 

"කුමක්ද ඔබ ඒ තුලින් ග්‍රහණය කරගත්තේ ? " හොල්ම්ස් ඇසීය .

"සත්‍යවශයෙන්ම නිෂ්පාදකයාගේ නම සැකයක් නෑ, එසේත් නොමැති නම් ඔහුගේ සමාගමේ අක්ෂර සංකේතය " 
" නෑ කොහෙත්තම නැහැ , Gt යන්නෙන් අදහස් කරන්නේ  ‘Gesellschaft` යනු ජර්මානු භාෂාවෙන් සමාගම යන්නයි. එය අප සමාගම  සඳහා Co. යන්න යෙදීම බඳුයි. "P " යනු Paper යන්නයි ." දැන් මේ "Eg " කුමක් දැයි බලමු, මේ කොන්ටිනන්ටල් ගැසෙට්ටුව බැලුවොත් සොයාගන්නට බැරිවෙන එකක් නැහැ. ඔහු රාක්කයෙන් බර  කොන්ටිනන්ටල් ගැසෙට්ටුවේ දුඹුරු වෙළුම ගත්තා. 
"  එග්ලෝ, එග්ලොනිට්ස් , මේ තියෙන්නේ, එග්‍රියා , ඒක ජර්මානු භාෂාව කතාකරන බොහීමියාවේ තියන රටක්. කාර්ල්ස්බඩ් ඉඳල වැඩි දුරක් නැහැ. "
" වොලේන්ස්ටින්ගේ මරණයේ සිද්ධිය නිසාත්  විදුරු සහ කඩදාසි කර්මාන්ත ශාලා කීපයක්ම තිබුන නිසාත් ප්‍රසිද්ධ පළාතක් "
" හෝ  හෝ , ඔබ කුමක්ද මෙයින් උකහා ගත්තේ මගේ අතිජාත මිත්‍රයා."
ඔහුගේ දෑස් දිදුලමින් තිබුණි, වලයාකාර දුම් වළල්ලක් ඔහුගේ සිගරටුවෙන් පිට කළේය, 
"මේ කඩදාසිය නිෂ්පාදනය කරලා තියෙන්නේ බොහිමියාවේ" මම කීවෙමි,  " මේක ලියපු ලියුම්කරුවාත් ජර්මානුවෙක්"
"ඔබ දුටුවාද වාක්‍ය ගොඩ නගා තිබුණු විශේෂත්වය, " සතර දෙසින් ලැබුණු ඔබ පිලිබඳ තොරතුරු" ප්‍රංශ කාරයෙක් වත් රුසියානුවෙක්වත් එසේ ලියන්නේ  නැහැ. ජර්මානුවන් තමයි  ක්‍රියාපද සඳහා නොසැලකිලිමත් වන්නේ, එමනිසා මේ බොහිමියන් කඩදාසියේ  ලියපු, වෙස් මුහුණක් පැලඳ සිටීමට කැමති ජර්මානුවා අවශ්‍ය දේ දැන ගැනීමට අපිට සිදුවන්නේ බලා සිටීම පමණයි, 
"මම නිවැරදි නම් ඔය එන්නේ ඔහුයි අපගේ සියලු සැක සංකා දුරු කිරීමට"
ඔහු කියූ පරිදිම අශ්වයන්ගේ තියුණු හඬක් සමග,  කුර සහ   රථයේ   රෝද මාර්ගයේ ඇතිල්ලීමක් ඇසුනි, ඒසමගම සීනුව සැලකිල්ලෙන් නාද කළේය, 
හොම්ල්ස් මුවින් උරුවමක් නිකුත් විය,
" හඬින් නම් දෙදෙනෙක් සිටින හැඩයි " ඔහු කීය .
" ඇත්ත වශයෙන්ම  කදිම අශ්ව රථයක් සහ ලලනාවන් දෙදෙනෙක් "    ඔහු කවුළුව තුලින් බලමින් කියා සිටියේය. 
වෙන කිසිවක් නැත්තම් වොට්සන් මේක සල්ලි උල්පතක් , එකකට ගිනි එකසිය පනහකවත්"
"මං සිතන්නේ මං ගියා නම් තමයි හොඳ  හොල්ම්ස් "


A hundred and fifty guineas apiece. There’s money in this case, Watson, if there is nothing else.” 


“I think that I had better go, Holmes.” 
“Not a bit, Doctor. Stay where you are. I am lost without my Boswell. And this promises to be interesting. It would be a pity to miss it.” 
“But your client—” 
“Never mind him. I may want your help, and so may he. Here he comes. Sit down in that armchair, Doctor, and give us your best attention.” 
A slow and heavy step, which had been heard upon the stairs and in the passage, paused immediately outside the door. Then there was a loud and authoritative tap. 


ගඟේ සාපය



අපේ ගම මැදින් ගලන ගිං ගඟ ගමේ මිනිස්සුන්ට සම්පතක් වගේම විපතුත් ගෙනාව. කාලෙකට කලින් හුඟ දෙනෙක් ගඟ කිට්ටුව වගේම ගඟේත් මැණික් ගැරුවා , හොරෙන් තමයි කරේ හුඟක් ඒවා, සමහරු වැලි ගොඩ දැම්මා , සමහරු රත්තරන් ගැරුවා , ගංවතුරක් ආවම ඉතින් හුඟ දෙනෙක් කරදර වෙනවා, ගෙවල් යට වෙනවා , කඩවල් යට වෙනවා , බොහොම පරිස්සමෙන් බැලුවොත් පේන දෙයක් තමයි ගඟේ දේවල් විකුණලා සල්ලි හම්බ කරපු කිසි කෙනෙක්ට යහපතක් වුනේ නැති බව , යහපතක් කෙසේ වෙතත් හිතා ගන්න බැරි දුක් කරදර වලට මූණ දුන්න බවට උදාහරණ මට ඕන තරම් තියනවා.

1- කළු මහත්තයා
කළු මහත්තයා කිව්වේ ගමේ අය එයාට .  එයාත් වැඩිය කරේ වැලි ගොඩ දැම්මා මහා පරිමානෙන් නෙවෙයි සුළුවට කරේ  .නැත්තම් ගඟේ කිමිදිලා ගැරුවා , කිමිදින්න ඕන ගොඩක් බඩු එයා ගාව තිබුනා . පොඩි පොඩි වගාවකුත් කරා ඉන්න ගමන් . එයාට එක පුතයි හිටියේ , මුලින්ම පුතා නැති උනේ හමුදාවේ ඉන්න කොට යුද්දෙදි නෙවෙයි කෝච්චියේ යන ගමන් ඔලුව එලියට දාගන ගිහින් පාලමක වැදිලා, පුතා නැති වෙලා අවුරුද්දක් යන්නත් කලින් කළු මහත්තයාගේ හාමිනේත් නැති උනා ලෙඩ වෙලා , ඊළඟ කළු මහත්තයත් ඒ පාරේම ගියා , පවුලේ තුන් දෙනාම අකාලයේ යන්න ගියේ , පාලුවට ගිහිපු ගෙදරවත් අයිති කාරයෙක් නෑ දැන්

2- රටේ ගෙදර අයියා

ගමේ මිනිස්සු කිව්වේ රටයා කියලා, මිනිහා කිසිම රස්සාවක් කරේ නෑ උදේ ගෙදරින් තේ එක බීල පිටත් වෙන මනුස්සය ගෙදර ආපහු ආවේ රෑ දොළහ පහු වෙලා තමයි , වැඩිය ගැවසුණේ අල්ලපු ගමේ , කාගේ හරි ගෙදරකට ගොඩවෙලා දොඩවා දොඩවා ඉන්න එක මිනිහගේ ලොකුම රාජකාරිය , තුන් වේලම කොහේ හරි ගෙදරකිනුත් හම්බුනා මිනිහට , වයස පැනලා තිබුනට කසාදයක් කරගන තිබුනෙත් නෑ , හවස් වෙනකොට TV එකක් දාල තියන ගෙදරකට ගොඩ වෙලා යන්නේ ඉතින් TV එකේ ජාතික ගීයත් ගියාට පස්සේ , කොහෙන් හරි නිකන් බොන්න ටිකක් හම්බුනොත් ඒකත් බීල බොන්න දීපු එකාටත් බැනල තමයි යන්නේ , කොච්චර වුනත් ගමේ මිනිස්සු මිනිහව එලව ගත්තේ නැත්තේ මගුලක්‌ මල  ගෙයක් දානයක්   කොහේ තිබුනත් මිනිහ එකෙන්ම එතැන් හිටියා වැඩක්  පලක් කරලා දීල එලි වෙනකම් නිදි මරන්න කවුරු නැතත් මිනිහ හිටියා . ඔය  ඉන්න අතරේ මිනිහා තව වැඩක් කරා ඒ තමයි ගඟේ වැලි වලින් රත්තරන් ගරපු එක . ඒ වැඩේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි සාස්තරේ දැනගන හිටියේ බොහොම කීප දෙනෙක් විතරයි. මිනිහගේ සාක්කුවේ කොයි වෙලාවෙත් කොලේක ඔතල රත්තරන් කුඩු ටිකක් තිබුන පෙන්නන්න .
එක දවසක් ඔය වගේම කොහෙන් හරි සප්පායම් වෙලා මහා රෑ ගෙදර ගිහින් නිදා ගනිපු මනුස්සයා උදේ නැගිට්ටේ නෑ , බලන කොට සිහිය නෑ . ඉස්පිරිතාලේ අරන් ගියාට මිනිහ නැගිට්ටේ දවස් ගානකට පස්සේ කෝමා වෙලා ඉඳල . ඇඟේ සිනී වැඩි වෙලා හොඳටම මොලේට හානි වෙලා . සිහිය ආවට වැඩක් නෑ ඉතින් මිනිහ තාම අවසිහියෙන් තමයි ඉන්නේ, මොලේට හානි වෙලා හින්ද සමහර වෙලාවට විතරයි මිනිස්සුන්ව අඳුරන්නේ , මිනිහා ජිවත් වෙන්නේ දැනට අවුරුදු තිහ හතළිහකට කලින් යුගේ ඒ කාලේ දේවල් කියා කියා ගම වටේ තාමත් ඇවිදිනවා , කොන්ඩේ රැවුලත් වවාගන .

3- කිරි මාමා

 කිරි මාමාගේ ගෙවල් තිබුනේ ගඟ අයිනේම තමයි, එක හින්ද එයත් ගඟේ දේවල් වලින්ම තමයි ජීවිකාව කරේ,  කිරි මාම උසෙන් අඩු වුනාට හොඳට ඇඟ පත තිබුනා , ඒවගේම හයිය හත්තිය  තිබුන මනුස්සයා. වැලි ගොඩ දාන එක තමයි වැඩි පුරම කරේ, ගඟට බැහැල පෝර බෑග් එහෙකට වැලි කට පිරෙන්න පුරවල තෙත පිටින් කරේ තියාගන ගොඩට එන්න ලේසි පාසු මනුස්සයෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි, කිරි මාම කිසි ගානක් නැතුව ටැක්ටරයක් පිරෙන්න වැලි ඒ විදියට ගොඩ දානවා, ගංවතුරේ ඕන තැනක පාරුවක් පදින්නත් දක්ෂයා , දැන් කිරි මාමා ඉන්නේ එක තැන කිහිලි කරුවකින් පොඩ්ඩක් එහාට මෙහාට යනවා එත් එයාගේ ඇඟේ මහත නිසා එකත් ටිකක් අමාරුයි. මොකද වුනේ කියලා හේතුව නම් මම හරියටම දන්නේ නෑ. එත් ගහක් ගලක් වගේ හිටපු මනුස්සයෙක් නේද කියල දැක්කම මට නම් හිතෙන්නෙම.

3- රත්තරං ගරපු තව එක්කෙනෙක්
නම් කියන්න බැරි වුනාට මෙයා තරමක් සාර්ථකව තමන්ගේම ව්‍යාපාරයක් කරගන හිටියා සැහෙන්න කාලයක් , අර රටේ ගෙදර අයියගේ අහගන මෙයත් රත්තරං ගැරුවා , විකුනලා සල්ලිත් හම්බකරා. බොහොම අහම්බෙන් පොඩි වචන හුවමාරුවකට එක මනුස්සයෙක් මෙයාට පිහි පාරක් ඇන්න , ජීවිතේට අනතුරක් නොවුනට එකෙන් එයාගේ ජීවිතේම කඩා වැටුන , ව්‍යාපාරේ එහෙම් පිටින්ම කඩන වැටුන තිබුන  අමතර අදායම් මාර්ගත් නැති වුනා, හදන්න පටන් ගත්ත ගේත් එහෙමම ඇනහිටියා,

4- ගමේ හිටපු චන්ඩි අයියා

එයාගෙත් නම කියන එක හොඳ නැති නිසා මං  එහෙම කිව්වේ, එයාටත් ගොඩක් ඉස්සර මැණික් හම්බුනා ගරලා , ලස්සන ගෙයක් එහෙම හැදුවා ඒ සල්ලි වලින් . හොඳ තැනකින් කසාදෙකුත් කර ගත්තට ළමයි හිටියේ නෑ , පස්සේ ළමයෙක් අරන් හදාගත්තා. සල්ලියි දේශපාලන බලෙයි හින්දා කවුරුත් එයාට බයෙන් තමයි හිටියේ, ගමේ පොඩි පොඩි කොන්ත්‍රාත් වැඩත් එයාම තමයි ගත්තේ .  ළඟ ගෙදරක හිටපු පුංචි ගෑණු දරුවෙකුට කරදර කරන්න ගියා කියල එයාට චෝදනාවක් ආපු නිසා ලඟදි උසාවි දාල දවස් දාහතරකට රිමාන්ඩ් එකේ ඉන්න වුනා එයාට . හැමෝම දන්නවා මොන ජල්ලි ඇල්ලුවත් එයා ඒවගේ දේවල් කරන කෙනෙක් නෙවෙයි කියල, එත් ඊට පස්සේ ගමට මුණ දෙන්න බැරිවුනා ලැජ්ජාවට  , වැඩිපුර ගේ ඇතුලට වෙලාම ඉන්න වුනේ.


කෑමට හපන් ඩග්ලස්



ඩග්ලස් අපේ ගමේ හිටපු මනුස්සයෙක් අවුරුදු හතළිහක් විතර වෙන්න ඇති මං හිතන්නේ කසාද බැඳලා හිටියෙත් නෑ . කාලයක් ගමේ හිටියේ නැතුව ඉඳල දැනට අවුරුදු පහළොවකට  විතර විස්සකට විතර කලින් තමයි අයෙත් ගමට ඇවිල්ල හිටියේ, ටික කාලයක් අපේ ගෙවල් වලට උඩ කන්දේ තිබුන ගෙදරක නැවතිලාත් හිටියා . ඒ ඉන්න ගමන් අපේ ගෙදර පොඩි පොඩි කුලී වඩාත්  කරා. පෙනුමෙන් මිනිහා කළු රැවුල ටිකක් වාවගන ඇගපත වැඩිච්ච මනුස්සයා. කතා කරේ නම් වචන සීමා සහිතව . මිනිහට පොඩි මොලේ අප්සෙට් එකකුත් තිබුනා .

කෑමට හපන් කිව්වේ ඇත්තටම මිනිහා ගුටි කන්න තමයි හපන් , මං හිතන්නේ එක මිනිහගේ කේන්දරේ වැරද්දක්ද කොහේද . මොකද මිනිහට නොගහපු මනුස්සයෙක් ගමේ හිටියා නම් ඒ අපේ ගෙදර කෙනෙක් විතරක් වෙන්න ඇති. ගෑණුත් ගහනවා මිනිහට හැබැයි කොච්චර ඇගපත තිබුනත් මිනිහ නෙවෙයි කාටවත් අතක් ඉස්සුවේ ගහන්න , කවුරු ගැහුවත් බැන බැන යනවා ඇරෙන්න . ගමේ ඒ දවස් වල ඩග්ලස්ට  කවුරු හරි ගහනවා කියන එක  සාමාන්‍ය දෙයක් වෙලා තිබ්බේ . . මිනිස්සුත් ඩග්ලස් මොනවා කිව්වත් ප්‍රතිචාර දැක්කුවේ මිනිහට දෙකක් ඇනල , කොටින්ම අතේ පයේ හිරි අරගත්තේ මොකද දන්නවනේ වෙන එකෙකුට ඒවගේ නෙලන්න ගියොත් ගුටි කන්න වෙනවනේ එවලේ නැත්තම් පස්සේ හරි . ඩග්ලස්ට ගුටි කාපුවා මතක හිටින්නෙත් නෑ එක සැරයක් මොකක් හරි කියපු මිනිහට පහු වෙනිදත් කියල ගුටි කනවා . මිනිහගේ ඇඟත් පදම් වෙලා තිබුනේ ගුටි කන්නම. පොලිස් ජීප් එක මිනිහට මුණ ගැහුනොත්  අනිවාර්යෙන් කෑමක් තමයි , පොලිසියේ උනුත් වෙන එකෙක්ගේ තරහ පිරිමහ ගත්තේ ඩග්ලස් ගෙන් . විශේෂයෙන් ගෑණු ළමයි පාරේ  යනකොට කිසි කරදරයක් කරේ නෑ මිනිහා එත් මොකක් හරි දෙයක් අහනවා ඒකටත් උත්තර හම්බුනේ මිනිහට කුඩ පාරකින් තමයි . කොච්චර ගුටි කෑවත් මිනිහට එපා වෙන්නේ නම් නෑ, ගහන උන්ට එපා වුනෙත් නෑ මිනිහට ගහලා.
කීප සැරයක්ම ඩග්ලස් මැරෙන්නත් ට්‍රයි කරා බෙල්ලේ එල්ලිලා මැරෙන්න හැදුවා එක සැරයක්  තව සැරයක් වස බොන්න හැදුවා, හැබැයි අන්තිමට මනුස්සයා ඇත්තටම මරුනේ කොහොමද කියලා කව්රුවත් දන්නේ නෑ . ගෙදරින් තරහ වෙලා කැලේකට ගියා ගියාමයි ඩග්ලස් ආයේ  ආවේ නෑ , මිනියවත් හම්බුනේ නෑ අදටත් මනුස්සයා අතුරුදහන් මිනිහෙක් විදියට තමයි ඉන්නේ.

බොන පාට්



ගිනි පෙට්ටිය 

මේක වුනේ මං  කන්තලේ ඉන්න කාලේ, අපිත් එක්ක හිටපු සංගීත්ට  හවස් වෙනකොට බොයන්න කියල මතක් කරන්න  විතරයි ඕන කවුරු හරි අල්ල ගන්නවා අඩියක් ගහන්න . දවසක් ඔහොම අඩියක් ගගහ ඉන්න ගමන් රෑ එකොළහත් පහුවෙලා එතකොට මිනිහ සිගරට් එකක් පත්තු කරන්න ගිනි කුරක් ගැහුවා , පත්තු වුනේ නෑ දෙවැනි එකත් ගැහුවා පත්තු වුනේ නෑ , තුන්වැනි එකත් නෑ . කොටින්ම පත්තු වුනේම නෑ ගිනි කූරු එකක්වත් පෙට්ටියෙන් බාගයක් විතර ගැහුවත්. පෙඟිලත් නෑ බැලුවම ගිනි පෙට්ටිය.  සංගීත් දැන් යකා නැගලා හතර අතේ බනිනවා.ගිනි පෙට්ටි හදපු එකාගේ ඉඳල.
ඔය අව් අස්සේ මිනිහ දැක්කා ගිනි පෙට්ටිය පිටිපස්සේ තියන ටෙලිෆෝන් නම්බර් එක , බීලත් හිටපු නිසා මිනිහ ගත්තා කෝල් එක්ක ඒ නම්බරේට මේ රෑ . කොහෙද ඉතින් මේ වෙලාවට කස්ටමර් කෙයාර් ඇත්තේ නැනේ , ෆෝන් එක ඉස්සුවේ සෙකියුරිටි අන්කල් කෙනෙක්, සංගීතයා අංකල්ටත් බනිනවා ගිනි පෙට්ටිය පත්තු වෙන්නේ නෑ කියල. අන්කලුත් බය වෙලා හොඳටම කියනවා මහත්තයෝ මං මේකේ සෙකියුරිටි විතරයි මෙන්න අපේ මැනේජර් මහත්තයාගේ නම්බර් එක ඕන නම් මේකට කතා කරලා පැමිණිලි කරන්න කියලා. එහෙම කියල දුන්න කොම්පැනියේ මැනේජර්ගේ  ෆෝන් නම්බර් එක . සංගීතයත් ඇරියේ නෑ ගත්ත මිනිහටත් කෝල් එකක් එහෙම්ම, මහා රෑම මිනිහටත් සංගීතයගේ දෝස් මුරේ අහගන ඉන්න වුනා. අපේ එකා කිව්වේ නෑ සිගරට් පත්තු කරන්න ගියා කියල කිව්වේ ලයිට් ගියාම ඉටි පන්දමක් පත්තු කරන්න ගියා එක ගිනි කුරක්වත් පත්තු වුනේ නෑ , ගනිපු කඩේ නමත් කිව්වා මිනිහට. අර මැනේජරුත් ටිකක් ප්‍රොෆෙෂනල් ඩයල් එකක් , මිනිහ කිව්වා හෙටම එයාගේ ට්‍රින්කෝ ඒරියා මැනේජර්ව එවන්නම් හොයල බලන්න කියල.
කිව්වා වගේම පහුවෙනිදා වහනෙකින් ඇවිල්ල අර කඩේට අපේ සංගීතයටත් කෝල් කරලා තිබුනා . අපේ එකා නෙවෙයි ෆෝන් එක ඉස්සුවේ සතියක් විතර යනකම් දන්නේ නැති නම්බර් වලට .

බීච් එකේ අන්තිම බීම 
 මේක වුනේ මං අක්කරපත්තුවේ හිටපු කාලේ, අපි ගාව සබ් කොන්ත්‍රාත් කරපු ප්‍රගාෂ් ගේ ගෙවල් තිබුනේ  බැටිකලෝ , පෙනුමට ටිකක් මරුමුස් වුනාට හිත හොඳ එකා, දැන් නම් මිනිහ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ බෝට්ටුවෙන් ගිහින් . මිනිහගේ වැඩ ඉවර කරපු සතුටට මිනිහ අපිට පාටියක් දුන්නා , අපිත් එක්ක හිටපු කම්පනියේ සිංහල ඔක්කොම සෙට් එක එතන හිටියා . පාටිය අපි ගත්තේ අක්කරපත්තු බීච් එකේ මටත් ඒ කාලේ ලොකු දැනමුතු කමක් තිබුනෙත් නැහැ ඇත්තටම. බොන්න ගෙනත් තිබුනේ වොඩ්කා එකක් , එහේ කොහෙන්ද ඉතින් හොඳ හොඳ වොඩ්කා , මෙන්ඩිස් වොඩ්කා තමයි තිබුනේ. අපේ සෙට් එකට තියා මටත් එක දානකොට නිකන් ඔලුව කුරෝලු වෙලා ගියා. කට්ටියට එක බෝතලෙන්ම ඔඩ්ඩුසුඩාන් . අපි බිබී හිටියේ බීච්  එකේ බිමට කැනපියක් එලලා බිම වාඩි වෙලා. අපේ කෘ කැබ් එක ඒ කිට්ටුවම නවත්තලා තිබුනේ, මට ටිකක් අවුල් වේගන එනකොට මං හිමීට නැගිටලා ගිහින් කෘ කැබ් එකේ දොර ඇරලා ඇතුලෙන් වාඩි වෙලා හිටියා ටිකක් වෙලා කට්ටියට වැඩේ කරගන යන්න දීලා. මං දන්නේ නම් නෑ මං කොච්චර වෙලා හිටියද කියල එහෙම කොහොම හරි මට ඇහැරුනේ පොඩි ගෝසාවක් ඇහිලා . මං නිකන් එක ඇහැක් ඇරලා බැලුවම මට පේනවා අපේ සමන් ඒ කිව්වේ අපේ ස්ටෝකිපර් නිකන් කුණු මාළු මාලුවෙක් නැට්ටෙන් ඇදන්  යනවා වගේ එකක්. හොඳට ඇස දෙක ඇරලා බැලුවම අපේ වැඩට හිටපු අතුකෝරලව නිර්වස්තරෙන් ඇදගන යනවා  සමන වැල්ලේ එක කකුලකින් අල්ලගන,  කුණු හර්පෙන් බැන බැන .
දඩ බඩ ගාල මං වාහනෙන් බැහැල සිද්ධිය අහ ගත්තා මොකද වුනේ කියල මොකක් වුනත් මටනේ එතන හිටපු උන්ගේ වගකීම තිබ්බේ.
වෙලා තිබුනේ මේකයි බිබී ඉන්න ගමන් කවුරු හරි එකෙක් අතුකොරලයට කම්බුලට ගහල තියනවා උගේ මොකක් හරි කට කැඩිච්ච කතාවකට. ඕකට මල පන්න ගත්ත අතුකොරලයා මුහුදේ පනින්න දුවලා , මුදේ කරවටක් යනකම් ගිහිල්ලත් නැවතිලා නෑ , බැරිම තැන අපේ සමන් තමයි පැනලා පීනලා ගිහින් මේ යකාව කුදලන් ඇවිල්ල තියෙන්නේ. ඒ අරන් ඇවිල්ල උට කනටත් දෙකක් දීල ඇදන් යනකොට තමයි මම දැක්කේ .
එදත් එයින් මං නෙවෙයි වතුර කිට්ටුව බොන්න සෙට් වෙන්නේ දන්නා එකෙක් එක්ක


ගල් මුල් වල පය පැකිලී වැටි වැටි ... ප්‍රේම් 

මේකත් වුනේ මං අක්කරපත්තුවේ ඉන්නකොටම තමයි, අපි වැඩියම සෙට් වුනේ සමන්ගේ කාමරේ , මොකද එක ඔෆිස් එක ගාවම තිබුන නිසාත් ළඟ පාත කාගෙන්වත් කරදරේ කුත් නැති නිසාත්. අක්කරපත්තුවේ රෑ දවල් නැතුව පුදුම රස්නයක් තියෙන්නේ, අරාබියම තමයි එක විදියකට .
එක දවසක් ඉන්නම බැරි නිසා මං කිව්වා කාමරේ නැතුව එළියේ සෙට් වෙමු කියලා අපේ යාර්ඩ් එක තිබුනෙත් එතනම් නිසා හොඳට ඉඩකඩ තිබුනා . වටේම ඉතින් පයිප්ප ගොඩවල් ෆිටින්ග්ස් ගොඩවල් ගොඩ ගහලා තිබුනා. අපි මැද්දේ කැනපියක් බිමට එලලා කට්ටිය වටේට වාඩි වෙලා සෙට් වුනා. ටිකක් වෙලා ඉන්නකොට වෙනදා ගානට බොන ප්‍රේම් මරු කියවන්න ගත්තා, ප්‍රේම් කියන්නේ මගේ කෘ කැබ් එකේ ඩ්‍රයිවර් . අපිටත් පුදුමයි මොකද වුනේ කියල මිනිහට , දැන් මිනිහා නැගිටලා යාර්ඩ් එකේ ඇවිදිනවා . කව්රු හරි ළඟ එන්න හැදුවොත් දුවනවා, මොකක් හරි අව්ලක් වෙලා තමයි කියලා මම කිව්වා මිනිහව අල්ලලා දෙහි ගෙඩියක්වත් පොවන්න කියල, කොහේ අල්ලන්නද මිනිහ දුවනවා යාර්ඩ් එක වටේ අර පයිප්ප ගොඩවල් උඩින් යන්නේ , සරමත් නෑ දැන් ඇඟේ , අපි ලයිට් දාගන නෙවෙයි හිටියේ හඳ එලිය තිබ්බ නිසා, යන්තම් තුන් හතර දෙනෙක් එකතු වෙලා පොර බදලා අල්ලගත්ත මිනිහව , කාමරේට අරගන ගිහින් දෙහි ගෙඩියක් ඔලුවෙයි කකුලෙයි උලලා ඇඳට දාලා අල්ලගන ඉන්නත් උනා මිනිහට නින්ද යනකම්,

මට පස්සේ තමයි හිතුනේ මොකක්ද වෙන්න ඇත්තේ කියල, අරක්කු වලට සිගරට් අළු වැටුනොත් ඔයවගේ පිස්සු කෙලිනවා කියලා මන් අත්දැකීමෙන්ම දන්නවා. අර බිම වාඩි වෙලා බිබී ඉන්නකොට කෝප්ප වලට ලේසියෙන්ම අළු වැටෙන්න පුළුවන් සිගරට් කොට මාරු කරගන්නකොට. කොහොම හරි දවස් දෙකක් යනකම් ප්‍රේම්ට ඇදෙන නැගිටින්නත් බැරි තරමට ඔලුවේ කැක්කුමක් තිබුන,

ඔයිට කලින් මම වලස්මුල්ලේ වැඩකරන කාලේ  සෙට් වෙච්ච දවසක එතන හිටපු අසමජ්ජාතියෙක් තව එකෙක්ට ඕන කමින්ම සිගරට් අළු වීදුරුවට දාල තිබුනා , ඒ යකා දිව්වේ නම් නෑ එතන තිබුන ඇඳක් යට රිංගල ගන්න බැරි වුනා මෙලෝ එකෙක්ට , අන්තිමට ඇඳ ගලවල තමයි එලියට ගත්තේ අර මනුස්සයාව. අර වගේම දවස් ගානක් යනකම් ඔලුවේ කැක්කුමයි වමනෙයි තිබුනා මිනිහටත්,

දොර නම් අරින්නේ  නෑ  අයෙත් 
මේකත් වුනේ මම අක්කරපත්තුවේ ඉන්නකොටම තමයි, අපේ ප්‍රොජෙට් එකේ අන්තිම කාලේ අපි නැවතිලා හිටියේ නින්දවූර් වල ඇකොමඩේෂන්  එහෙක අපි කලින් හිටපු අක්කරපත්තුවේම එකෙන් අපිව මාරු කරා නින්දවූර් එකට කට්ටිය අඩු වෙනකොට. එතන හිටපු ලොක්ක ටිකක් අමුතු නීති දාල තිබුනේ ස්කොල හොස්ටල් එකක් වගේ, රෑ වෙලා එන්න බෑ ඉස්සරහ දොරේ යතුරු එකයි තිබුනේ වෙන කාටවත් දෙන්නේ නෑ  කොපියක්. වේලාසනින් ඇවිල්ල කන්න ඕන නැත්තම් කෑම නෑ , මාසේ මුල චමරියට සල්ලි දෙන්න ඕන කෑවත් නැතත් මාසේට එකම ගාන තමයි. අපි ඉතින් නාහෙට අහන්නේ නැති නිසා කොහොමත් ඕව ගණන් ගත්තෙම නෑ. එක දවසයි මට පරක්කු වෙලා කෑම නැති වුනේ , එදායින් පස්සේ  ඒ චමරියෙන් කෑමත් නැවැත්තුවා අපි ටික දෙනෙක්.
ඔය ඇකෝමඩේෂන් එකේ හිටපු තව මල්ලිලා දෙන්නෙක් දවසක් රෑ වෙලා ඇවිල්ලා තියනවා  අඩියකුත් ගහල. දෙන්නට ටිකක් වැදිලත්  ඉඳල තියෙන්නේ. ආවට දොරේ යතුරක් නැති නිසා කව්රු හරි ඇහැරව ගන තමයි දොර ඇරවගන්න ඕන . එදා ඇකොමඩේෂන්  එකේ වැඩිය කට්ටිය ඉඳලත් නෑ , කොහොම හරි එක ස්ටෝකිපර් කෙනෙක් ඉඳල තියනවා , මිනිහ ටිකක් අහිංසක කන්නේ බොන්නෙත් නැති චරිතයක්. දොරට ගහල වැඩිය සද්ද බද්ද කරන්නත් බෑ වටේම මුස්ලිම් ගෙවල් නිසා , මුන් දෙන්න කොහොම හරි අර ස්ටෝකිපර්ගේ ෆෝන් එකට කෝල් කරලා කරලා ඇහැරවගන තියනවා, මිනිහත් නිදිමතේ ඇවිල්ල දොර ඇරලා දීලා , අරුන් දෙන්න ඉතින් ගෙට ඇවිල්ල දොර වහල ලොක් කරලා නිදාගන.

උදේ කට්ටිය නැගිටලා වැඩට යන්න ලෑස්ති  වෙනකොට  අර ස්ටෝකිපර් ඉන්නවලු මුණ නිකම් කුණ්ඩ හට්ටියක් කරගන . අරුන් දෙන්නත් එක්ක කිසි කතාවක් නැතුව, බැරිම තැන අරුන් දෙන්න හෙමීට ගිහින් ඇහුවලු මොකක්ද වුනේ අයියේ කියල. මල පැනලා අර ස්ටෝකිපර් කිව්වලු මොකක්ද වුනේ , මං  එලියට බැහැල පොඩි චු පාරක් දාපු ටිකට තොපි දෙන්න මාව එලියට දාල දොර වහල නිදා ගත්තා , මං යන්තම් අර පේර ගහ දිගේ බඩගාලා කාමරේට ගියේ කියල. ආයේ   තොපි මැරුණත් දොරවල් නම් අරින්නේ නෑ කිව්වලු.

වැස්සත් අපිට හරහට

වහිනවට මම තාමත් කැමති නෑ  , අපි පරණ ගෙදර ඉන්නකොට වහින වෙලාවට  එලියට බැහැපු ගොනුස්සෙක්ව තලලා දැම්මම එන පිලී ගඳ තාමත් මගේ නහයට දැනෙනවා, වහලේ දිරපු රීප්ප නිසා පහත්  වෙච්ච උළුකැට අස්සෙන් වතුර වැක්කෙරෙන කොට බේසම් කෝප්ප වලන් ගේ ඇතුලේ තැන් තැන් වල තියන්න වෙනවා. නැත්තම් ඇන්කර් කවරයක් හරි කාර්ඩ් බෝර්ඩ් එකක් හරි උළු කැටේ  අස්සට රිංග වන්න වෙනවා. සමහර තෙමෙන තැන නම් කොස්සේ මිටෙන් උළු කැටේට ඇන්නහම හරියනවා.

වහිනකොට වේයොත් ඕවර් ටයිම් කරනවද කොහෙද , කොහෙන් හරි මතුවෙලා අපේ පොත් රාක්කෙ ආක්‍රමණය කරනවා , නැත්තම් රෙදි තියන තැනක් අල්ලගන්නවා. සොල්දරේ තිබුන අපේ පුස්තකාලේ වගේ පොත් ටිකයි පරණ විදුසර පත්තර ටිකයි ඔක්කොටම වග කිව්වා වේ හමුදාව.

වැස්සත් එක්ක  ගෝනුස්සෝ පත්තෑයෝ කුනකටුවෝ මාපිල්ලු ගේ අස්සට රිංගනවා , එක්කෝ දොරේ තිබුන හිල් අස්සෙන් හරි කුස්සියේ මැටි බිත්ති දිගේ ලේසියෙන්ම උන්ට ගේ ඇතුලට එන්න පුළුවන් . එහෙම අහුවෙලා මරල දාපු සත්තු කොච්චරද මන්ද .
කොච්චර ආවත් එකෙක්වත් අපි කවුරු වත්ව කෑවේ නැති එකනම් පුදුමයි.

ගෙදර තිබුන එකම ඇඳේ තාත්තා නිදාගත්තා ඉන්න දවසට අයියා මේස යට , මායි අම්මයි නංගියි අක්කයි කාමරේ බිම නිදාගත්තේ. වහිනකොට පොලොව තව සීතලයි . වැරදිලා හරි පැදුරෙන් එලියට අතක් පයක් ගියෝතින් සීතලට ඇහැරෙනවා.

වැහි දවසට ස්කොලේ ඇඳුම් තෙමාගන ගෙදර එන එක සාමාන්‍ය දෙයක් අපිට, තිබුනේ උපරිම සුට් දෙකයි දවස් දෙකක් පිට පිට වැස්සොත් වේලාගන්න එක අමාරු වැඩක් , වහින වෙලාවට ඉස්තෝප්පුව විතරයි තිබුනේ රෙදි දාන්න එකටත් හිරිකඩ ගහනවා . උදේ වෙනකොට ඇදුම් වේලිලා නැත්තම් පොල්කටු ඉස්තිරික්කේ පිහිට තමයි. තෙත ඇඳුම් වලට ඉස්තිරික්කේ තියනකොට චාස් ගාල සද්දෙත් එක්ක වාෂ්ප පිටවෙනවෙන්නේ අමුතු හුමාලෙකුත් එක්ක , තාම මට පුළුවන් නහයට  ඒ හුමාලේ මතක් කරගන්න. පොල්කටු ඉස්තිරික්කේ පිටිපස්සේ තිබුන හිලෙන් සමහර වෙලාවට ගිනි අඟුරු ඇදුම් වලටත් වැටෙනවා , හැම ඇඳුමකම ඒවගේ පිච්චුන තැනක් නැති වුනේ නෑ.

පරණ ගෙදරින් අපි ලෑලි ගෙදර පදිංචියට ගියාට පස්සේ වැස්ස විතරක් නෙවෙයි හුළඟත් අපිට කෝචෝක් කරා . වහලට තිබුන තාර ෂීට් හුළගත් එක්ක අනිත් පැත්තම ගහනවා . වහලට නගින්න කෙනෙක් හිටියේ මං  විතරක් නිසා වැස්සේම වහලට නැගලා තාර ෂීට් එක හරිගස්සන්න වෙනවා මට මුළු ගේම තෙමිලා විනාස වෙන්න කලින්. ඒ වැඩේ හැමදාම කරන්න බැරි නිසා  ටකරන් තහඩු ටිකක් ගෙනල්ල තාර ෂීට් එකට උඩින් ගැහුවා පස්සේදී.

අඳුරු ජිවිත




පැට්‍රොල් මැක්ස් නැත්තම් පෙට්‍රෝමැක්ස්  ලාම්පුවට  අපි කියන්නේ ලයිට් එක කියලා. ගෙදරට ලයිට් ගන්න කලින් විශේෂ දවසකට විතරයි ලයිට් එක පත්තු කරේ , සාමාන්‍ය දවසට චිමිනි ලාම්පු දෙකකුත් කුප්පි ලාම්පු දෙකකින් ගෙදර එලිය වුනේ. හවස් වේගන එනකොට මම නැත්තම් නංගිගේ අනිවාර්ය රාජකාරියක් වුනේ ලාම්පු පත්තු කරන එක. තෙල් මදි ඒවාට අලුතෙන් ලාම්පු තෙල් දාල චිමිනි ලාම්පු වල දැලි බැඳිලා නම් සුද්ද කරන්න වෙනවා  . හුඟක් වෙලාවට ලම්ම්පු තෙල් ඉවරයි කියල දැන ගන්නෙත් ඒ වෙලාවට . අම්මගෙන් බැනුමුත් අහගන කඩේ යන්න වෙනවා  ඒ  වෙලාවට ඔක්කොම පැත්තක තියලා. කම්මැලි කමට අපි  පත්තර කොලේකින් පිහිදානවා චිමිනියේ ඇතුල , එත් දවස් දෙක තුනකට සැරයක් සබන් දාල හේදුවේ නැත්තම්  ලාම්පුවේ එලිය අඩු වෙනවා,





වැඩිපුරම චිමිනි බිඳ ගන්නේ අපේ පීල්ලට ගිහින් හෝදන කොට තමයි. බිත්තර කටුවක් වගේ හින්ද චිමිනියේ වීදුරුව ඒක බිඳෙන්න ඇත වැදුනත් ඇති හයියෙන්, චිමිනිය සම්පුර්ණ බිඳුනේ නැත්තම් තව ටිකක් කල් අපි පාවිච්චි කරනවා යට පැත්තෙන් බිඳුනොත් එතනට කාර්ඩ් බෝඩ් කෑල්ලක් සෙලෝ ටේප් වලින් අලවලා පාවිච්චි කරනවා උඩින් බිඳුනොත් නම් මුකුත් රෙපෙයාර් කරන්න බෑ රස්නෙට ගිනි ගන්න නිසා. චිමිනියේ කෑලි අඩුයි නම් දැලි බැඳෙන වත්  වැඩියි. එතකොට දවස් ගානේ හෝදන්නත් වෙනවා, කැඩිච්ච චිමිනි හෝදන එක ඊටත් වඩා අමාරු වැඩක් වීදුරුවට අත කපාගන්නේ නැතුව සුද්ද කරන එක වෙනම  ඉගන ගන්න ඕන.  රෑට ස්කොලේ වැඩක් කරන්න තියනවා නම් ලාම්පු පත්තු කරන එක අදාළ කෙනා කරන්න වෙනවා නැත්තම් ලාම්පුවක් අයිති කරගන්න ගෝරියක් දාගන්න වැඩක්.
චිමිනි ලාම්පුවේ ගාව  තණකොළ පෙත්තෙක් නැති වෙන්නේ කලාතුරකින් එහෙම නැත්තම් සලබයෙක් හරි චිමිනියේ රස්නේ නැති හරියේ වහලා ඉන්නවා . පුළුවන් උන් අරන් දැම්මට හුඟක්  උන් දැල්ලට  පිච්චිලා ජිවිතේ එතනම් ඉවර කරගන්නවා.


කුප්පි ලාම්පු තිබුනේ පොඩි විදුරු බෝතල් වලට මූඩිය හිල් කරලා බෙලෙක් පතුරක් රවුම් කරලා ගහලා එකෙන් රෙදි පටියක් රෝල් කරලා තිරේ විදියට ඇදලා ගෙදරම හදා  ගනිපු ඒවා. එලිය නම් චිමිනි ලාම්පුව තරම් නැති වුනාට ලේසියෙන් එහා මෙහා ගෙනියන්න පුළුවන් නිසා කුස්සියේ හුඟක් වෙලාවට කුප්පි ලාම්පු තමයි පාවිච්චි කරේ. ලිප පත්තු කරන්නත් තෙල් ටිකක් ගත්තේ කුප්පි ලාම්පුවෙන්ම තමයි . ආරක්‍ෂිත කුප්පි ලාම්පු කියල තිබුනා බල්බ් එක කඩලා ඒකට  බෙලෙක් පටි වලින් ෆ්‍රේම් එකක් දාල. අල්ලන්න කොක්කුත් එක්ක. තෝමස් අල්වා එඩිසන් ලාම්පුව වෙනුවට බල්බ් එක හැදුවම අපේ මිනිස්සු අයෙත් බල්බ් එක කඩලා එකෙන් ලාම්පුවක් හදලා.



රෑට පීල්ල ගාවට හරි වෙන මොකක් හරි එළියේ වැඩකට පාවිච්චි කරේ පන්දමක් , බෝතලේකට ලාම්පු තෙල් ටිකක් දාල පොල් මුඩ්ඩක් ගහනවා . සරින් සැරේ බෝතලේ අනිත් පැත්ත ගගහා පන්දම නිවෙන්න නොදී තියාගන්න ඕන , හුළඟට නිවෙන්නේ නැති නිසා ඒක ප්‍රයෝජනවත් වුනා එළියේ පාවිච්චියට. පාන්දර බස් එහෙකට පාරට යන්න වුනත් පාවිච්චි කරේ අපි ඒ වගේ පන්දමක්. යන ගමන් අරන් ගිහිල්ලා පාර ගාවදි කොහේ හරි අකුලක් අස්සේ ඔබලා යනවා. ආයේ රෑ  වෙලා එන්න වුන දවසක් තිබුනොත් අරගන යනවා. 
පැට්‍රොල්මැක්ස් එකක් හැම  ගෙදරකම වගේ ඒකාලේ තිබුනා . අපේ ගෙදර දෙකක් තිබුනා හැබැයි වැඩ කරේ එකයි කොයි වෙලෙත් , මොකද මං ස්පෙයා පාර්ට්ස් වලට  තමයි එකක් තියාගන තිබුනේ. ලයි එක  පත්තු කරන්නේ ඉතින් කලාතුරකින් මොකද සාමාන්‍ය ලාම්පු වලට දවසකට යන ලාම්පු තෙල් ප්‍රමානෙට වඩා තුන් හතර ගුණයක් ලයිට්  එකට යන හින්දා.
ලයිට් එකේ කොටස් කීපයක් අපේ වචන වලින් කිව්වොත් ටැංකිය නැත්තම් ගෙඩිය, පොම්පේ , හෙඩ් එක , පින් එක, මැටි කට්ටේ ,මැන්ටලේ  , පියන . චිමිනිය .
ලයිට්  එකේ චිමිනිය තනි වීදුරුවකින් නෙවෙයි හැදිලා තියෙන්නේ, වීදුරු පටි රවුමට තියලා යකඩ වළලු එකකින් උඩිනුයි යටිනුයි සම්බන්ද කරලා තියෙන්නේ. චිමිනි ලාම්පුවේ තරම් ඉක්මනට දැලි බැඳෙන්නේ නැති වුනාට එකත් සුද්ද කරන්න වෙනවා කාලෙකට සැරයක්, ලයිට් එක පත්තු කරන්න කලින් අලුතෙන් මැන්ටලයක් දාන්න වුවමනාය. අලුත් මැන්ටලය  විනාකිරි වල පොඟවාලා මිරිකලා ගත්තම වැඩි කල් පාවිච්චි කරන්න පුළුවන් තාත්තලා කියනවා , මැන්ටලේ ගැට ගහන්න තියෙන්නේ මැටි කට්ටේට මැටි කට්ටේ කියන්නේ හිල් හිල් තියන මූඩියක් වගේ එකක් හෙද එකේ යට තමයි එක හයි කරලා තියෙන්නේ.
මැන්ටලේ හරියට බැලන්ස් වෙන්න ගැට ගැහුවේ නැත්තම් පත්තු කරාට පස්සේ ඇදේට තියෙන්නේ එතකොට එක්කෝ තෙල් එන බටේ වැදිලා මැන්ටලේ  ඊළඟ සැරේ පත්තු කරන්න බැරි වෙනවා, ඊළඟට ටැංකියට තෙල් දාගන්න ඕන එකට විශේෂ පුනිලෙකුත් ගෙවල් වල තියනවා, පුනිලේ බටේ වගේ කෑල්ල ඇදේට තියෙන්නේ මොකද ටැංකියේ තෙල් දාන තැන තියෙන්නේ පැත්තෙන් නිසා. තෙල් දාගත්තට පස්සේ හුලන් ගහන්න ඕන ටැංකියට . පොම්පේ තියන ලෙදර් කෑල්ල පොල්තෙල් වල පොඟවල ගත්තම තමයි හොඳට හුලන් වදින්නේ , හුඟක් එවයි ප්‍රෙෂර් එක බලන්න මීටරයක් තියනවා , නැත්තම් අතට දැනෙන ගානට ගහනවා. ඊට පස්සේ තමයි තෙල් අරින්න තියන කරාමේ ඇරලා හෙඩ්  එකේ   තියන පින්  එක ගාව තෙල් විදින කොට ගින්දර ලන්කරන්න ඕන. තෙල් මැන්ටලෙටත් වැදිලා හෝස් ගාලා මහා ගිනි ජාලාවක් උඩට එනවා , ටිකක් වෙලා පත්තුවෙනකොට ටික ටික මැන්ටලේ ඇකිලිලා සුදුපාට වේගන යනවා, ගින්දරත් අඩුවෙලා සුදු එළිය විතරක් විහිදෙනවා, ටැංකියේ ප්‍රෙෂර් එක අඩුවෙනව කියන්නේ මැන්ටලේ   රතුපාට වේගන එනවා  එතකොට ආයෙත්  හුලන් ගහන්න වෙනවා, නැත්තම තෙල් ඉවර වෙලා එහෙම වුනොත් ඉතින් ලයිට් එක නිවලා මුලක් ඉඳන් පත්තු කරන්න වෙනවා.

ලයිට් එකේ එලිය වැඩි නිසා සත්තු සැහෙන ප්‍රමාණයක් එනවා , හුඟක් උන් යන්නේ නෑ ලයි එකට උඩින් පියාඹන්න ගිහින් පිච්චිලා ඇතුලටම වැටෙනවා.

පොඩි ලන්තරුමකුත් ගෙදර තිබුනා එත් ලන්තෑරුම් වල එලිය අඩු නිසා පාවිච්චි  වුනේ නෑ වැඩිය. මම උසස් පෙලට පාඩම් කරන කොට රෑට හිටපු මැටි ගෙදර තියාගත්තේ නම් ලන්තරුම , ලන්තරුමට සාපේක්ෂව තෙල් ගියේ සැහෙන්න අඩුවෙන් .

ස්මෝක් කොන්ට්‍රොලර්



මම කන්තලේ වැඩ කරපු දවස් වල අපිත් එක්ක වැඩ කරා මහත්තයෙක් නම ධුමපාල අපේ කන්සල්ටන්ට් ගාව ලැබ් එකට හිටියේ එයා. වයසක වුනාට හරි විනෝදෙන් හිටපු මනුස්සයා. ළමයි හිටියෙත් නැති නිසා ලඟින් ගෙයක් අරගන වයිෆ් එක්කම පදිංචි වෙලා හිටියේ. අපේ හිටපු ප්‍රංස කාරයෝ තමයි එයාට ඔහොම කතාකරේ ස්මෝක් කොන්ට්‍රොලර් කියලා විහිලුවට එයාගේ නම ඉංග්‍රීසියට පරිවර්තනය කරලා.
ධුමපාල මහත්තයා ටිකක් බිව්වම හොඳ හොඳ කතා කියනවා. එක දවසක් එයාලගේ කම්පනියේ කට්ටිය ට්‍රින්කෝ ගිහිල්ලා පාර්ටියකට ධුමපාල මහත්තයත් ටිකක් වැඩිපුර අරගන එදා.කට්ටිය ගිහින් තිබුනේ වෑන් එහෙක , එන ගමන් කට්ටිය ධුමපාල මහත්තයවත් ගේ ගාවින් බස්සගන  ගිහිල්ලා.
පහුවද උදේ ධුමපාල මහත්තය ඔෆිස් එකට ඇවිල්ල කියනවලු අහ්හ් මාර වැඩේ නේද වුනේ අපේ ගේ ගාව ඊයේ , වෑන් එක පෙරලුනා නේද කියල. එතකොට අනිත් කට්ටිය කිව්වලු වෑන් එක නම් එහෙමම තිබුනා හැබැයි බැස්ස ගමන් ඔයා බල්ටි දෙකක් ගහලයි ගෙදරට ගියේ කියල.
 තව දවසක් ඔහොම කට්ටිය සෙට් වෙලා ඒ වගේම ධුමපාල මහත්තයා ගේ ගාවින් බැස්සුවහම . මිනිහ කියනවලු මේක මගේ ගේ නෙවෙයි මේ වෙන කොහේද ගෙනත් දාලා කියලා. කට්ටිය කොච්චර කිව්වත් මේ එයාගේ ගේම තමයි කියල පිළිගන්නෙම නෑලු . පස්සේ ධුමපාල මහත්තයාම කිව්වලු හා එන්න කියන්නකෝ මේ ගෙදර ඉන්න ගෑණු කෙනාට ඒ අපේ නෝනා නම් මං පිළිගන්නම් කියලා මේ අපේ ගෙදර තමයි කියල. කට්ටිය යන්තම් නෝනව ඇහැරවගන පෙන්නුවට පස්සේ  ධුමපාල මහත්තයා කිව්වලු ආ හරි හරි මේ ඉන්නේ මගේ නෝනා තමයි දැන් මං යන්නම් කියලා.

බෝඩිම් ජිවිත 4



අපේ ඇකඩමික් ඉවර වෙලා අන්තිම ට්‍රේනින් එකට මන් ගිහිපු කම්පැනියේ මට හම්බුනේ මුලින්ම ඇල්පිටියේ ඌරගහ සයිට් එකක් . එතන නවතින්න තිබුනේ  ටිකක් ලොකු ගෙයක්  පාරෙන් ටිකක් ඇතුලට වෙන්න  . හිටපු සෙට් එක ටිකක් අමුතුයි . මම කලින් හිටපු අයත් එක්ක බැලුවම එච්චර වගකීමක් නැති ප්‍රොෆෙෂනල් නැති පිරිසක් තමයි හිටියේ, යාලුවෙක් විදියේ කවුරුත් හිටියේ නෑ . සමීරයි පෙරේරායි තමයි ටිකක් කල් යනකම් හරි ආශ්‍රය කරන්න හම්බුනේ යාළුවො විදියට. ළඟ ගෙදරක අන්කල් කෙනෙක් අපිට කෑම උයලා දුන්නේ. වැඩි කාලයක් ඒ වැඩේ අන්කල්ට කරන්න වුනේ නෑ , එයාගෙම හරකා එයාගේ පස්සට ඇනලා සැහෙන්න කාලයක් ඇඳේ ඉන්න වුනා . ප්‍රොජෙක්ට් එකට සල්ලි නැති නිසා ටික කාලෙකට් එකේ වැඩ නවත්තන්න වුනා , එකෙන් මටත් ඒ කම්පැනියේම වලස්මුල්ලේ සයිට් එහෙකට යන්න වුනා. එහෙ නවතින්න තිබුනේ කඩිගමුව කියන හරියේ ගෙදරක ඔෆිස් එකත් තිබුනේ එකෙමයි . මගේ ජිවිතේ හිටපු නරකම පළාත කිව්වොත් වැරදි නෑ මං ලංකාවේ පළාත් නමයෙමත් රටවල් දෙහෙකත් වැඩ කරලා තියනවා. ඒ තරම් ගෝත්‍රික මිනිස්සු කොහෙවත් හිටියේ නෑ .
දවසම වැඩ කරලා නවතින්න තියෙන්නෙත් ඔෆිස් එකේම වුනාම ඔලුවට කිසිම නිදහසක් නෑ . පුදුම ටෙන්ෂන් එකක් ඔලුවට ඒක. කොච්චර රෑ වෙනකම් වැඩ කරත් එළිවෙනකම් නිදා ගන්න බෑ  ඔෆිස් එකේ ගෑණු ටික එන්න කලින් නැගිටින්න ඕන . නැත්තම් ටොයිලට්  එහෙකටවත් යන්න බෑ .
මගේ බැචෙක් තමයි සයිට් මැනේජර් හිටියේ. ඒකා හින්දා ටිකක් හොඳකුත් තිබුනා. වැඩ කරන්න හිටපු ස්ටාෆ් එක උන් ලෝකේ කාල වතුර බීපු සෙට් එකක් හිටියේ, එහෙන්  ගමේ උන්ගෙන් පුදුම වදයක් තිබුනේ,  වාහන වල ඩීසල්  ටික රෑට ඔක්කොම ඇදගන්නවා වැලි ගල් ටිකක් පාරේ බාල තියන්න බෑ මහා දවල් ඇවිල්ලා පටවන් යනවා. ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිකන් පොලිස් පති වගේ , බිව්වම ඔෆිස් එකට ඇවිල්ල ඔක්කොටම සද්දේ දාලා යනවා. මගේ යාලුවටනම් ගැහුවත් එක දවසක්.
පාතාලේ ගෑවිච්ච උන් හෙන චන්ඩි වගේ හැසිරුනේ ,ඇත්ත පාතාලේ උන් පුස් පැටව් වගේ ඉන්නකොට. අරුන්ගේ මුන්ගේ පාරවල් හදලා දෙන්න පුදුම වදයක් තිබුනේ. වැඩ කරනවට වඩා අපිට සැහෙන්න ප්‍රශ්න තිබුනා  ගමේ උන්ගෙන්.හැමෝටම ඒ දවස් වල මහරජ තුමාගේ උෂ්නේ  ටික  වෙන්න තිබුනා. කම්පනියේ තිබුනෙත් මහා මජර වාහන ටිකක් දවසට එකක්  නම් අනිවාර්යෙන් කැඩුනා. එක්කෝ උදේට ස්ටාර්ට් නෑ ,මම සර්වේ වුනාට  නොකරපු වැඩක් නෑ සයිට්  එකේ . යාලුවට ටෙන්ෂන් එක දරාගන්න බැරිම තැන පැදුරටත් නොකිය යන්න ගියා. ඉතුරු උනේ මම නිසා ඒ කටු ඔටුන්න මගේ ඔළුවට වැටුන. ට්‍රේනින් හිටපු මටත් ඒක වැඩි  කල් ඔරොත්තු දුන්නේ නෑ ට්‍රේනින් කාලේ ඉවර වුන ගමන් මටත්  සිද්ධවුණා යාළුවා කරපු වැඩේම කරන්න. ඒ වගේ අප්පිරිය තැනකින් ගැලවුන එක ගැන නම් අදටත් සතුටු වෙනවා.
වලස්මුල්ලෙන් ආව මට අයෙත් ජොබ් එකක් හම්බුනේ පානදුරෙන් ලොකු  අක්ක රත්මලානේ හිටපු නිසා අයෙත් මට එහෙ ඉඳන් වැඩට යන්න එන්න පුළුවන් වුනා

බෝඩිම් ජිවිත 3


ඇකඩමික් ඉවර වෙලා ආයෙත් අපි ට්‍රේනින් දැම්මා , මං ගියේ අහුන්ගල්ලේ සයිට් එහෙකට ලොකු හොටෙල් ප්‍රොජෙක්ට් එකක් . අපිට නවතින්න ඇතුලෙම ඒකෙ ඩ්‍රයිවර්ස් ක්වාටස් එක දීල තිබුනේ, ඒකත්  පොඩි හොස්ටල් එකක් වගේ තමයි . එක එක ජාතියේ උන් හිටියා එකෙත් , ඩොමේට්‍රියක් උනාට තිබුනේ සිමෙන්ති ඇඳන් , බඩුවක් තියාගන්න වත් තැනක් තිබුනේ නෑ ඇඳ විතරයි ඔක්කොටම තිබුනේ, කොහොමත් ඒ සයිට් එකේ වැඩිපුර නිදාගන්න වෙලාවක් තිබුනේ නෑ පැය 24ම වගේ වැඩ අපි ඔෆ් වුන අඩුම වෙලාව රෑ 12 . ඊට කලින් ඔෆ් වුනත් කාර්ඩ් එක ගැහුවේ 12ට . දවසට රුපියල් 200යි ගෙව්වේ OT ටිකක් කරහම තමයි කියක් හරි ගන්න පුළුවන් නැත්තම් පඩිය ඉවරයි චමරියට කැපිලම .
අහුන්ගල්ලේ සයිට් එකේ වැඩ තිබුනේ මාස 9ක් විතරයි . එක ඉවර වෙලා යුනියන් ප්ලේස් එකේ බිල්ඩින් සයිට් එහෙකට යන්න වුනා. නවතින්න වුනේ ගංගාරාමේ පිටිපස්සේ බෝඩිමක . එතනත් වැඩ ඉවර වෙන වෙලාවක් තිබුනේ නෑ එත් ඒකෙ ඩේ ඔෆ් තිබුනා . රෑට තනියම එන්න නම් අමාරුයි සයිට් ඒකෙ ඉඳන් බෝඩිමට , හොල්මන් හින්ද නෙවෙයි බල්ලෝ එක්ක , දවල්ට නැට්ට පස්සේ ගහගන ඉන්න නාටු බල්ලෝ රෑට ඉන්නේ සිංහයෝ වගේ. එකෙක් යන්තම් බුහ් ගෑවොත් රොත්ත පිටින්ම එලවනවා. අපි ඉතින් හෙන වට රවුමක් ගහල බෝඩිමට එන්නේ රෑට තනියම එනවා නම් . අපේ එකෙක්ව බල්ලෝ එළවන් එද්දී ළඟ තිබුන කුණු ලොරියක එල්ලිලා , කොහොම හරි පැයක් විතර බහින්න  දීලම නෑ , යන්තම පොලිස් පැට්‍රොල් එහෙක උන් ටිකක් දැකල බල්ලෝ එළවලා මිනිහට යන්න දීලා තිබුනේ. ඒ කාලේ තමයි අර බුදු රැස් විහිදෙන්න ගත්තේ. අපේ උනුත් ගියා ගංගාරමේ පිලිමේත් බුදු රැස් බලන්න මං  ඇර.  බෝම්බත් පිපිරුවා ඒ හරියේ කීපයක්ම අපි ඉන්න කොට අපි සයිට් එකේ උඩ  ඉඳන් බලන් ඉන්න කොට තමයි එක සැරයක් කොල්ලුපිටියේ බෝම්බයක් පිපිරුවේ. ඒ කාලේ පොලිසියෙන් රෑට දේවල් චෙක් කරා . අපේ බෝඩිමටත් දවසක්  රෑ  ඇවිල්ලා  ඉන්න කට්ටියකට එලියට එන්න කිව්වා, ඒ බෝඩිමේ ගෑණු පිරිමි දෙගොල්ලොම හිටියා කම්පැනියේ වැඩ කරපු. ඔක්කොගෙම අයිඩින්ටි චෙක් කරලා බෝඩිමේ එඩ්රේස් එක ඇහුවට එකෙක්වත් දැන ගැන හිටියේ නෑ , පොලිසියෙන් හොඳ දේශනාවකුත් අහගන තමයි නිදා ගන්න වුනේ ඉන්න තැන ගෙදරටවත් කියන්න දන්නේ නැද්ද කියල. මහා රෑ යන්න්තම් ඇඩ්මින් කෙනෙක් ඇහැරවගන එයාගෙන් තමයි එඩ්රෙස් එක අහගත්තෙ කෝල් එකක් දීල.
ට්‍රේනින් අවුරුද්දෙන් පස්සේ ආපහු ඇකඩමික් පටන් ගත්තා තුන්වෙනි සැරේට හොස්ටල් හම්බු වෙන්නේ නැති හින්දා අපි ආපහු බෝඩිමක් හොයාගත්තා කටුනායක නායක පාරේ, එතන හොස්ටල් එකේ හිටියට වඩා සද්දේ , එයාර් පොර්ට් කෑම්ප් එක පිටි පස්සේ නිසා උදේට කෆීර් ස්ටාර්ට් කරන කොට නිකන් භුමි කම්පාවක් වෙනවා වගේ. යුද්ධේ හොඳම කාලේ නිසා හැමදාම කෆීර් මිග් නග්ගනවා , අපි ඇඳේ උඩ විසිවෙනවා , එතන ඉන්නකොට තමයි කොටි කුරුම්බැට්ටි මැෂින් එකෙන් ඇවිත් බෝම්බ දාල ගියේ, අපිත් දැක්ක ඒක

බෝඩිම් ජිවිත 2

අපේ ඇකඩමික් මාස හයෙන් දෙවැනි මාස තුනේ අපිට හොස්ටල් හම්බුනා . හොස්ටල් එක තිබුනේ රේල් පාර අයිනෙමයි අපේ කාමරේත් හරියටම ඒ පැත්තේම තිබුනේ, රෑ දවල් කියලා නෑ එකේ කෝච්චි යනවා ඇයි එයාර් පොර්ට් එකට තෙල් කෝච්චි යන්නේ රෑට වැඩිපුර . එකෙන්  එකක් වුනා දැන් කනේ කෝච්චියක් ගියත් නින්ද යනවා අපරාදේ කියන්න බැරුව  . හොස්ටල් එකේ ඉතින් තනි දේවල් තියාගන්න බෑ . සබන් ටූත් පේස්ට් හන්ගලාවත් තියාගන්න බෑ . ඇදුමක් හොදල් දැම්මොත් වේලෙන්න කලින් වෙන එකක් ඇඳගන පනිනවා. සෙරෙප්පු රෑට කෝට්ටේ යට තියාගත්තොත් මිසක් බේර ගන්න බෑ . උදේට ටොයිලට් බාත්රුම් පෝලිම් නිසා මං කාටත් කලින් නැගිටලා ඒ වැඩ ටික කර ගන්නවා. ඒ පුරුද්ද තාමත් තියනවා බැණුමුත් අහල තියනවා යාලුවොන්ගෙන් එලි වෙනකන් නිදාගන්න බැරි පව්කාරයා කියල.
පලවෙනි සැරේ මං  ට්‍රේනින් දාගත්තේ ගාල්ලේ වෝටර් බෝඩ් එකට , ගෙදර ඉඳන් යන්න අමාරු නිසා මං අපේ ලොකු අම්මලාගේ ගෙදර නැවතුනා වඳුරඹ . මාස නාමයක් එහේ හිටියා , උදේට වඳුරඹ ඉඳන්  කරාපිටියටත් කරාපිටියෙන්  කලේගානටත් යන්න ඕන වුනා අපේ ඔෆිස් එකට. එතන හිටියේ අපේ සීනියර් අයියල අක්කලා හින්දා ගොඩක් උදේට කව්රු හරි එක්ක එයාලගේ සයිට් එහෙකට ගිහින් හවසට ඔෆිස් එකට එනවා . ඒ කාලේ තමයි ලංකාවට සුනාමිය ආවෙත් .
අපිත් ගියා සුනාමියෙන් පස්සේ ටවුන් එක සුද්ද කරන වැඩ වලට.
සඳුදා උදේට ගෙදර ඉඳන් ගියේ වැඩට , උදේ පාන්දර පහේ බස් එකට එන්න ගෙදරින් හතරයි කාලටවත් එන්න ඕන බයිසිකලේ ගෙදර තිබුනට මාව පාරට දාල එන්න කවුරුත් හිටියේ නැති නිසා මට පයින්ම තමයි යන්න වුනේ කිලෝමීටර් හතරක් . සිකුරාදා හවසට අයෙත් ගෙදර එන්නේ ගාල්ලෙන් පහමාරේ බස් එකේ ගෙදර එනකොට රෑ  නමය වත් වෙනවා , එනකොටත් පයින් තමයි අන්තිම ටික එන්න වුනේ.
ට්‍රේනින් ඉවර වුනාම අයෙත් ඇකඩමික් වලට කටුනායක යන්න වුනා, හොස්ටල් හම්බුවෙන්නේ නැති නිසා අපිට බෝඩිමක් හොයාගන්න සිද්ධ වුනා අපි කට්ටියක් එකතු වෙලා ගෙයක් රෙන්ට් එකට ගත්තා කටුනායකින් . සාලෙයි කාමර දෙකයි තිබුනේ ඒකෙ , බත්රුම් එකක් නෑ වක්කරගන නාන්න ටැංකියක් තිබුනේ. එළියේ ටොයිලට් එකක් තිබුනේ,
අපි උදේට කෑවේ කඩේකින් දවල්ට කැන්ටින් එකෙන් කෑවා ළඟ ගෙදරකින් කෑම පාර්සල් දුන්නා. හැමදාම බත් වලට කකුළුවෝ තිබුනා ඒ ගෙදර මිනිස්සු කලපුවේ මාළු අල්ලන හින්දා , ටික දවසක් යනකොට කකුළුවෝ කෑමත් එපා වුනා, ඔය අස්සේ අපේ එකෙක් ළඟ ගෙදරක හිටපු පොඩි කෙල්ලෙක් එක්ක නිහඬ ලව් එකකුත් පටන් අරන් තිබුනා කෙල්ල 9වසරේ විතර, අපි කිව්වේ චුටි කුකු කියල.  දෙන්නට දෙන්නා රෑට ජනෙල් වලින් බලන් ඉන්නවා විතරයි , කතාබහක් නෑ . අපි සමහර දවසට බිලා රෑ වෙනකම් සින්දු කියන නිසා ඒ කෙල්ලගේ අම්ම අපිට කීප සැරයක්ම සද්දෙකුත් දැම්ම , බැරිම තැන කෙල්ලත් අරන් වෙන තැනකට ගියා.  අරු ටික දවසක් හුලන් ගියා වගේ හිටියා අපිට බැන බැන .
අපේ හයිවේ සෙට් එකත් ඒ ලග ගෙදරක කාමරයක් අරන් හිටියේ. ඒ ගෙදර හිටියෙත් අක්ක කෙනෙකුයි එයාගේ දුවයි . එකෙක්වත්  තනියම නම් ඉන්න බයයි බෝඩිමේ . ඒ ගෙදර බල්ලා අපිත් එක්ක අපේ බෝඩිමටත් එනවා, දවසක් රෑ අපි උව අල්ලලා කරේ එල්ලුවා බෝර්ඩ් එකක් අර අපේ හයිවේ සෙට් එකේ උන්ගේ කාර්ඩ් ටික ලියලා . උදේ අපි යනගමන් අක්ක ඉන්නවා ගේ ගාව , බලන්න මල්ලි කවුද සක්කිලි වැඩක් කරලනේ අපේ බල්ලට කියල කිව්වා අපිට, අපිත් අනේ ඇත්තද අක්කේ කියාගන ගියා.
මාස තුනෙන් පස්සේ අයෙත් අපිට හොස්ටල් හම්බුනා, බෝඩිමට ආයුබෝවන් කියලා ආපහු හොස්ටල් එකේ කාමරයක් අල්ල ගත්තා.
හොස්ටල් ඉන්නකොට රෑට කෑවේ ළඟ කඩේකින් ,  ඒකේ බත් කනවානම් ඕන තරම් දෙනවා හැබැයි එක පිඟානේ කන්න පුළුවන් එක්කෙනාටයි , අපේ උන් ඉතින් වේටර්ට කියක් හරි දීලා දෙන්න දෙන්න කනවා. කන්න යන ගමන් අපිට පාරේ කරුවල තැන්වල XX සීන් බලාගන්නත් පුළුවන්. කලාපේ වැඩ කරන ගෑණු ළමයින් එහෙ ඉන්න මදාවියෝන්ට අහුවෙලා පාරවල් ගානේ ඉන්නවා. හොස්ටල් එකේ තිබුනේ කාමර 44යි අල්ලපු වැටේ තිබුන බෝඩිමට කිව්වේ  45 බෝඩිම කියලා. ඔකේ හිටපු අපේ සෙට් එකක් පොඩි බැල්මට් පාරක් දාගන හිටියා කාලයක් . වෙන එකෙක් ගිහිල්ලා බැල්මට් එක වැඩිපුර විඳගන්න හදලා මාට්ටු වෙලා ගුටිත් කාල පොලිසිත් ගිහිල්ලා  පොලිසියේදී  ඒ ගෑණු කෙනාට වැඳලා සමාව ගන්නත් වුනා , දැන් නම් ඌ ප්‍රසිද්ධ ස්කොලෙක ගුරුවරයෙක් .

බෝඩිම් ජීවීත -1


මොකක්දෝ කරුමෙකට මගේ ජිවිතේ වැඩි කාලයක් ගෙවුනේ ගෙදරින් පිට, ඉස්කෝලේ යන්නත් කලින් ඉඳලා , ඉස්කෝලේ යන්න පටන්  ගත්තම ඉඳලා ස්කොලේ ගිහින් ඉවර වෙනකන් නම් ගෙදර ඉන්න වාසනාව තිබුනා. මං   හෝඩියේ ඉඳන් එකම ස්කෝලෙකට ගියපු නිසා.
ස්කොලේ යන්න කලින් අපේ ගෙදර ළමයි වැඩි නිසා මාව එක එක තැන් වල නවත්තලා තිබුනා .හල්විටිගල  අපේ මද්දුම තාත්තලාගේ ගෙදර කාලයක්. බද්දේගම මද්දු අම්මලාගේ ගෙදර කාලයක් , ඔය විදියට ඒ 1988දී
ස්කොලේ ගිහින් ඉවර වෙලා රත්මලානේ ලොකු  අක්කලාගේ ගෙදර ඉඳන් කම්පියුටර්  කෝස් එකක් කරපු නිසා මාස 6ක් එහෙ හිටියා 2003දී . ඒක ඉවර වෙලා අයෙත් කාලයක් ගෙදර හිටියා මගේ උසස් අධ්‍යාපනේට අවස්තාව හම්බු වෙනකම්. ඒ කාලේදී මං වත්තේ පිටියේ වැඩ ටිකකුත් කරා , තේ පැල බාස්කට් දැම්මා. තනියම තේ පාත්තියක් ඉන්දුවා .
2004 දී ආපහු කොළඹ යන්න සිද්ධවුනා මගේ උසස් අධ්‍යාපනේට . මුල් මාස 3 හිටියේ අයියත් එක්ක එයාගේ නුගේගොඩ බෝඩිමේ. එහේ ඉඳන් දවස ගානේ කටුනායක ගියා. මුල දවස් වල නම් නුගේගොඩ බෝ ගහ ගාවට පයින් ගිහන් එතනින් පිටකොටුවට ගිහින් 187 ගියේ.  පාගොඩ පාරේ බස් ඇත්තේ නෑ   එච්චර උදෙන් . පස්සේ  සුපර් මාකට් එක ගාවින්  176 නැගලා ආමර් ස්ට්‍රීට් එකෙන් බහිනවා , එතනින් 240 හරි 92 කුලියාපිටිය එහෙක හරි නැග්ගම කටුනායක යන්න ලේසියි.
අයියා තමයි ඒ දවස් වල මගේ ඔක්කොම වියදම්  බලාගත්තේ , එක දවසක් එයා දුන්න රුපියල් දෙසීයක් , එක දෙසියේ කොලයක් ඒ දවස් වල තිබුන , නිල් පාට ප්ලාස්ටික් වගේ කොලේ . මං  කටුනායක ඉඳන් එන ගමන් ඕක දුන්නා 240 බස් එහෙකට , කොන්දා ඒක ගන්න බෑ කියාපි ඉරිලා කියල චුට්ටක් , මං කිව්වා ඉතින් මං ගාව වෙන සල්ලිත් නෑ කියල. මිනිහ මාව බැස්සුවේ නම් නෑ . අරක ගත්තෙත් නෑ . අයෙත් මං ආමර් ස්ට්‍රීට් එකෙන් බැහැල 176 යන්න තියෙන්නෙත් අර දෙසීයම තමයි , ඒ බස් එකටත් දුන්නට මිනිහා ගත්තෙත් නෑ . වෙන සල්ලි නැති නිසා ඉතින් මට කරන්න දේකුත් නෑ . එකේම ගියා ඉතින් සල්ලි  නොදී .
හවසට 176 එනවා කියන්නේ ඉතින් බුදු ගණන් ලෝඩ් එකයි පාරේ ට්‍රැෆික් එකයි නුගේගොඩ පෙනී පෙනී පැයක් විතර  ඉන්නවා . සමහර දවසට නම් මං  බැහැල පයිනුත් යනවා. යනකොට නම් මහන්සි නිසා බෝඩිමට පයින් යන්න අමාරුයි . 163ක් එනකම් ඉඳලා එල්ලිලා යනවා නාවල  පාරේ මාතර බත් කඩෙන් රෑට අයියටයි මටයි  කෑම එහෙකුත් අරගන.
එක දවසක් ඔහොම 163ක් එනකම් බලන් ඉන්න කොට ආවා හිස් බස් එකක් ජුබිලි කනුව පැත්තෙන් යන , අයියගේ බෝඩිමට ඒ පාරෙනුත් යන්න පුළුවන් . මමත්  නැග්ග ලොක්ක වගේ, කොහොම හරි බහින තැන බලාගන්න බැරි වුනා මට ගිහින් බැස්සේ පිටකෝට්ටේ හංදියේ . එතන ඉඳලත් පයින් එන දුර බෝඩිමට , ඉතින් මං දැන් පයින් එනවා එතකොට ආවා 163 බස් එහෙකුත් මහන්සිත් නිසා මාත් නැග්ගා. ටික දුරක් ගියා  පාර ටිකක් වෙනස් වගේ. බලද්දි මං නැගලා තියෙන්නේ බත්තරමුල්ල පැත්තට යන බස් එකක. මං යන්න ඕන නුගේගොඩ පැත්තට. පිටකෝට්ටේ හංදියේ ඉඳන්ම මං පයින් ගිහින් තියෙන්නේ වැරදි පැත්තට බස් එකෙන්  බහින කොට බෝඩිමට තව දුරයි . දැන් නම් පයින් යා ගන්න පණක් නෑ. තිබ්බ රු50ක් දීල ත්‍රීවීල් එකක් අල්ලගෙන බෝඩිමට ආවේ.
අපේ රැග් සීසන් එකේ අන්තිම කාලේ එක දවසක් අපිට තිබුනා උදේ 4ට කටුනායක ඉන්න ඕන . මන් නුගේගොඩින් පිටත් වුනේ රෑ 2ට . පයින්ම ගියා බෝගහ ගාවට  එතනින් බදුල්ල ඉදන් ආපු AC එහෙක ගියා පිටකොටුවට , එතනිනුත් ළඟ බස් තිබුනේ නෑ අනුරාධපුර එහෙක යන්න්තම් කෙඳිරි ගාල කටුනායකට දම්ම ගත්තේ.
නිවාඩු දවස් බෝඩිමේ ඉන්නවා කියන්නේ විකාරයි. ළඟ පාතක කෑම කඩයක් තිබුනේ නෑ , කෑම එකක් ගන්න නුගේගොඩටම යන්න වෙනවා. උදේට මැගී නුඩ්ල්ස් එකක් කාලා දවල්ට බස් එකේ ගිනින් කෑම එකක් ගේනවා , රෑට ඉතින්  ළඟ තිබුණු ඇල්හෙවන  කියන රෙස්ටුරන්ට් එකෙන් කොත්තු කනවා , කොත්තු එපා වෙනකම් කෑවා ඒ දවස් වල .
නුගේගොඩ බෝඩිමට ඒ කාලේ ආව අය කිව්වේ හොල්මන් මන්දිරේ කියලා. මොකද ඒ ගේ ටිකක් පරණයි අපි හිටියේ ගෙයි එක කාමරේක විතරයි අපිට ඒකාලේ එච්චර වත්ත මිදුල ගැන හොයන්න උවමනාවක් තිබුනෙත් නෑ වටේ පිටේ කැලේ වැවිලා තිබුනේ . අයිති අන්කලුයි ඇන්ටියි ඇවිල්ල මාසෙකට දවසක් විතර සුද්ද කරලා යනවා.  එහෙම ආපු දවසක ඇන්ටි දැකල කුස්සියේ තිබුන කොකා කෝලා බෝතල් ටික කියනවා පුතාලා මෙච්චර මේවා බොන්න එපා හොඳ නෑ කියලා. ඇන්ටි කොහොමා දන්නේ ඕවා නිකන් බොන්න නෙවෙයි සැන්ඩි කරන්න ගෙනාපුවා කියලා. අරක්කු බෝතල් ටික පේන්න තිබුනේ නැනේ .

මහා රෑ විලාපේ



අපේ හොස්ටල්  තට්ටු තුනයි ඒක තට්ටු දෙකක් මැදින් බෙදලා එක පැත්තක  තමයි ගෑණු ළමයි හිටියේ. ග්‍රවුන්ඩ් ෆලෝ එකේ TV රූම් එක කොමන් ගෑණු පිරිමි දෙගොල්ලොන්ටම හැබැයි ගෑණු ළමයින්ට අටෙන් පස්සේ ඉන්න තහනම් TV රුම් එකේ . කිසිම විසම ක්‍රියාවක්  අපේ බැජ් එකට වෙනකම් නම් වුනේ නෑ . සහයෝගෙන් හිටියා . ෆ්ලෝ  එක බෙදලා තිබුනේ යකඩ දැලකින් අනිත් පැත්ත පේනවා එකෙන් , කපල් හිටපු උන් නම් ඔය දැල හරහා එක එක දේවල් හුවමාරු කරගන තියනවා රෑට රෑට . ඒ ඇරෙන්න ගෑණු ළමයින්ගේ පැත්තෙන් කම්ප්ලේන් එකක්වත් ගියේ නෑ කොල්ලන්ගේ හැසිරීම ගැන.
ඒ අපිට සෙමිස්ටර්  එග්සෑම් තිබුන  දවසක්, හැමෝම මහා රෑ වෙනකම් ඇහැරිලා හිටියේ,  රෑ 11ට විතර ගෑණු ළමයින්ගේ පැත්තෙන් මහා විලාපයක් ඇහෙනවා අපිට . දඩ බඩ ගාල එලියට පැන්නට අපිට ඒ පැත්තට යන්න බෑ ඇතුලෙන් ලොක් කරලා තියෙන්නේ . අප හිතුවෙම කව්රු හරි පිට එකෙක් ඇතුලට පැනලා කියලා.
ඇතුලේ හිටපු මිස් කෙනෙක් දොර ඇරලා කතා කරාම තමයි අපි විස්තරේ දැන ගත්තේ. එක ළමයෙක් කාමරේ උළුවස්සට අත තියාගන ඉන්න ගමන් හුළඟට දොර වැහිලා, ඇඟිල්ල දොරට අහුවෙලා . එයා බාත්රුම් එකට ගිහින් අත හෝදන කොට තමයි දැකලා තියෙන්නේ ඇගිල්ලේ කෑල්ල නැහැ කියලා. ඒ වෙලාවේ තමයි අර කෑගහල තියෙන්නේ. ඇගිල්ලේ කොටසත් අරගන හොස්පිටල් ගෙනිච්චට තැලිලා නිසා බද්ධ කරන්න බැරි වුනා. ළමයි ඔක්කොම රෑ ගොඩක් ෂොක් වුන නිසා පහුවෙනිදා එග්සෑම් එකත් කැන්සල් කරා. මහන්සි වෙලා ගෙවල් වල ඉඳන් පාඩම් කරගන ආපු උන් බැන බැන ගෙදර ගියා.

මැරීන් කුකුළා


අපිට වඩා බැජ් හතරක් උඩ බැජ් එහෙක හිටපු අයියා කෙනෙක් තමයි කුකුලා මිනිහා මැරීන් කරලා නැවක වැඩ කරේ ඒකාලේ, නැවෙන් බැහැපු ගමන් ගෙදර යන්නත් කලින් මිනිහා එන්නේ හොස්ටල් එකට . ඇවිල්ලා මොන බැජ් එකේ කවුරු හරි එකෙක්ව කුදලගන යනවා මිනිහත් එක්ක බොන්න. අප්පා උගේ කතා ටිකයි ඉවරයක් නැති බීමයි හින්දා මොකෙක්වත් කැමැති නෑ යන්න . අපි හිටියේ හොස්ටල් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ . දවසක් රෑ අපිට පේනවා කුකුලා අයියා  හොස්ටල් එකේ ගේට්ටුවෙන් ඇතුලට එනවා. මුට අහු වුනොත් විසුමක් නැති හින්දා කට්ටිය කරේ දඩ බඩ ගාලා ලයිට් ඔෆ් කරලා ඇඳට පැනලා නිදා ගන  වගේ හිටියා , සාමාන්‍යයෙන් හොස්ටල්  එකේ කාමර වල දොරවල් ලොක් කරන්නේ නෑ . කරාට වැඩක් නෑ කොහොමත් කඩනවා කවුරු හරි. දැන් කුකුලා අයියා ආවා ග්‍රවුන් ෆ්ලෝ එකේ කාමර බලාගන බලාගන ගියා අපේ කාමරේටත් එබුනා ලයිට් එක දාල බැලුවා , ඔක්කොම නිදි , නිදිනම් කරදර කරන්නෙත් නෑ මිනිහා. ලයිට්  එක ඔෆ් කරලා මිනිහා ගියා . අපිත් ටිකක් වෙලා එහෙමම ඉඳලා එකෙක් ඔලුව උස්සලා ඇහුවා අරූ ගියාද බං කියලා.
අම්මට හුඩු  කුණුහර්ප වරුසාවක් එක්ක කුකුලා අයියා ආවේ  නැද්ද කාමරේට . තොපි හිතුවද තොපි මාව ඇන්දුවා කියලා. තොපිට කලින් අපි මේවයි  හිටියේ.කියල. බැලින්නම් මිනිහා ලයිට් එක ඔෆ් කරලා එලියට වෙලා ඉඳලා. පැය දෙහෙක විතර දීර්ඝ දේසනාවක් අපිට දීලා මිනිහ යන්න ගියේ එදා. මිනිහත් එක්ක බොන්න ගියානම් ඊට වඩා හොදයි කියල හිතුනා.

ටියුෂන් කාලේ කොලු වැඩ


ටියුෂන් යාමත් එක්ක අපිට ටිකක් නොහොබිනා වැඩ කරන්න අවස්ථාවකුත් හම්බුනේ නැත්තේ නෑ . ඒකාලේ අපේ කොලු ගැන්සිය කඩේකට එනවට නම් කිසිම මුදලාලි කෙනෙක් කැමති වුනේ නෑ. තේ බොන්න ගියාම අතට අහුවෙන මොනවා හරි දෙයක් සාක්කුවේ දාගන එන කීප දෙනෙක් අපේ හිටපු නිසා,
රෝල්ස් එකක් නෙවෙයි කන්නේ දෙකක් එකට තියාගන එහෙම කාල එහෙකට සල්ලි දීලා මාරු වෙනවා. ඒ කාලේ හුගක් කඩවල් වල අයිස් පැකට් තිබුනට ෆ්‍රිජ් එක එක්කෝ කඩේ පිටි පස්සේ ගෙදර හරි ඇතුලක හරි තිබුනේ. ඉතින් අපේ උන් ඒවගේ කඩවල් හොයාගන යන්නේ. අපි අයිස් පැකට් දෙකක් ඉල්ලනවා ඒ අස්සේ  අනිත් උන්ගේ  සාක්කු ෂර්ට් අස්ස පිරෙනවා මුදලාලි ෆ්‍රිජ් එක අරින්න යනකොට. කන ජාති කියලම නෑ සබන් කෑල්ලක් හරි ඔබා ගන්නවා සාක්කුවේ වෙලාවේ හැටියට.
අනේ අසරණ මිනිස්සු .
හැබැයි එක දවසකින් පස්සේ අපි ඒවා නැවැත්තුවා මොකද එක මුදලාලි කෙනෙක් අපේ උන් කනවා හොදට මීටර් කරන ඉඳලා සල්ලි ගෙවද්දී වැඩේ අල්ල ගත්තා . අපේ හිටපු චන්ඩි එකෙක් අර අහිංසක මනුස්සගේ සොකේස් එහෙකුයි ටොපි බෝතල් ටිකයි කුඩු කරලා තමයි එලියට බැස්සේ . එතනින් පස්සේ අපි පොදු තීරණෙකට ආවා ඒ වගේ වැඩ  නවත්තන්න.
 සමහරු නම් එත් කරලා තිබුනා ඊට පස්සෙත් . OL ලියල ගෙදර ඉන්න කාලේ ක්‍රීඩා උත්සවේකට ගිහින් එන ගමන් මග කඩේකින් තේ බිලා එකෙක් අරන් එන්න දෙයක් නැතුවද මන්දා හොරාත් කාල මුදලාලිගේ ග්‍රෑම් 500 පඩියත් සාක්කුවේ දාගන ඇවිල්ල . කොහොම හරි මුදලාලි දැනගැන ස්කොලේටම ඇවිල්ලා කියලා තිබුනා හොරා කාපු සල්ලි ඕන නෑ ග්‍රෑම් 500 පඩිය හම්බුනොත් ඇති කියල.
අපේ උන් ඉතින් ඒ කාලේ ගෙවල් වල නිසා සර් කෙනෙක් එකෙක්ගේ ගෙදරට බයිසිකලේකින් ගිහින් මුදලාලිගේ පඩිය ගෙනත් දීලා තිබුන.

ඕ ලෙවල් ටියුෂන් 2


 
දහය වසරේදී හැමෝම යන නිසා ඉංග්‍රීසි පන්තියකටත් යන්න පටන් ගත්තා. ඒ ස්කොලේම ඉංග්‍රීසි උගන්නපු ජයරංග සර්ගේ. අනිත් ළමයි ඔක්කොම ගිහිපු නිසා මං  විතරක් යන්නේ නැත්තේ සල්ලි නැති නිසා බව සර්ට තේරිලා සල්ලි ඕන නෑ  පන්තියට එන්න කියලා සර් කිව්වා. එත් ඉතින් මං  කොහොම හරි සල්ලි දුන්න සර්ට. එකත් රුපියල් 15ක්ද කොහෙද දවසට. සර් නම් ඉස්කෝලෙත් හොඳට ඉගැන්නුවා එත් විද්‍යාවට ආපු සර් නම් එහෙම කරේ නෑ එයා ටියුෂන් එකකුත් කරා ,ඒක නිසා ස්කොලේ ඉගැන්නුවේම නෑ , බොරුවමයි කරේ. මට කොහොමත්  තව ටියුෂන් එහෙකට යන්න වත්කමක් තිබ්බේ නෑ . එත් මට සැහෙන්න කැපිලි තිබුනා එයාගෙන් ටියුෂන් එකට එන්නේ නැති එකට. මමත් තව කීප දෙනෙකුත් විතරයි ගියේ නැත්තේ. හැබැයි මට විද්‍යාවට ලකුණුත් ටිකක් තිබුන නිසා මම ඕ ලෙවෙල් වලට D  එකක් ගත්තොත් එයාගේ ගොඩට එක දාගන්න බැරි වෙන නිසා කීප සැරයක්ම මට එන්න එන්න කියලා කටින්ම කිව්වා. එක දවසක් මං  නිකමට ගියා පන්තියට .එයා ස්කොලේදී කරන බොරුවයි ටියුෂන් එකේදී උගන්නන්න තියන උනන්දුවයි  දැක්කම මට එක දවසින්ම එපා වුනා මනුස්සයව.

එකොළහ වසරේදී මට තේරුනා විද්‍යාවටත් ටියුෂන්  එහෙකට යන්න වෙනවා කියලා. වාසනාවට අලුතෙන් සර් කෙනෙක් විද්‍යාව පන්තියක් දැම්මා ජයලත් කියලා.  . අර ස්කොලේ උගන්නපු සර්ට බයේ කවුරුත් ආවේ නෑ අළුත්  පන්තියට නිකමටවත්. අපි කීප දෙනෙක් ගියා. ළමයි දහයක් වගේ හිටියේ, අපි සර්ට කිව්වා අපේ දැනුමේ තත්වෙත් ස්කොලේ උගන්නන විදියත්. ඒ සර් බොහොම ප්‍රතිපත්ති ගරුක මනුස්සයෙක් . එයා ආවේ ටිකක් දුර ඉඳලා අපි දහ  දෙනාගෙන් එයාට පෙට්රෝල් වියදම වත් හම්බුනේ නෑ බයිසිකලේට. හැබැයි එයා පොරොන්දු වුනා අපිට අවුරුද්ද ඉවර වෙනකම් පන්තිය කරන්නත් අපිට නමය දහය පන්ති වලදී මග අරුණු පාඩම් ටික  විභාගෙට අවශ්‍යය ප්‍රමාණයට කවර් කරලා දෙන්නත්.  ඇත්තටම මට හිතුනේ සර් එහෙට ආවේ මං  වෙනුවෙන්මයි කියල. හරිම දක්ෂ විදියට සර් විෂය ඉගැන්නුවා මං  දන්නෑ සර් එයාගේ ස්කොලෙත් එහෙම ඉගැන්නුවාද කියලා, එත් අපිට ලොකු ගව්රවයක් තිබුනා සර් ගැන.
මම ඇතුළු ජයලත් සර්ගේ පන්තියට ගිහිපු ළමයි ටිකට ස්කොලේදී අර විද්‍යාව සර් බොහොම කැත විදියට සැලකුවේ, විද්‍යාගාර පරීක්ෂණ වලදී අපිට අවස්තාව දුන්නේ නෑ . විභාගෙදි වුනත් පේපර් හරියට බලලා තිබුනේ නැහැ අපේ. ජයලත් සර් කිව්වේ ඕ ලෙවල් පේපර් බලන්නේ එයා නෙවෙයි  නිසා ඉවසගන ඉන්න කියලා.

11 වසරේදී  ගණිතයටත් මං වෙන මිස් කෙනෙක් ගාවට ගියා ටියුෂන්  වලට . ඒකාලේ ඒ පැත්තේ ජනප්‍රිය වෙලා හිටපු . මොහාන් සර් නරක නැති වුනාට පැමිණීමේ අඩුවයි, අලුත් ට්‍රෙන්ඩ් එකයි නිසා මටත් අලුත් පන්තියට යන්න වුනා. විනිතා මිස් ඇත්තටම හරිම ආසහිතෙන් විදියට ඉගැන්නුවා ළමයින්ටත් හරි කරුණාවෙන්. මිස්ගෙන් මටත් විශේෂ සැලකිල්ලක් තිබුනා මගේ හැකියාව අඳුරගන තිබුන නිසා මිස් . හැමදාම මට කිව්වේ D එකක් ගන්න නෙවෙයි 100% ගන්න ට්‍රයි කරන්න කියලා ගණිතයට. 100% ගන්න ළමයින්ට ජපන් යන්න ස්කොලර් ෂිප් එකක් හම්බුවෙනවා කියලා.
 ඒ කලේ ඔය එක පන්තියක් වත් තිබුන ගොඩ නැගිලි ස්ථිර ඒවා නෙවෙයි අනිවාර්යෙන් වැස්සට තෙමුනා. වැස්ස වෙලාවට උගන්නන්න බැරිවුණා කොහොමත් ටකරන් වලට වැස්ස වැටෙනකොට. රුපියල් දහයට පහළොවට උගන්නපු ඒ  මිනිස්සු ඇත්තටම ගුරුවරු කියන නම තිව්වා. ඉස්කෝලේ වුනත් උගන්නපු ගුරුවරු ඇත්තටම දැන් ඉන්න අයත් එක්ක බැලුවම නම් මල් තියල වඳින්න ඕන.
 11 වසරේ අන්තිමේදී අපි පොඩි උපහාර උත්සවයක් තිබ්බා ගුරුවරුන්ට අපිට උගන්නපු. එතකම් අපේ ස්කොලේ එහෙම දෙයක් කෙරිලා තිබුනේ නෑ . මහා දෙයක් කරේ නෑ පොඩි බුක් මාර්ක් එකක් ප්‍රින්ට් කරලා නිසඳැසක් එක්ක . කේක් බිස්කට් ටිකක් එක්ක බීම ටිකක් දුන්නා පුළුවන් විදියට. එකත් ඉතින් එයාලට ලොකු දෙයක් වුනා ඒ කාලේ. 








ඕ ලෙවෙල් ටියුෂන් 1




අපේ අක්කාලාගේ දරුවෝ ටියුෂන් යන්න පටන් ගත්තේ ඉස්කෝලේ යන්නත් කලින් ඉඳන් මට හිතෙන්නේ , දැනටම ටියුෂන් පන්ති හතර පහකටම යනවා. තව කාලයක් යනකොට මොන විදියේ තත්වයක් ඒවිද කියලා හිතාගන්නත් බෑ මට නම් . ඉස්කෝලේ ගුරුවරු විෂය බාගෙට උගන්නලා ඉතුරු ටික දැන ගන්න එයාගේ ටියුෂන් එකට එන්න කියනවා කියලා මං අහගන අක්කලාගේ ළමයි කියනවා. තව කාලයක් යනකොට ඉස්කෝලේ පීරියඩ් එකට පන්තියට  ඇවිල්ල ගුරුවරු ළමයි මං  මේ කරන්නේ ටියුෂන් එකේදී උගන්නන්න තියන ටික කියල ටියුෂන් ෆී එක ඉස්කොලේදීම ගත්තත් පුදුම වෙන්න දෙයක් නෑ . ළමයින්ගේ වෙලාවත් ඉතුරුයි එතකොට. මම දැක්කා FB එකේ පොස්ට් එකක් එහෙම කරන ගුරුවරු ගැන කම්ප්ලේන් කරන්න නම්බර් එක්ක දීල තියනවා. මටත් එහෙම අසාධාරණයක් වුනා කියලා මතක් වුන නිසා තමයි මේක ලියන්නත් හිතුනේ. අපිට එහෙම කොච්චර වුනත් ගුරුවරුන් ට එරෙහිව මොනවත් කියන්න තරම් ධයිර්යයක් අපිට තිබුනේ නෑ ඒ කාලේ . ගුරු ගව්රවය කියන එක තිබුනා චුට්ටක් හරි.

මං  මුලින්ම ටියුෂන් පන්තියකට  ගියේ  නමය පන්තියේදී  ඉංග්‍රීසි වලටයි ගණිතයටයි. අටේ පන්තියේදී මං ටිකක් ඉගනීමට දුර්වල නිසා ගණන් වලට ටියුෂන්  පංතියකට යන්න හිතුවා. අටේ පන්තියේදී අපිට හරියට ගුරුවරයෙක් හිටියේ නැහැ ගණන් වලට සිංහල උගන්නපු සර්ම තමයි ගණනුත් ඉගැන්නුවේ , මට නම් මෙලෝ මල දානයක් තේරුනේ නෑ , ගණන් වලට විසි ගණනක් ගත්තෙත් මං මාර අමාරුවෙන්. විද්‍යාවත් එහෙමම තමයි හිටපු මිස් ආහාර දාම පාඩම මාස ගානක් ඉගැන්නුවා අන්තිමට එයාට යැපෙන්නා කියලා නමකුත් වැටුනා එක නිසා . මං  හිතන්නේ විද්‍යාව පොතෙන් කාලක්වත් ඉගන ගත්තේ නෑ අපි අවුරුද්දටම. අපේ අයියා වගේ උසස් පෙළට සයන්ස් කරන්න හිතාගන හිටියත් නමය වසරට එනකොට ඒක නිකන් හීනයක් වුනා මොකද මං ගණන් වලටයි විද්‍යාවටයි දෙකටම සැහෙන්න දුර්වල වෙලා හිටපු නිසා. ඉංග්‍රීසි වලටත් වැඩිපුර කරේ කොපි රයිටින් ලියන එක . ඒ ඉංග්‍රීසි වලට හිටපු ගුරුවරු නම් වස කම්මැලි අය අපිට මොකක් හරි වැඩක්  දීල එයාලා එයාලගේ වැඩක් කරගත්තා . ඉස්කෝලෙන් දුන්න ඉංග්‍රීසි පොත්වල තිබුනේ මොනවද කියලවත් අපි දන්නේ නෑ.

හැබැයි නමය වසරේදී ස්කෝලෙට අලුතෙන් ගුරුවරු ටිකක් ආවා ගණන් වලට ආපු භද්‍රා  මිස් බොහොම හොඳට ඉගැන්නුවා . ඒ අතරේ මං ටියුෂන් එහෙකටත් යන්න පටන් ගත්තා, ඒ මොහාන් සර්ගේ  ටියුෂන් පන්තියක් කිව්වට ඒක පොඩි මඩුවක තිබුනේ පිට ලෑලි වලින් බංකු හදලා , වැස්ස වෙලාවට ළමයි කුඩ ඉහල ගන්නවා නැත්තම් තෙමෙන්නේ නැති තැනක් හොයාගන ගිහින් වාඩි වෙන්න වෙනවා. දවසට රුපියල් 10යි  ගත්තේ. එකෙත් මට මාසෙක ෆ්‍රී කාඩ් එකක් හම්බුනා ගානක් හරියට හදලා ඉස්සෙලාම පෙන්නලා. එකම වැරැද්ද තිබුනේ සර්ගේ පැමිණීම අඩුයි . ඒ කාලේ දැනුම් දෙන්න විදියකුත් තිබුනේ නැහැනේ කලින්, අපි ඉතින් ගිහින් බලන් ඉඳලා වෙලාව පහුවෙනකොට සර් ආවේ නැත්තම් ආපහු යනවා .  යන්නේ ඉතින් බෝල ගහන්න. නමයේදී ඉතින් මං ගණිතයට සැහෙන්න දක්ෂ වුනා සර්ටයි මිස්ටයි පින් සිද්ධ වෙන්න ලකුණු 95ට වඩා තිබුනා වාර තුනේම.
එත් විද්‍යාවට අපිට හරි ගුරුවරයෙක් හිටියේ නෑ නමය  පන්තියේදීත් වෙන විෂයකට ආපු සර් කෙනෙක් විද්‍යාව ඉගැන්නුවත් ඒක හරිම නීරස වුනා. එයා ඉටි පන්දම්  දැල්ල බෝර්ඩ් එකේ ඇඳගන දවස් ගානක් ඒක ඉගැන්නුවා. ඉටි පන්දම්  දැල්ල දකිනකොටත් මට තරහයි ඒ කාලේ. නමය වසරේ අන්තිම කාලේ අලුතෙන් ආපු ඉන්දික සර් අපිට විද්‍යාව උගන්නන්න පටන් ගත්තට එයාට දෙයක් කරන්න තරම් කාලයක් තිබුනේ නෑ .එත් විද්‍යාවට ආසාවක් ඇති කරන්න එයාට පුළුවන් වුනා ඒ ටික කාලෙන්. කැම්පස් අවුට් වුන ගමන් නිසා සර් හරිම ආකර්ශනීය විදියට ඉගැන්නුවා. අකුරු ලිව්වෙත් කැම්පස් එකේ බෝඩ් ලියන ෆොන්ට් එකෙන්.









යාළුවොන්ගේ කතා


ලාම්පු එළියෙන්
මේක මගේ නුවර පැත්තේ යාලුවෙක් කියපු කතාවක්
එයාලගේ ස්කොලේ කොල්ලෙට වෙච්ච වැඩක් . ඔය ඒ ලෙවෙල් වලට පාඩම් කරන කාලේ. ඒ ලෙවෙල් කිට්ටු වෙනකොට නිදාගන්න වෙලාවත් සැහෙන්න අඩුවෙනවනේ. පාඩම් කරන්න මහන්සි වෙන හින්ද ගෙවල් වලිනුත් සැහෙන්න සලකනවා ළමයින්ට . තේ එක වතුර එක ලගටම ගෙනත් දෙනවා . ඉතින් මේ අපේ යාලුවත් දවසක් කාමරේ පාඩම් කර කර ඉන්නකොට කරන්ට් එක ගියාලු එක සැරේ. ටිකක් රෑ වෙලා එතකොට , මිනිහ ඉතින් තව ටිකකින්  කරන්ට් එක එයිනේ කියලා පුටුවේ ඉන්න ගමන්ම මේසෙට ඔලුව ගහගන හිටියලු ටිකක් වෙලා. කරන්ට් එක එන පාටකුත් නැති නිසා කාමරේ කව්රුත් ඇත්තෙත් නැති නිසා මිනිහට පොඩි වැල පොයින්ට් එකක් ඔලුවට ඇවිල්ල. හෙමිහිට ඒ වැඩෙත් කරගත්තලු ඉන්න විදියෙන්ම ඇස දෙකත් පියාගන.  වැඩේ ඉවර වෙලා ලාවට ඇස් ඇරලා බලනකොට පොඩි එළියක් තියනවලු කාමරේ. ඔලුව උස්සල බලනකොට කවුරුත් ඇත්තෙත් නෑ හැබැයි කාමරේ , මේස උඩ තියනවා කියන්නේ ලාම්පුවක් පත්තු වේවි.

අකමැති වෙන්න හේතු 5ක්

මේකත් එක්තරා උසස් අධ්‍යාපන ආයතනයක රැග් සීසන් එකේ වෙච්ච් වැඩක්, අදාළ ගෑණු  ළමයාට නිවුන් සහෝදරියකුත් හිටියා එයා හිටියේ අපේ බැජ් එකේ. එකෙන් තමයි අපිට මේ කතාව ආරංචි වුනේ.
රැග් සීසන් එකේදී ඉතින් සිනීයස්ල ඇවිල්ලා තමන්ට හිතෙන හිතෙන ඒවා ජුන්නෝ ලව්වා කරව ගන්නවනේ. සමහර ප්‍රශ්නත් අහනවා .ඔහොම ඉතින් මේ ගෑණු ළමය ලඟටත් ඇවිල්ල පොඩි සද්දයක් දාල කතා කරාලු ඒ බැජ් එකේම තව කොල්ලෙක්ට. දැන් දෙන්නට දෙන්න මුණ බලාගන තියලා ඇහුවලු ගෑණු ළමයාගෙන් උඹ මුට කැමතිද කියලා. කිව්වලු නැහැ කියලා  ගත් කටටම. ආ එහෙනම් කියපන් අකමැති වෙන්න හේතු පහක් කියලා සින්නා කිව්වලු. ම්ම් දැන් ඉතින් කෙල්ල තටම තටම එක එක හේතු කියනවලු, කලුයි, උස වැඩියි, කලින් දන්නේ නෑ, ඔය වගේ හේතු හතරක් යන්නතම් කියාගත්තට පස්වෙනි හේතුවක් මතක්  වෙන්නෙම නැහැලු කෙල්ලට, ඊට එහා පැත්තේ තව සින්නෙක් ජුන්නෙක්ව අල්ලගන බනිනව ඇහෙනවලු කෙල්ලට. තෝ  වැල අදිනවා නේද කියලා ඇහුන විතරයි .කෙල්ල කිව්වලු පස්වෙනි හේතුව මෙයා වැල අදිනවා කිව්වලු. එතනින් එහාට රැග්  කරන්න වෙලා නෑ ඉතින් බඩ අල්ලන් හිනා වෙනවා මිසක්. අර කොල්ලට ඉතින් වලක් කපන වැලලෙන්න හිතෙන්න ඇති, කෙල්ල ඉතින් ඔකේ තේරුම නොදැන තමයි කියලා තියෙන්නේ . එය හිතල තියෙන්නේ සිගරට් බොන එකට කියල.

ඩයිනමෝ යකා



  අපේ තාත්තගේ පරණ YB 50 බයිසිකලේ තියන කාලේ හවසට වැඩිහරියක් තාත්තා හිටියේ ගැරේජ් වල.ලෙඩ වාට්ටුවක් ඔය බයිසිකලේ.  තාත්තට හිටියා ගජයෙක් ගැරේජ් එහෙක ඕක කොහොම හරි දුවන්න අටවල දෙන. අපි කිව්වේ සිරිසේන බාස් කියල. හිටියේ වඳුරඹ කීඹි කන්දේ  පොඩි ගැරේජ් එකක් දාගන.
සිරිසේන බාස් බයිසිකල් හදනවට අමතරව පොඩි පොඩි අත්හදා බලන වැඩත් කරා. එකසැරයක්  මිනිහට පොඩි ඩයිනමොවක්  හම්බුවෙලා තියනවා . ඉතින් මිනිහගේ දැනුමත්  පාවිච්චි  කරලා මිනිහට හිතිලා තියනවා එකෙන් ගෙදරට පොඩි කරන්ට් ලයින් එකක් දාගන්න ළඟ තිබුණ දොළ පාරත් පාවිච්ච්චි කරලා.
කොහොමහරි මෙයා අදාළ උපාංග ටික තමන්ගේ  ගැරේජ් එකෙන්ම හදාගන  ඩයිනමෝව සෙට් කරලා වතුර පාරෙන් කැරෙකෙන විදියට. මෙයාගේ වැඩ කොහොමත් ටිකක් අටවන ඒවා හින්දා ඔය ගෙදර තිබුන වයර් කෑලි එකතු කරලා තමයි ගෙදෙට්ට වෙනකම් කරන්ට් ලයින්  එක ගෙනත් තිබුනේ.
Related image



දොලේ වතුර පාරත් එච්චර ලොකු එකක් නෙවෙයි. කොහොම හරි මෙයා ඇදපු වයර් එහෙක ජොයින්ට් එකක්  කෙහෙන් හරි වතුරේ ගැවිලා  තියනවා දන්නේ නැතුව.
දවසක් ඉතින් ඔය දොළ ගාවින් යන්න ආපු වයසක ඩයල් එකක් තමන්ට ඇතිවෙච්ච සුළුදිය බරක් නිසා අල්ලලා තියනවා පයිප්පෙ දොලේ වතුරට . අමුතුවෙන් කියන්න ඕන නැහැනේ වතුරටත් වඩා මුත්‍රා වල ලවණ වැඩි නිසා කරන්ට් එක බොහොම ලේසියෙන් ගමන් කරනවා. ඉතින් අර කරන්ට් එක ලීක් වෙච්ච වතුරට වැටෙන සුළුදිය පාර දිගේ කරන්ට් එක ලේසියෙන්ම ආපස්සට එනවා . හිතාගන්න පුළුවන්නේ මොකද වුනේ  කියලා. අදාළ ස්ථානයට කරන්ට් එකක් වැදුනම . අපිට පුළුවන් වුනාට ඒ මනුස්සයට කොහේ හිතා ගන්නද ඒ වෙලාවේ . බුදු අම්මෝ යකෙක් ගැහුවෝ කියන්න විතරයිලු වුනේ . මිනිහ සිහිය නැතුව වැටිලා. තොවිල් දෙක තුනක් කරලා තමයි මිනිහ යතා තත්වෙට ඇවිල්ල තියෙන්නේ.

Related image
අපේ සිරිසේන බාසුත් කොහොම හරි  වැඩේ මිනිහගේ පිටින් යන්න කලින් හෙමීට ඩයිනමොවයි  ලට්ට ලොට්ට ටිකයි ගලෝගන ගෙදර ගෙනත් දාල.
ඔන්න ඔහොමයි ඩයිනමෝ යකාට තොවිල කරන්නේ.

අපේ ඉඩමේ විස්තරේ -2 කැකිල්ල කැලේ

මම කිව්වනේ අපේ ඉඩමේ සැහෙන්න ප්‍රමානෙක තිබුනේ කැකිල්ල ගාලවල්  කියලා  ඔය අතරේ දං , හීඹුටු වෙරළු ,බාඳුරා,  ඕකිඩ්  බඩල් හනස්ස, එහෙමත් තිබුනා. හැදෙන කාලෙට කොහොම හරි කැලේ පැනලා කඩාගන එනවා ඕවා. දං ගස් ගාව පොලොඟු ඉන්නවා කියලා අපිට අම්මලා කියලා තිබුනට බයෙන් බයෙන් හරි යනවා. ගේ වටේ තිබුන අන්නාසි ගාලවල් නිසා විසකුරු සත්තු නිතර හිටියා හැබැයි  කැලේ පැනපු වෙලාවක නම්  කවදාවත් සතෙක් හම්බුනේ නෑ අපිට ,කරදරයක් වුනෙත් නෑ කවදාවත් සතෙක්ගෙන්
බාදුරා අපේ ඉඩමේ හැම තැනම වගේ තිබුනා. බාදුරා ගොටුවල ඇතුලේ වතුර වගේ ජාතියක් තියනවා .පියන ඇරුනම සත්තු ඇතුලට යනවා ඒවා බොන්න හැබැයි උන්ට එලියට එන්න නම් එන්න වෙන්නේ නෑ කවදාවත්. අපි කරන්නේ පියන ඇරිච්ච නැති බාඳුරා ගොටු හොයාගන ඒවා බොනවා, මුලින් ලොකු ගොටුවක් කඩාගන පොඩි පොඩි ඒවගේ තියන වතුර අරකට පුරවනවා, ඊට පස්සේ ගොටුවේ යට පැත්තෙන් හිල් කරලා කට අල්ලන් ඉන්නවා.

 පොඩිකාලේ තාත්ත ගෙදර ඉන්න නිවාඩු දවස් කියන්නේ එපාකරපු දවසක් අපිට  , මොකද එයත් එක්ක නෙලන්න යන්න ඕන උදල්ලකුත් අරගන. ඉඩමේ එකම හරිය අපි හත් අට වතාවක් නෙලලා ඇති ඒ දවස් වල. මොකද නෙලුවට ඉන්දන්න දේවල් තිබුනේ නැති නිසා අයෙත් කැලේට ගියා.
පස්සේ අපි තේ පැල තවානක් දැම්මට පස්සේ නම් එලි කරපු තැන වල තේ ඉන්දුවා , කානු කපන්න වලවල් කපන්න , කපපු වලවල් වල පස් අයින් කරලා ගල් නැති පස් වලින් පුරවලා තේ පැල ඉන්දන්න  දවස් වල නිවාඩු දවස් වලට  අනිවාර්ය කාර්යයන් තමයි.

පොඩි කුඹුරු කැල්ලකුත් තිබුණා ඉඩමේ මැද හරියේ . පොඩිම දවස් වල ඕකේ වැඩ කරා මතකයි. මාත් තාත්තත් එක්ක පොඩි උදළු කෑල්ලක් අරගන කුඹුරු කෙටුවා ඊට පස්සෙනම් කවදාවත් කුඹුරකට බහින්න උනේ නෑ.

ලගකදී තාත්තා අයෙත් කුඹුර සුද්ද කරවලා වගා කරත් සරු  අස්වැන්නක් ගන්න නම් බැරිවුණා.

ඉඩමේ උසම තැන තිබුනා ගල් තලාවක් හරියටම කන්ද මුදුනේ . ගල මැද කුකුල් අඩියක් කොටලා තිබුනා ඉඩමේ මායිම ලකුණු කරන්න අපි හවසට ඔතනට නගිනවා  මොනවා හරි කන්නත් හදාගන, ගිහින් රෑ වෙනකම් ඉඳලා එනවා ,සැහෙන්න පළාතක් පෙනුන නිසා එතන හවසට හරිම ලස්සනයි.

ඔය ගලට යන්න පුළුවන් උනේ ඇත්තටම අපේ ඉඩම ගිනි අරගන මුළු කැකිල්ල යායම පිච්චුනාට පස්සේ. නැත්තම් ගණ කැකීල්ලෙන් වැහිලා තිබුනේ

ඒක  උනේ මමයි තාත්තයි කුඹුර සුද්ද කරලා රොඩු ගොඩට ගිනිතියපු එක හුළගට කැකිල්ල ගාලට ඇවිලුනා. නිවාගන්න බෑ අපි දෙන්නට උත්සාහ කරාට.

පායපු කාලයක් නිසා කැකිල්ල ගාල හෝ ගාල පත්තු වුනා පැය ගානක් , මුළු ඉඩමම ගිනි අරන් තමයි නතර වුනේ. අල්ලපු ඉඩමකටත් ගින්න  පැතිරිලා ඒ මනුස්සයාගෙ තේ ගස් ටිකක් පිච්චුනා කියල තාත්තට නඩුවකුත් දැම්මා.

නඩුවේ තීන්දුවත් හරී අපුරු එකක් වුනේ. ඒ මනුස්සය ඉල්ලුවේ රුපියල් 25000 ක අලාබයක්. ඒ කාලේ අපිට කොහෙන්ද 25000ක් තාත්ත නඩුවලට ලොයර්සලා අල්ලන්නේ නෑ තාත්තම තමයි කතා කරන්නෙ. තාත්ත අපේ තත්වේ කියල පොරොන්දු වෙලා තියනවා තාත්ත ජිවත් වෙලා ඉන්නකම් මාසෙකට රුපියල් 100 ගානේ ගෙවන්න එක ඉතින් 25000ට වැඩි උනත් ඉන්න කම් ගෙවන්නම් කියල තිබුනේ. හැබැයි තව කොන්දේසියකුත් එක්ක ඒ රුපියල් 100 අදාළ පුද්ගලයා ඇවිත් ගෙනියන්නත් ඕන කියල අපේ ගෙදරින් මොකද අම්මා විතරයි ගෙදර ඉන්නේ එයාට පොඩි ළමයි දාල කොහෙවත් යන්න බැරි නිසා. තාත්තගේ ඉල්ලීම සාධාරණ එකක් සේ සලකලා නඩු කාරයා ඒ විදියට එකඟ වුනා. හැබැයි නඩුව දාපු මනුස්සය කැමති උනේ නෑ කාටද පුළුවන් රුපියල් සියක් අරන්යන්න මාසේ ගානේ ගෙදරකට එන්න. කතන්දරේ එතැනින්ම ඉවර වුණා.

අපේ ඉඩමේ විස්තරේ - 1 නමක් නැති දොළක්

දකුණු පළාතෙත් මායිමට වෙන්න ගාලු දිස්ත්‍රික්කේ තමයි අපේ ගේ තියන ඉඩම තියෙන්නේ. නගරේ ඉඳන් ටිකක් දුර නිසා ටිකක් දුෂ්කර පලාතක් තමයි. අපේ පාරේ තමයි ලංකාවේ එකම දිස්ත්‍රික්කයක් ඇතුලේ වැඩිම දුරක් යන බස් එකක් තියෙන්නේ , ඒ දෙල්ලව ගාල්ල බස් එක. ඒක  76Km යනවා . අපි ඉන්නේ එපාරෙත් ටිකක් ඇතුලේ තවලමින් පිටිගල පාරේ. 4km විතර ඇතුලට වෙන්න.         
          ඉස්සර රජයෙන් මධ්‍යම පන්තික මිනිස්සුන්ට තිබිලාඉඩම් බෙදල දෙනකොට අපේ පප්පටත්(තාත්තගේ තාත්ත) අක්කර පහක ඉඩමක් හම්බුවෙලා තිබුනා ඒකෙ තව අක්කර තුනක විතර රිසිවේෂන් එකකුත් තිබුන නිසා අපිට අක්කර අටක් විතර අයිති වෙලා තියනවා.
මුලින් මුළු ඉඩමේම රබර් ඉන්දල තියනවා , සරින් සැරේ ගිනි ගැනීම් නිසා රබර් ගස් ටික විනාස වෙලා . තැන්  තැන්  වල තාම ඉතුරු වුනු ගස් කීපයක් තියනවා. මුලින් අපේ බාප්පා කෙනෙක් පොඩි ගෙයක් හදාගන කාලයක් පදිංචි වෙලා ඉඳලත් තියනවා ඉඩමේ එක තැනක . තාම තියනවා එයා ඉන්දපු  පොල් ගහකුත් එතන.

ගාල්ල මාතර දෙනියාය තේ වතු තාත්තා වතු බංගලා වල ජිවත් වෙලා කාලයක් මම ඉපදෙන්නත් ටික කාලෙකට කලින් තමයි මේ ඉඩමේ පදිංචියට ඇවිත් තියෙන්නේ 1981 විතර. පොඩි මැටි ගෙයක් මැටි  හදා ගන එකේ පදිංචි වෙලා ඒකම පස්සේ හුණු කපරාරු කරලා අපි අවරුදු 16ක් 17ක් විතර හිටියා.
 ගේ තිබුන හරිය ඇරෙන්න ඉඩමේ සැහෙන්න ප්‍රමාණයක් කැලේට ගිහින් තිබුනේ මට මතක කාලේදී. කැකිල්ල මුළු ඉඩමම වහගන තිබුනා. ඉඩමේ තුන් පැත්තක්ම දොළ පාරවල් තියනවා. එක කෙළවරක මීටර් දෙක තුනක් උස පොඩි දිය ඇල්ලකුත් හැදිලා තියනවා. පොඩි කඳු ගැට දෙකෙන් උසම එක මුදුනේ ලොකු ගලක් තියනවා එකේ මැද තමයි  මායිම් ගල කොටලා තියෙන්නේ. පොඩි කාලෙනම් ඒ හරියට ගියේ නෑ අපි , අපිව වැහෙන්න තරමට කැකිල්ල තිබුන නිසා.

අපේ ගේ තියන ඉඩමේ කෙලවරේ තව දොළවල් දෙකක් එකතු වෙනවා , ඉස්සරනම් ලොකු වලක්  තිබිලා තියනවා අලි නාවන්න පුළුවන්. දැන් නම් හුගක් ගොඩවෙලා දන්හිසටවත් වතුරේ නෑ  එකේ.
වහින වෙලාවට දොළවල් දෙකම උතුරලා වතුර යනවා. කඳු වලින් එන නිසා හරිම සැරයි වතුර පාර . පොඩි වැස්සකට උනත් ලොකු වතුරක් එනවා . හැබැයි වැඩි වෙලා තියෙන්නේ නැහැ. ගෙදරට  දොලෙන් එන්න ඒදණ්ඩකුත් බැහැල එන්න සපත්තු පාලමකුත් තියනවා. සමහර වෙලාවට ඒදණ්ඩත් ගහගන යනවා දොලේ වතුර වැඩි වුනාම.
දොළ ගලලා වතුර බැස්සම අපි දුවනවා දොළ ගාවට අලුතෙන් ගොඩට ඇවිල්ල තියන වැලි ගොඩවල් වල මුලින්ම අඩිය තියන්න. දොලේ තිබුන කුණුරොඩු කහල ගොඩවල් ගහගන ගිහින් හරිම පිරිසිදුයි කාලයක් යනකම්. දොලේ ඕන තරම් ගල් තියන නිසා දොළ හරස් කරලා බඳින එක අපේ ලොකු ප්‍රොජෙක්ට් තමයි ඒ කාලේ. දොලෙන් නාන්න නම් අපි එච්චර කැමති වුනේ නෑ . මාළු අල්ලන්න වුනත් එච්චර උනන්දුවක් තිබුනේ නෑ . හැබැයි ඉරටුවල පොල් කෑලි ගහල ගල් අස්සේ ඉන්න ඉස්සෝ බලන්න සැහෙන්න වෙලාවක් ගත කරා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ල. ගල් අස්සේ ඉන්න ඉස්සෝ එලියට එන්නේ නෑ  ලේසියෙන් අඬුව විතරයි එලියට දාන්නේ. අපි පොල් කෑල්ල ඈත් කර කර කොහොම හරි උගේ සයිස් එක බලන්න ට්‍රයි කරා මිසක් අල්ලන්න හැදුවේ නෑ
දොලේ මාළු අල්ලන වෙනම සෙට් හිටියා . උන් එක්කෝ දිමි බෙහෙත් දානවා දොලේ උඩහින් නැත්තම් කොළ තලලා වතුරට දානවා. ඒ කොළ ජාතියේ නම නම් මම දන්නේ නෑ . අපි කිව්වේ සිලිං බිලිං කියලා . එවයි කරල් වෙලුනාම හොල්ලනකොට සිලින් බිලින් ගාන නිසා. ඕවා දැම්මම ඉතින් මාළු පැටවාගේ ඉඳල මැරෙනවා. ඉස්සොන්ගේ ඇස් පුපුරනවා. මහා පාප කර්මයක්. ගොඩක් ඉස්සර නම් මම  දැකල තියනවා දිය බල්ලා කියනා සතත් එකේ හිටියා  කලාතුරකින් ඉබ්බොත් හිටියා . දැන් නම් දණ්ඩියෙක්වත් නෑ මිනිස්සු කුඹුරු වලට බෙහෙත් ගහන්න පටන් ගත්තට පස්සේ.
තව හිටියා වතුර උඩ දුවන මකුනෙක් වගේ සතෙක් හරිම වේගෙන් උන් එහා මෙහා යනවා බලාගන්න වත් අමාරුයි. උන්ව කෝටු වලින් ගහල මරණ එක නම් අපි කරා .
අපි ඇල්ලුවේ දොලේ ඉන්න කුනිස්සෝ .උන්ව අල්ලන්න හරි ලේසියි අතට නිකන්ම එනවා. ජෑම් බෝතල්වලට වතුර පුරවලා උන්ව ඇති කරන්න හැදුවට දවස් දෙක තුනක්වත් උන් ජිවත් වෙන්නේ නෑ විදුරු බෝතල්වල.
ගෙදර ඉන්න දවසට කලිසම් දෙක තුනක්වත් මාරු කරන්න වෙනවා දොලේ වැඩ වලින් තෙමාගන්න නිසා.

මොටර් බයිසිකල් කතා 1 - JAVA / YAMAHA YB 50


අපේ තාත්තා ඉස්සර ඉඳලම මොටර් බයිසිකලයක් පාවිච්චි කරලා තියනවා . එක එක බයික් පාවිච්චි කරලා තියනවා තාත්තා  කාලෙන් කාලෙට , මට මතක මුල්ම කාලෙ ගෙදර ගොඩ ඇදපු  ජාවා වර්ගයේ බයිසිකලයක් තිබුනා . ඒක තාත්තා අපි දැන් ඉන්න තැන පදිංචි වෙන්න කලින් පාවිච්චි කරපු එක. පාරත් අපේ ඉඩමත් අතරේ තිබුන දොලෙන් ගෙදරට ගෙන්න විදියක් නැති නිසා ඒක කැලි ගලවල ගෙදරට ගෙනත් දාල තිබුනේ .   අයියයි මමයි වෙලාවක් තිබුන ගමන් කරන්නේ  තාත්තාගෙ යතුරු  සෙට් එක අරගෙන එකේ ඉතුරු කෑලි ටිකත් ගලවන එක . ලොකු නට් එකක් ගලවන්න තරම් හයියක් අපිට තිබුනෙ නෑ. කොහොම හරි චැසිය ඉතිරි වෙනකම් කැලි ටිකට අපි වග කිව්වා.





චැසියේ  මේන් ස්ටෑන්ඩ් එක ගහල අයියයි මායි නැගල බයිසිකලෙ පදිනවා වගෙ ඇක්ට්  කරකර හිටපු දවසක ස්ටෑන්ඩ් එක පැන්නා අපේ දැඟලිල්ලට. දඩොං, දෙන්නම බිම ක්ලච් හැඬල් එක මගේ උඩි පතුලෙ ඇනිලා  නැවතුනේ ඉස්පිරිතාලෙ. බොරු බයිසිකල් පැදිල්ලත් එතනින් ඉවර වුනා .


ඊට පස්සෙ ගෙදර තිබුන තණකොළ බෙහෙත් ගහන මැෂින් එක  විකුනලා තාත්තා ගෙනාව යමහා YB 50 බයිසිකලයක්. ඒක  විකුනපු එකට වැඩියෙන්ම සතුටු වුනෙ මම. ඒක  අර පෙට්‍රල් එන්ජිමක් තියන ජාතියෙ එකක්. පුදුම සද්දයක් තියෙන්නෙ ස්ටාර්ට් කරාම . මං පරාන බයයි එ සද්දෙට. මැෂින්  එක එලියට ගන්න  කොට මං ඉන්නෙ දොර  මුල්ලෙ.
Image result for backpack motorized sprayer
        තාත්තා බයිසිකලෙ පැද්දෙ කොන්ද කෙලින් තියාගෙන ඉතින් තාත්තාට නමකුත් දාලා තිබුණා කෙලින් මහත්තයා කියලා. එ දවස් වල පලාතටම බයිසිකලයක් තිබුන, ඉංග්‍රීසි කතා කරන කෙනෙක් හිටියා නම් අපේ තාත්තා විතරයි.
 YB 50යේ සයිලන්සරේ කෑල්ලක් හැලිලා තිබුනා කාලෙකදි . ඉතින් තාත්තා ගෙදර එන්න පැය භාගෙකට කලින් උනත් අපි දන්නවා තාත්තා එනවා කියල සද්දෙන්. බයිසිකලේ මගදී කැඩුනොත් ගෙදර කිට්ටුව නම් අනිවාර්යෙන් තාත්තා ඒක එතන දාලා පයින් ගෙදර එනවා. අපි ගිහින් තල්ලු කරන් එන්න වෙනවා ගෙදරට.

ඒ බයිසිකලේ වැඩිපුර තල්ලු ස්ටාර්ට් තමයි. උදේ තාත්ත වැඩට  යනවා නම් අපිටත් නැගිටින්න වෙනවා අනිවාර්යෙන් බයිසිකලේ තල්ලු කරන්න.

මොටර් බයිසිකල් කතා 4 - BAJAJ BYK / TVS ඇක්සිඩන්ට්

Image result for bajaj byk 100


අපේ ගෙදර තාත්තයි මමයි  අයියයි තුන් දෙනාම කැමති වුනේ ජපන් බයික්  වලට ඉන්දියන් ඒවාට එච්චර කැමති වුනේ නෑ . පස්සේ අපේ පොඩි මස්සිනා ඉන්දියන් බයික් කීපයක්ම පාවිච්චි කරා. මමත් ඒවා පැද්දා තියන වෙලාවට. අයිය නම් බයික් පදින එක එහෙමම අතෑරියා ,ලයිෂන් ගත්තෙත් නෑ බයික් වලට. ගොඩක් පස්සේ තාත්තට අයෙත් බයික් පදින්න ඕන වෙලා බජාජ් බයික් එකක් අරගත්තා BYK කියන මොඩල් එක. එකත් ටිකක් පොඩි බයිසිකලයක් 100cc . මගෙත් ගමන් බිමන් ටික කරගත්තේ එකෙන් තමයි නිවාඩුවට ගෙදර ආවම.. මමත් පොඩි ජොබ් එකක් කරා එතකොට.
දවසක් අපේ ලොකු අම්මා අපේ ගෙදර ඇවිල්ල ඉඳලා යන්න හදනකොට මං කිව්වා මං පාරට එක්කන් යන්නම් කියලා. කොහෙද එයාට බයිසිකල් වල ගිහිල්ල පුරුද්දක් ඇත්තෙම නැහැ , ඒ පාර මං  ගියා ළඟ ගෙදරක ත්‍රීවිල් එකක් තිබුනා එක එක්කන් එන්න බයිසිකලෙන් . ලඟට යන නිසා හෙල්මට් එක දාගත්තෙත් නෑනේ. එහේට ගියා එහෙත් ඒ අයිය හිටියේ නෑ . එතනින් කෝකටත්  කියලා ප්‍රධාන පාර පැත්තට ආවා  එහෙම්ම . එතනත් ත්‍රීවිල් එකක්වත් නෑ. දැන් මොකද කරන්නේ කියලා හිතලා අපේ බාප්පලාගේ ගෙදර තියන ත්‍රිවිල් එකවත් අරන් යනවා කියලා ප්‍රධාන පාරේ පොඩ්ඩ දුරක් යනකොට ආවේ නැතා ට්‍රැෆික් බයික් එක . හෙල්මටුත් නෑ ලයිෂනුත් නෑ , මාව අරන් ගියා බයික් එකත් එක්කම පොලිසියට. දඩ කොලෙකුත් දුන්න.
පොඩි මස්සිනා ගෙදර ආවා විතරයි මිනිහා දඩ කොලේ අරගන පොලිසියට ගිහින් එයා දන්නා රාලාහාමි කෙනෙක්ට කියලා වැඩේ ගොඩ දාගත්තා (කියලා මට කිව්වා)

පොලිසියේ තාත්තා හිටියත් විස්වාස කරන්න එපා කියන්නේ ඇත්ත කියලා මට තේරුනේ දඩේ නඩුවක් වෙලා වරෙන්තුත් වෙලා රෑ පොලිස් ජීප් එක ගෙදරටම ඇවිල්ලා මාව කුදලගන ගියාට පස්සේ. යන්තම් වෙන ඇඳුනුම් කමක් නිසා කුඩුවේ නොයිඳ උදේට බාර වෙන්න ගෙදර එන්න  පුළුවන් වුනා. පලවෙනි දවසේ වරෙන්තුවට උසාවි ගියා සති දෙකකින් අයේ දඩේ ගෙවන්න උසාවි ගියා. රස්සාවකුත් නැතුව හතේ හත වැදිලා හිටපු කාලේ.

දැන් නම් ලයිෂන් ගන්න කාලේ හරි කියලා හිතුවේ ඒ පරිප්පුව කෑවට පස්සේ.
ඒ පාර මං ගියා ලර්නස් එහෙකට ලයිෂන් ගන්න වාහන ත්‍රිවිල් බයික් වලට. ඔක්කොම පුරුදු වෙලා ට්‍රයල් දවසේ තාත්තත් එක්ක ගාල්ලට ගියා අර BYK බයික් එකෙන් . ට්‍රයල් එකට කලින් මං අපේ බයික් එකෙන් අට ගහලත් පුරුදු වුනා.  එතකොට ආපු ලර්නස් එකේ එකා කිව්වනේ මේ බයික් එකෙන් අට ගැහුවොත් ඔයාට පදින්න වෙන්නේ අන්ඩර් 100c c  ඒවා විතරයි කියලා , ඒ කියලා මට දුන්නා එයාලගේ TVS බයික් එකක් 110cc . මට දැන් ඒක පුරුදුත් නෑ ,අට ගහන්න පුරුදු වෙන්න  වෙලාවකුත් නෑ . ඕන එකක් කියලා අට ගහන්න ගියාට මගේ කකුල බිම වැදුනා . බයික් ට්‍රයල් ෆේල්, අවුරුදු 10ක් විතර බයික් පැදපු මට තාමත් බයික් ලයිෂන් නෑ , ආයේ  ගන්න ට්‍රයි කරෙත් නෑ.




එච්චර කල් බයික් පැදපු   මං  දෙසැරයක් ඇක්සිඩන්ට් වෙලා තියනවා. දෙකම වුනේ අනුන්ගේ බයික් පදින්න ගිහින් දෙකම TVS බයික් .දෙසරේම හැප්පුණේ ත්‍රී වීල් වල.
 එකක් වුනේ පොඩි  අක්කගේ වෙඩින් එක ඉවර වෙලා එද්දි. මස්සිනගේ යාලුවෙක්ගේ බයික් එකක් ගෙදරට ගෙනිහින් දෙන්න තිබුණෙ මට. හෙල්මට් එකක් තිබුනෙත් නෑ.   අපේ පැත්තෙන් ගියපු වෑන් දෙකට මැදින් මං ගියේ බාෙක්කුවක් ගාවදි ඉස්සහින් ගිහිපු වෑන් එක බ්‍රේක් කරා මට බයික් එක ඒ  ගානට බ්‍රේක් කරන්න බැරිවුන නිසා මං පැත්තෙන් ඔවටේක් කරා. ඉස්සරහින් ආපු  ත්‍රී වීල් එකේ දඩොං ගාලා වැදුණ විතරයි මතක, මං උඩින් ගිහින් වැටුනා තුවාල මුකුත් නෑ අතේ ඇඟිල්ලක  ඇටයක්  කැඩිලා තිබුනා. වැරැද්ද සම්පූර්ණයෙන්ම මගේ එක නිසා හිටපු කට්ටිය ත්‍රී වීල් එකේ මිනිස්සු ශේප් කරල තිබුනා සල්ලි දීලා. බයික් එකත් අපේ ගානේ හදල දෙන්න වුනා.

දෙවෙනි එක වුනේ ගෙවල් ගාවදිමයි.  අක්කත් එක්ක රෑක කොහේහරි යන්න පිටත් වෙලා මිටර් 100 ක් වත් ගියේ නෑ ත්‍රී වීල් එකක් අවා හෙඩ් ලයිට් ගහගන, මට මෙලො දෙයක් පෙනුනේ නෑ පුළුවන් තරම් අයින් කරගත්තා, එත් මේයකා මාවත් හප්පගන කරණමකුත් ගහලා නතර වුනේ. මිනිහ  නම් හාෙඳටම බීලා හිටියේ. මට තුවාල නැති වුනාට අක්කගේ මුනේ මැහුම් දාන්න වුනා. එ බයික් එකත් ගෙදර වැඩ කරපු වඩු බාස් කෙනෙක්ගේ එකක්.

ගෙදරට මස්සිනා ත්‍රිවිල් එක ගත්තට පස්සේ කොහොමත් බයික් පැදිල්ල සැහෙන්න අඩු වුනා .කොහොමත්  ත්‍රිවිල් ලයිෂන් තිබුනේ මට විතරක් නිසා ගෙදරින්. මගේම වාහනයක් ගත්තට පස්සේ නම් බයික් ත්‍රිවිල් දෙකම අයින්ම කරලා දැම්මා.
තාත්තත් වයසට යනකොට බයික් එක පදින එක අඩු වුනා BYK බයික්  වලට පාට්ස් හොයන්නත් අම්මරුයි. තාත්තා තව ඒ ජාතියේම බයිසිකලයක් හොයාගන ඇවිත් එකෙන් කැලි ගලවා ගලවා අරකට හයිකරගන ටික කාලයක් දිව්වා. දැන් නම් ඒක කොහේ තියනවද මන් දන්නෙත් නෑ. ගෙදර නම් නෑ.

මොටර් බයිසිකල් කතා 3- YAMAHA TZR

           කාලයක් අපේ ගෙදර බයිසිකලයක් නැතුව තිබුනා . අයියා කොලඹ රස්සාවකට ගියාට පස්සේ  එයා ගත්තා යමහා TZR එකක් පාවිච්චි කරපු,  එයා ටික කාලයක් පැදලා, මමත් AL කරලා ගෙදර හිටපු නිසා ගෙනල්ලා ගෙදර දැම්මා. මද්දුම අක්කා ගෙදර ඉඳන් රස්සාවට ගිය නිසා එයාගේ ට්‍රාන්ස්පෝට් එක කරේ මම බයිසිකලෙන්. පෙට්‍රල් නම් බවුසරයක් තිබුණත් මදි ඒකට . තාත්තාත් ඉඳලා හිටලා පැද්දා ඒක කොල්ලා වගේ. වැඩේ තිබුණෙ අපි දෙන්නගෙම කකුල් බිම වදින්නෙ නෑ නැග්ගම. නවත්ත ගන්නකොට මොකක් හරි උස තැනක් බලලා අඩිය තියා ගන්නෙ. TZR එකෙන් මම ටිකක්  දුර ගමනුත් ගියා හැබැයි ලයිෂන් නම් තිබුනෙ නෑ මට. තාමත් නෑ බයිසිකල් වලට. පොලිසියට කීප සැරයක්  අහු වුනත් දඩයක් නොකා බේරුනා කොහොම හරි.





TZR එක ටිකක් පරණ එකක් නිසා ටික කාලයක් යනකොට ලෙඩ දෙන්න ගත්තා. ගමේ එ වගේ බයික් වෙන කොහේවත් තිබුනෙ නැති නිසා බාස්ලත් හිටියෙ නෑ ඒකට  අතගහන් පුළුවන්. Disk brakes. Radiator, valve system ඔය වගේ ගජමැටික් තිබුන බයික් එකක් වුනු  නිසා ඒක .

අයියා තීරණය කරා ආපහු බයික් එක කොළඹ අරන් යන්න හදන්න. දෙන්නත් එක්ක පිටත්වුනා  ගෙදරින් ඉරිද දවසක දවල්ට කාල එහෙම. පිටිගල පාරේ බොරලුහෙනෙන් පලවත්තට දාල අපි මතුගමට වෙනකම් ගියා කිසි අවුලක් නැතුව,  අපි තීරණේ කරා ගාලු පාරට දාන්නේ නැතුව හොරණ පිළියන්දල පැත්තෙන් යන්න මතුගම පහුවෙලා නෑබඩ පාරේ චූටි දුරක් යනකොට බයික් එකේ කළු දුම දැම්මා . තව ටිකක් යනකොට මිස් කරලා එන්ජින් එක නැවතුනා.



කොච්චර ට්‍රයි කරත් ස්ටාර්ට් වුනේ  නෑ. තල්ලු කරගෙන ටික දුරක් ගියා ගැරේජ් එකක් හොයාගන  කොරේ පිටට මරේ කියල වැස්සකුත් කඩන පාත් වුනා , ඔහොම  තෙමී ගන යන්තම් කඩයක් ගාවට සෙට්වුනා. මිනිස්සුගෙන් අහගන ළඟ තිබන  ගැරේජ් එහෙකට ගියත් මේ බයිසිකලේට ඇත ගහන්න කවුරුත් කැමති වුනේ  නෑ . ආයෙත්  තල්ලු කරගන තව ගැරේජ් එකක් හොයන් ගියා. නෑබඩ පාරේ ගෙවල් තිබුනෙත් හැතැම්මට එකයි. කීප තැනකටම ගියත් කාටවත් බැරි උනා ලෙඩේ හොයා ගන්න. දැන් රෑත් වෙලා. බයිසිකලේ දාලා යන්නවත් බස් ඇත්තෙත්  නෑ ඒ  පාරේ රෑ  වුනාම . අන්තිම සැරේටත් කවුද කියපු ගැරේජ් එහෙකට අපි දෙන්න තල්ලු කරන් ගියා. එතකොට නම් හොඳ පණ ගිහින් අපේ ඇඳුනුත්  තෙතයි තෙමිලා, බඩත්ගිනියි. රෑ 11විතර වෙනකම් එ ගැරේජ් එකෙත් ට්‍රයි කරා ගොඩ දාගන්න. අයියට අයෙත් මේක අරන්යන්න වෙන දවසක මෙහේ එන්න අමාරුත් නිසා
 අයියා කිවුවා මේක හරියන්නෙ නෑ වාහනේක පටවන් අරන් යමු කියලා. ගෙදරින් හාංකවිසියක්වත් දන්නෙ නෑ අපිට වෙච්ච අලකලංචිය ෆෝන් තිබුනෙ නැහැනෙ එ කාලෙ කියන්න. යන්තම් එතන හිටපු අයිය කෙනෙක් එයා දන්නා වාහනයක් කතා කරලා දුන්න පටවලා අරන් යන්න. ඒ රැ බයිසිකලේ වාහනේට තියලා ගැට ගහන්න දෙයක් හොයන්න හම්බුනේ නෑ ,ඉතින් අපි දෙන්නට සිද්ද වුනා මාරුවෙන් මාරුවට ලොරියේ පිටිපස්සේ ඉඳගන බයිසිකලේ අල්ලන් යන්න. කොහමද තෙත ඇඳුම් එක්ක බඩගින්නේ ලොරියේ පිටිපස්සේ යනකොට ආතල් එක.
කොහොම හරි යන්තම්  රෑ 2ට විතර නුගේගොඩ අයියගේ බොඩිමට ආවා ජිවිතේ කාපු  හොඳම පරිප්පුවකුත් කාල.

මොටර් බයිසිකල් කතා 2 - YAMAHA CHAPPY

YB 50 පාවිචිචි කරලා තාත්තත් ඇති වුනාම ඒක  විකුනලා ගෙනාව යමහා චැපියක්. ඒක ඒ කාලේ ජනප්‍රිය හොන්ඩා චැලිය වගේම තමයි. බයිසිකලේ පොඩි නිසා හරි හුරු බුහුටියි, අනිත් එක රිකන්ඩිෂන් එකක් නිසා ටිකක් අලුත් අපිට ඉතින් තල්ලු කරන්න ඕන නැති නිසා නිවන් දැක්ක වගේ.  තාත්තා කතරගමත් ගියා එකෙන් අම්මත් එක්ක. මාත් මුලින්ම  බයිසිකල් පදින්න පුරුදු වුනේ  එකෙන්  තමයි. ඒ දවස් වල තාත්තා වැඩකරේ කොළඹ නිසා බයිසිකලෙන් තමයි ආවේ ගියේ.

කොළඹ රස්සාව නැති වුනාට  පස්සේ තාත්තා බයිසිකලෙන් කීප සැරයක්ම ඇක්සිඩන්ට් වුනා. ටික කාලයක් එකෙන් තාත්තා බයිසිකල් පදින එක නතර කරලා තිබුනා .බයිසිකලේ විකුනුවෙත් නැහැ. ගෙදර නවත්තලා තිබුනේ අපි කාටවත් පදින්න දුන්නෙත් නෑ හැබැයි, බයිසිකලේ ගෙදර ගෘහ භාණ්ඩයක් වෙලා තිබුණා සෑහෙන්න කාලයක්.


අපේ ලොකු මස්සිනා ගෙදර ආපු  වෙලාවක මේක ආයෙත්  දුවිලි ගසල එලියට අරගත්තා. කිසිම සර්විස් එකක් නැතුව පෙට්‍රල් දාපු ගමන් ස්ටාර්ට් උනා. මම බයිසිකල් පදින්න පුරුදු වුනෙත් ඒ වෙලාවේ. අවුරුදු ගානක් නිකම් තිබුන නිසා  ලයිෂන් ඉන්සුවරන්ස් මුකුත් තිබුනේ නෑ. අපි ඔය පොඩි පොඩි ගමන් වලට පාවිච්චි කරා ගෙදර තියාගන. පොලිසියට කීප සැරයක් අහු උනත් ඒ කාලේ ට්‍රැෆික් වලට පොලිසියෙන් එච්චර එලෙව්වේ නැති නිසා දඩයක් නම් කෑවේ  නැහැ. 

අලුතෙන් හෙල්මට් එකක් ගන්න විදියක් තිබුනේ නැති නිසා අපේ ලොකු මස්සිනාගේ  ෆුල් ෆේස් හෙල්මට් එකක් තමයි මං පාවිච්චි කරේ චැපිය  පදින්න . ඒක දැම්මම මං  නිකන් ඔලු බක්කෙක් වගේ . කාලයක් නිකන් තිබුන නිසාත් අපි කවදාවත් සර්විස් කරෙත් නැති නිසා බයිසිකලේ ටික ටික ලෙඩ දෙන්න ගත්තා . ගමනක් ගියොත් අනිවාර්යෙන් මොකක් හරි අවුලක් නැතුව එන්න බැරි වුනා. අපේ පොඩි මස්සිනා එයාගේ මාමගේ ගැරේජ් එකට හදන්න අරන් ගිය ගියාමයි යේ අපේ ගෙදරට ආවේ නෑ ඒ බයිසිකලේ.


(චායා රූප  අන්තර්ජාලයෙනි )

කම්බි පාලමෙන් එගොඩට

      



 මං පුංචි කාලේ අපේ ගමට හරි හමං  පාරක් තිබුනේ නෑ  ලග තිබුන ටවුන් එක තවලම ගිං ගඟෙන්  වෙන් වෙලා තිබුන නිසා වාහනයක් එන්න පුලුවන් කමක් තිබුනේ නෑ . වාහනයක් එනව නම් කිලෝමීටර් 40ක් විතර  රවුමක් එන්න ඕන නෙළුව පැලවත්ත හරහා  . කේබල් වලින් එල්ලුන කම්බි පාලම්  දෙකකින්  තමයි ගමට එන්න තිබුනේ ගඟ හරහා. එකක් තිබුනේ ගඟ සිරිය කියන තැන අනිත් එක බටහේන . ගඟ සිරියෙ පාලම ගං  ඉවුරට වඩා ගොඩක් උස නිසා   පඩි පෙලකුත් එක්ක තිබුණේ
 ඒක නිසා මෝටර්  බයිසිකලයක්වත් එගොඩහට ගන්න බැරි  උනා ඒකෙන් . බටහෙනේ පාලම ගං ඉවුරේ ගානටම තිබුන නිසා එකෙන් නම් මෝටර් බයිසිකලයක් යන්න එන්න පුළුවන් කම තිබුණා. එකෙන්  තමයි  අපේ තාත්තත්    ආවේ ගියේ බයිසිකලෙන් . පාලම ටිකක් පටු නිසා බයිසිකල් වල සයිඩ් කන්නාඩි පාලමේ වැදිලා ගඟට වැටෙනවා නිතරම.  ඒ පාරෙත් එක තැනක ලී කොටං  දාපු පාලමක් තිබුනා ඇළක් හරහා . ඇළ හරහා යකඩ පීලි දෙකක් උඩ ලී කොටන් දාලා තිබුණේ වාහනේකට නම් ලේසියෙන් යන්න පුළුවන් වුනාට බයිසිකල් යන්න ටිකක් අමාරුයි. , පයින් යන කොටත්  ටිකක් ප්‍රවේසමෙන් යන්න ඕන කොටන් කැරකිලා  කකුල් කොට අස්සට යන නිසා. මගේ කීප සැරයක්ම වුන නිසා මං දන්නේ .
මොකද මට ඒ දවස් වල  අනිවාර්යයෙන්ම සතියට දවසක් හිනිදුම ඉස්පිරිතාලේ හරි බටහෙනේ ආයුර්වේදෙට හරි යන්න වුනේ  ඔය පාලමෙන් අම්මත් එක්ක. පොඩි කාලේ මට ලෙඩ වලින් නම් අඩුවක් තිබුනෙම නෑ.
බටහේන පාර  පයින්වත් යන්න පුළුවන් තත්වෙක තිබුනේ නෑ වැස්සට හෝදගන ගිහින් ගල් මතුවෙලා තිබුනේ හොදටම,  ඉස්පිරිතාලේ ගිහින් එනකොට කකුල ගල්වල වද්දගන තුවාලයක් නම් නැති වුනේ කලාතුරකින්.
ගඟ සිරිය පාලම  තිබුන පාර  මඩ වලවල් වලින් අඩුවක් තිබුනේ නෑ කුඹුරු මැදින් වැටිච්ච පාරක් නිසා . ට්‍රැක්ටර් ගිහිල්ල අලි නාවන වලවල් පාරේ . අපි ස්කොලේ ගියේ ඒ පාරේ . වැහි  දවසට අපි ඉස්කෝලේ ගියේ සපත්තු දෙක අතේ අරගන, පාලමෙන් එගොඩට ගිහින් තමයි සපත්තු  දාගත්තේ . සුදු කලිසම් අඳින කාලේ දණහිසට වෙනකම් නවාගන යන්න ඕන වහිනකොට නැත්තම් මඩ ඉහිලා කලිසම් ගන්න දෙයක් නැතිවෙනවා . ඉස්කොලෙටත්  ගෙදර ඉදන්   කිලෝමීටර් 4ක් විතර තිබුනා. මං ඉතිං ඉස්කෝලෙ ගිහිපු අවුරුදු 13න් 12ක්ම ගියේ පයින්ම තමයි. පුට් සයිකලයක්වත් නැති නිසා අපිට. පොඩි කාලෙනම් පුට් සයිකල් තිබුන සමහර අයියලා මාව දාගන එනවා ගේ ගාවට. ඒ එනකොටත් වැඩිපුර එන්නේ පයින් කඳු, මඩවලවල් වල බැහැ බැහැ එනකොට. උදේට වැස්සේ නැත්තම් අපි කුඩ අරන් යන්නේ නැති නිසා හවසට වැස්සොත් තෙමි තෙමීම එන්න වෙනවා , අපේ පැත්තට වහින්න ගත්තම ටික වෙලාවක් නෙවෙයිනේ වහින්නේත්. සමහර දවසට බෑග් එක ස්කොලේ ළඟ ගෙදරක තියලා තෙමි තෙමි ගෙදර යන්නේ පායනකම් බලන් ඉඳලා බැරිම තැන.
Related image


          වැල් පාලමෙන් තිබුනේ කේබල්  උඩ ලෑලි දාල දෙපැත්තෙත් අල්ලන්න කේබල් ඇදල තියෙන්නේ. ඕකේ  යන එකත් ටිකක් ඇඩ්වෙන්චර් වැඩක්. නුපුරුදු කෙනෙකුට පාලම මැදට ගියාම පැද්දෙන පැද්දීල්ලට චු යනවා . අපේ උනුත් ඉතින් බයෙන් බයෙන් යන කෙනෙක් දැක්කම තවත් පාලම පද්දනවා. ටික කාලයක් යනකොට පාලමේ ලෑලි  දිරලා එක එක අඩුවෙනවා එතකොට වැඩේ තවත් දරුණු වෙනවා. බයෙන් බයෙන් යන කට්ටිය පාලමේ දෙපැත්තේ තිබුන කේබල් අල්ලගන යනකොට අනිවාර්යෙන් අත  තුවාල කරගන්නත් වෙනවා. මොකද කේබල් වල කම්බි තැනින් තැන මතුවෙලා තියන නිසා


අවුරුද්දකට දෙකකට   සැරයක් ඔය වැල් පාලමේ ලෑලි මාරු කරලා දිරපු  කම්බි මාරු කරලා අලුත් වැඩියා කරන්න  වෙනවා . කොහොමත් ප්‍රාදේශීය සභාවෙන් ඒකට සතියක් දෙකක් ගත්තා . ඒ කාලෙට ගඟෙන් එගොඩ වෙන්න සභාවෙන්  පාරුවකුත්  ගමේ මිනිස්සුන්ගෙත් උණ පහුරකුත් දානවා . අපිට නම් ෆුල් ජොලි එකාලෙට. ස්කෝලෙට පරක්කු වෙලා ගියාට අව්ලකුත් නෑ ඒකාලෙට . පාරුව තියන ගං ඉවුරට බහින්න හරි පාරක් තිබුනේ නෑ. ඒකෙ බහින්න ගිහින් ලිස්සලා පස්ස බිම ඇනාගන්නත් වෙනවා කීප දෙනෙකුට දවසකට.
පොරවල් වෙන්න කැමති සමහරු නම් පාලමේ ලෑලි නැති කම්බි දිගේත් එගොඩට ගියා . ඉස්කෝලේ ළමයින්ගේ නම් සල්ලි ගත්තේ නැතුවට ගමේ මිනිස්සුන්ගෙන් සල්ලි ගත්තා පාරුවෙන් එක්කන් යන්න. අච්ච්රයි කියලා ගානක්  තිබුනේ නෑ මිනිස්සු කැමති ගානක් පාරුවට  ඇතුලටම දාල ගියා.

උන බට පහුරෙන් එගොඩ වෙන එකත් වෙනම ආතල් එකක් . පීනන්න පුළුවන් කෙනෙක් ඇරෙන්න පහුරේ ගියේ නෑ, මොකද තෙමෙන්න වීමේ සම්බාවිතාව සියට හැත්තෑපහක් විතර උනා එකෙන් .  ගඟ හරහා කේබල් එකක් ඇදල එක අල්ල අල්ල තමයි පහුර එහා මෙහා ගෙනිච්චේ. පහුර අරගන යනකොට යන්තම් හරි ඉස්සරහ කෙලවර පහත් වුනොත් කෙලින්ම යන්නේ වතුර ඇතුලට , මොන සක්කරයටවත් බෑ ආයෙත් පහුර මතුපිටට ගන්න ඉතින් පහුරේ ඉන්න උන් ටිකට වෙන්නේ අතේ පයේ විරිය දාල ගඟට පැනල පීනන්න තමයි. ඔය වෙලාවට  පහුරෙ ආපු උන්ට  හු කියන්න වෙනම සෙට් එකක් හිටියා එගොඩ මෙගොඩ.



අඟහරුවාදාට ඉස්කෝලේ ඇරිලා  අපි ගඟ ගාව සැහෙන්න වෙලාවක් ඉඳල තමයි ගෙදර යන්නේ , එදාට තවලම සති පොළ තිබුන නිසා ගමේම මිනිස්සු එනවා ගඟෙන් එගොඩ වෙන්න. අපරාදේ කියන්න බෑ එදාට පාරුව දෙතුන් සැරයක් කණපිට ගහනවා. අපේ ගෙවල් කිට්ටුව තිබුන තේ වත්තේ දෙමල ආච්චිලාට පාරුවේ  යන්න තේරෙන්නෙම නෑ , එක්කෙනෙක්  පොඩ්ඩක් එහා මෙහා වැනුන නම් ඇති පාරුව  පෙල්ලෙන්න. කොයි වෙලෙත් ගඟේ දෙපැත්තේ හිටියා පීනන්න පුළුවන් අය,ආච්චිලා ගඟට වැටිලා අයියෝ  ෂාමී අයියෝ ෂාමී කියලා මරහඬ දෙනවා. අපරාදේ කියන්න කාටවත් එලොව යන්න නම් දුන්නේ නෑ කවදාවත්. දැන් කාලේ වගේ ලයිෆ් ජැකට් තිබුනේ නැති උනාට

පාරුවක්  පෙල්ලුන  හැටිය ඇඳන් ඉන්න ඇදුම් පිටින්ම ගඟට පනින්න ඒ කාලේ  මිනිස්සු දෙපාරක් හිතුවේ නෑ, දැන් උනා නම් කට්ටියක් සෙල්ෆි ගහවි , කට්ටියක් ෆෝන් පර්ස් අදීවි පනින්න කලින් , එතකොටනම් දෙතුන් දෙනෙක් යන්න ඕන තැනට ගිහින් තියේවි.



    ගඟේ වතුර වැඩි  දවසට නම් පාරුවට  නග්ග ගන්නේ සීමිත ගානක් විතරයි පාරුව  පැද්දෙත් හොඳට පුරුදු කෙනෙක් විතරයි. අපේ පොඩි බාප්පා හුඟක් දවසට පාරුව  පැද්දා වතුර වැඩි නම් ගඟේ.

 1992 හරි 1993 දී තමයි මුලින්ම අපේ ගමට එන්න ගඟ හරහා කොන්ක්‍රීට් පාලමක් හදන්න පටන් ගත්තේ බටහේන හරියෙන්  ඒ දවස් වල දකුණු පළාත් ආණ්ඩුකාරය වුනු බාකිර් මාකිර්  මහත්තය මුල්ගල තිව්ව කියල මට මතකයි.



2003 මහා ගං වතුරෙන් පස්සේ ගිං ගගේ තිබුන ඔක්කොම වැල් පාලම අයින් කරලා යකඩ පාලම දැම්මා ඒවායිනුත් ත්‍රිවිල් එකක් ඇරෙන වෙන වාහනයක් යන්න බෑ ,


අපි ඉස්කෝලේ ගිහිපු ගඟසිරියේ වැල් පාලම නම් දැන් සම්පුර්ණයෙන් අයින් කරලා යකඩ පාලමක් දාලා තියෙන්නේ බටහේනේ පාරේ තිබුන පාලමේ කම්බි නැතත් දෙපැත්තේ යකඩ කුළුණු දෙක   තාමත් එතන තියනවා. අලුත් පාලම දැම්මට පස්සේ අවුරුදු පනහක් විතර ගමේ මිනිස්සුන්ට එගොඩ මෙගොඩ යන්න උදව් කරපු පාලම දෙක දැන් මතකවත් නෑ හුඟක් අයට.
(චයාරුප අන්තර් ජාලයෙනි )

බාල්දු කථා

ලව් ලොක්

  මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...