හින්නි උක්කුං මාමාගේ ගෙදරට හොරු පැනලා

අපේ නෑයෙක් වෙච්ච හින්නි උක්කුං මාමා කසාද බැඳලා නෑ හිටියෙ එයාගේ නංගිත් එක්ක. නංගිගේත් ටිකක් ඔලුව හොඳ නෑ ගෙදරක හිටියේ නෑ කොයි වෙලාවකවත් පාරේම තමයි.
දවසක් මාම පොඩ්ඩක් වත්තට ගිහින් ගෙදරට එනකොට ඇරලා දාල ගිහිපු ගෙයි ඉස්සරහ දොර වැහිලා ලොක් වෙලත් එක්ක. පිටි පස්සේ දොර කොහොමත් වහල තිබ්බෙ. මොකක්ද උනේ කියලා කල්පනා කර කර දොර අරින්න හදන කොට. ඇතුලෙන් ඉඳන් කව්ද කියපි " දොර කඩන්න හදනවද පිස්සුද තමූසෙට" කියලා. මාම බැලුව කඩහඞ නංගිගේ නම් නෙවෙයි.
පිරිමි කඩහඞක්. අඳූරන්නත් බෑ. මාම බැලූව යකෝ මගේ ගෙට රිංගලා මට සද්දෙ දාන එකා මොකාද කියලා. හරි යන්නේ නෑ කියලා හිතපු මාම ගෙනාව පොල් ඔයන යකඩෙ දොර කඩන්න වත්. ඒ පාර ඇතුලේ ඉන්න එකා කියනවා " දොර කැඩුවොත් පොලීසි යනෝ" කියලා. ඩයකෝ මාම බලනව මමනේ පොලීසි යන්න ඕන මූ කියනවා ඌ පොලිසි යනවා කියලා. මිනිහට ෆුල් අන්දොස් වැඩේ දැන්. දැන් නම් මාමට ඌරු ජුවල්. තෝ ඔහොමම හිටු මං පොලිසිය ගේනකම් කියලා මිනිහා ගත්තා කෝල් එකක් 119 එකට. ඇතුලෙ හිටපු අපේ පොඩි අයියාට යතුරු හිලෙන් බලද්දී තේරිලා තව හිටියොත් නම් අලි ජංජාලයක් වෙන්නේ කියලා හෙමිහිට දොර ඇරගන එලියට ඇවිත්. පොඩි අයියා දැකපු හින්නි උක්කුං මාමට බනිනවද හිනා වෙනවද කියලා හිතාගන්න බැරි වුණා. "මේ වේ..ගේ පූතාද" කියල ඇහුවෙ පාරක් ගහන්න බැරි කමට. පොඩි අයියත් ඉතින් ඔය වගේ ටොපි දෙන්න උපන් ගෙයි හපනා බව දන්න නිසා මාම වැඩේ දූර දිග නොගිහින් ඉවසගත්තා.
වෙලා තිබූණේ අපේ පොඩි අයියා මොකක්ද උවමනාවකට හින්නි උක්කුං මාමා හම්බූ වෙන්න ගෙදරට එනකොට ගෙවල් දොරවල් හායි ගාලා ඇරල දාල මොකෙක් වත් හිටියේ නැහැලු. ගේ ඇතුලටත් ගිහින් බලලා එද්දී තමයි මාම එනව දැකල පොඩි විහිළුවක් කරන්න හිතිලා තියෙන්නේ. 

ඉරපඤ්ඤං ගම

මං තලවකැලේ වැඩකරේ ටික කාලයක් උනාට අමතක නොවෙන සිද්ධි  ගොඩක් හම්බ උනා.  පොඩි සයිට් එකක් වුන නිසා  ලොකු වැඩක් තිබුනේ නැහැ මට . තවත් යාළුවෙකුත් හිටපු නිසා මං කරේ මුදල් අංශයේ වැඩ. වියදම් සල්ලි මගේ එකවුන්ට් දවස ගානේ දැමමේ අපේ කොළඹ හෙඩ් ඔෆිස් එකෙන් . ඉතින් මගේ එකවුන්ට් එක තිබුන බැංකුවක් තිබුනේ හැටන් වල . මට දවස ගානේ හැටන් ගිහිල්ලා එන්න උනා  සල්ලි අරගෙන එන්න.
හැටන් නුවර එළිය බස් වැඩිපුර තිබබේ AC බස් . Ac කිව්වට ගාන ගත්තා විතරයි මොකො අමුතුවෙන් AC දාන්න දෙයක් තිබුනේ නැහැනෙ ඒ පාරේ.
එතකොට අපි නැවතිලා හිටියෙ  ඉහල කොත්මලේ ප්‍රෙජෙක්ට් මිනිස්සුන
 අලුතෙන් පදිංචි කරවපු හරියේ ගෙදරක. එතකොටත් ප්‍රොජෙක්ට් එකේ වැඩ යනවා.
එක දවසක් නුවර ඉඳන් අපට බඩු වගයක් එව්වා කොම්පැනි ලොරියක. ලොරියක් කිව්වට ඒක දරහැවක් , ආපු ඩ්‍රැයිවර් ට වෙනම ගානක් දෙන්න ඕන ඒක අරන් ආවට නුවර ඉඳන්. ලොරියෙ තිබුනෙත් පයිප්ප වගයක්. මේ යකා මේක පාර මැද හරවන්න  ගිහින් පාර හරහට නැවතිලා. ඉස්සර රෝද දෙක කාණුවකත් දාගන. අපි එතැනට යනකොට පොලිසියේන් එක ගෝරියි. මෙලෝ වාහනයක් යන්න බෑ පාරෙ. මේක ස්ටාර්ට් කරන්න අනිවායෙන් බැටරියක් කපල් කරල අල්ලන්න ඕන උනත් අපි ගාව තිබුණේ එස්කැවෙටරයක් විතරයි. දැන් එතකොට රෑත් වෙලා. කොහොම හරි කරුවලේම එස්කෑවේටරේ බැටරිය ගලෝගන ඇවිල්ලා කපල් කරලා යන්තම් දරහැව පැත්තකට දාගත්තා. එතකම් ඉතින් දෙපැත්තේන්ම ආපු වාහන කාරයෝ අපේ සනුහරේ මතක්කර කර හිටියා.
ඒකාලේම ඔය ඉහල කොත්මලේ ප්‍රොජෙක්ට් එකේ හිටියා මගේ යාලුවෙක්. මං මිනිහත් එක්ක  ඔය ඒරියා එකේ ටිකක් කරක්  ගැහුවා.
ඔය ඉහල කොත්මලේ පවර් ස්ටේෂන් තිබුණේ නියන්ගම්දොර කියන හරියේ. සෙන්ට් ක්ලෙයාර් ඇල්ල ගාවින් පටන් ගන්න ටනල් එකෙන් ආපු වතූර ටික පවර් ස්ටේෂන් හරහා කොත්මලේ ජලාශයට ගියේ එතනින්. තලවකැලේ ඉඳන් නියන්ගම්දොරට යන පාරේ තිබුණා ගමක් මඩකුඹුර කියලා.  ඇත්තටම ඒ පාරේම නෙවෙයි තිබුණේ මඩකුඹුර  , පාරෙන් පල්ලෙහා තිබුණේ  . මඩකුඹුරට වාහනයක් යනවා නම් කිලෝමීටර් විස්සක් විතර රවුමක් එන්න ඕන නාවලපිටිය පැත්තේන්. නැත්තම් තිබුන ෂෝට් කට් එක තමයි  පඩි අටසීයක් විතර නැගලා තලවකැලේ පාරට එන එක. මඩකුඹුර ගම තියෙන්නේ නිම්නයක පතුලේ  නැගෙනහිර පැත්තේනුයි බස්නාහිර පැත්තේනුයි මහා කඳු දෙකක් පිහිටලා තිබුනා. ඒක නිසා ගමට ඉර පෑව්වේ සීමිත වෙලාවක් විතරයි  උදේ 10ට පායන ඉර හවස 3 වෙනකොට බහිනවා. ඒක නිසා තමයි කට්ටිය මඩකුඹුරට ඉරපඤ්ඤ්‍ං ගම කියලා කිව්වේ. ගමේ කට්ටියට නම් පොඩ්ඩක් කට්ට පනිනවා ඒක කියන කොට.

ෆෝන් හොරා කව්ද හොරා

මං පානදුරේ වැඩ කරන කාලේ නැවතිලා හිටියෙ රත්මලානේ අක්කලගේ ගෙදර. වැඩ ඉවර වෙනකොට කොහොමත් හැමදාම ටිකක් රෑවෙනවා. රැට පානදුරේ ඉඳන් රත්මලානට එන්න නෝමල් බස් අඩු නිසා මං එන්නේම හුඟ වෙලාවට AC බස් වලම තමයි. ඔය පානදුර කොළඹ 100 බස් රූට් එක යන්නෙ පරණ පාරේ මොරටුවට වෙනකම්.
එක දවසක් ටිකක් වයසක අම්ම කෙනෙක් නැග්ගා පානදුර හොස්පිටල් ගාවින් බස් එකට මහ රෙදි පොට්ටනියකුත් එක්ක මොරටුවට යන්න. වෙලාවත් හතරහමාරට විතර ඇති. මේ අම්මා පානදුර ටවුන් එකේ රෙදි බිස්නස් කරන කෙනෙක්. බස් එකෙත් ලොකු සෙනගක් හිටියේ නෑ. පානදුරෙන් පරණ පාරේ ටික දුරක් යනකොට බස් එකේ වාඩිවෙලා හිටපු කොල්ලෙක් කෑගැහුව මිනිහගේ ෆෝන් එක නැති වෙලා කියලා. කට්ටිය කිව්ව බලන්න ඔය සීට් එක අස්සට වැටිලාද කියලා. මිනිහ අඩන්න වගේ කියනවා බැලූවා හැමතැනම ඇත්තේ නෑ කියලා. බස් එකේ කොන්දත් ඇවිල්ල දැන් ෆෝන් එකේ ටෝච් එක ගහගන සීට් අස්සෙයි බිමයි හොයනවා ෆෝන් එක. ඒත් නෑ. ෆෝන් එකේ අයිතිකාරයාත් බස් එකේ නැගිටගන එක එකෙනා ලගට ගිහින් හොයනවා ෆෝන් එක. මිනිහ අර අම්මා ඉන්න හරියේ ඉන්න කොට කව්ද කිව්ව ෆෝන් එකේ නොම්මරේ කියන්න රින්ග් කරල බලන්න කියන්න කියලා. දැන් ඔන්න ෆෝන් එකේ රින්ග්ස් සද්දෙ ඇහෙනවා. ඇහුනේ මිනිහා හිටපු කිට්ටුවෙන්ම තමයි. ලගම හිටියෙ අර රෙදි අම්මා නිසා මේ යකා කෑගැහුවා මෙයා ගාව තමයි ෆෝන් එක තියෙන්නේ කියලා. රෙදි අම්මාට මල පැනලා බනිනවා මූට. මේ යකාත් ගානක් නැතුව අර රෙදි මල්ල අදිනවා ඒකේ තමයි ෆෝන් එක තියෙන්නේ කිය කිය. අම්මාට දැන් මලේ මල "මං මේ විකුණන්න ගෙනාව රෙදි යකෝ ඕව ඔහොම බිම දැම්මහම මං කොහොමද විකුණගන්නේ" කිය කිය බනිනවා.
මුලු මල්ලම ඇද්දත් හොයාගන්න බැරි වුණා ෆෝන් එක. අම්මාගේ හැට්ටේ අස්සට අත දැම්මෙ නැති එක විතරයි අරූ. ෆොන් එක රින්ග්ස් යනවා එත් ඇත්තේ නෑ.
බස් එකේ ඩ්‍රයිවර්ට මේ නාඩගම බලන් ඉන්න බැරිම තැන නැවැත්තුවා බස් එක. ඔක්කෝටම බහින්න කිව්ව බස් එකෙන්. බැහැල දැන් රින්ග්ස් ඇරල බලන්න කියල කිව්ව.
ඔන්න දැන් එලියෙත් ෆෝන් එක රින්ග්ස් යනවා අරූ ඉන්න හරියෙන්ම. කට්ටියම දැන් ඌරු ජුවල් වෙලා හිටියේ රෑවෙලා පුලුවන් තරම් ඉක්මනට ගෙදර යන්නනේ මිනිස්සු AC බස් එහකට නගින්නෙත්. කට්ටිය අරූව වට කරගෙන චෙක් කරන කොට තමයි ෆෝන් එක හම්බුනේ. මිනිහගේ ඩෙනිමේ යට නවල තිබුණ වාටිය අස්සෙ තිබිල. දැන් ඉතින් මිනිහාට අයෙත් එතන ඉන්න බැරි වුණා මිනිස්සුන්ගේ කුණුහරුප අහගන්නෙ නැතුව. අර අම්මා නන්ස්ටොප් දෙස් තියනවා අරූගෙ පරම්පරාවටත් එක්ක. යන්තම් කට්ටිය බස් එකට ගොඩ වෙලා යන්න පිටත් වුනාට අර කොල්ලා නම් නෙවෙයි ආයේ බස් එකට නැග්ගේ. 

කොළඹ සවාරිය

මං හාපුරා කියලා ගෙන්දගම් පොළොව පෑගුවේ මට අවුරුදු 5 දී. ඒ මං හිතන්නේ 1988. නිකං කකා බිබී ගෙදර හිටපු මාව තාත්තා බයිසිකලේ දාගන එක්කන් ගියා තාත්තා එතකොට වැඩකරපු කොළඹට. තාත්තා නැවතිලා හිටියෙ කොල්ලුපිටියේ අපේ තව මාමා කෙනෙක් එක්ක. ඒක බොඩිමක්ම නෙවෙයි. වහල තිබ්බ නර්සීන් හෝම් එකක්. අර හිටපු මාමගේ ඇඳූනුම් කමකට තමයි එතන තාත්තාටත් ඉන්න හම්බවෙලා තිබ්බේ. වෙන කවුරුවත් හිටියේ නෑ ඒකෙ අපි තූන් දෙනා ඇරෙන්න. ටිකක් ලොකු බිල්ඩින් එකක් ඒක. එතකොටත් සමහර ඉස්පිරිතාල අයිටම් තිබුණා ඇතුලේ. ඇඳන් එහෙම. මාම නම් නිදාගත්තේ එයින් එහෙක. මං පුංචි නිසා තාත්තයි මායි බිම නිදා ගත්තේ. ඕක තිබීලා තියෙන්නේ ඩුප්ලිකේෂන් පාරේ අයිනේම. පස්සෙ තමයි ඕව දැන ගත්තේ. වටේටම තාප්පෙකුත් තිබුණා ගේට්ටුවක් එක්ක.
තාත්තා වැඩ කරේ බම්බලපිටියේ ගෝල්ඩන් ඊගල් ඒකේ එකව්න්ටන්ට් හැටියට . පරණ අය නම් දන්නවා ඒක. ඔය කොම්පැණියට අයිති පොඩි අයට ඉන් ඩෝ ෆන් ගේම් තියන තැනක් තිබුණා තාත්තාගේ ඔෆිස් එක ගාවම. . ලොකු අයටත් සමහර අයිටම් තිබූණා. හැම අයිටම් එකම වැඩ කරේ පහේ කාසියක් දැම්මාම, රුපියල් 5ට විනාඩි දහයක් විතර ප්ලේ කරන්න පුළුවන්. ආයේත් ඕන නම් තව පහක් දාන්න ඕන. තාත්තා දවල්ට ඔෆිස් එකේ වැඩ කරලා රෑට අරකේ කැෂියර් එකෙත් වැඩ කරා. ඒක ඇරලා තියෙන්නේ හවස 6 ඉඳන් රෑ 11 වෙනකම්. දවල් දවස මං අර ඉස්පිරිතාල බෝඩිමේ ඉන්නවා තනියම. හවසට තාත්තා ඇවිත් මාව එක්කන් යනවා අරකට. කැලේ දොලේ පැනල සෙල්ලම් කරපු මට මේක දෙවිය ලෝකේ ගියා වගේ. ඒ හැම අයිටම් එකේම තිබ්බ සල්ලි නොදා පාවිච්චි කරන ක්‍රමයක්. මට ඒක එතන හිටපු එක්කෙනෙක් කියල දුන්නා පලවෙනි දවසෙම. ඕක බලා ගන්න හිටයේ සුද්දෙක්. ඌ නැති වෙලාවට මං ඉතින් තියන ඔක්කොම අයිටම් ටික ප්ලේ කරනවා. රෑට කඩෙන් මොනව හරි කාල මායි තාත්තයි 11 න් පස්සේ පයින්ම යනවා ඉස්පිරිතාල බෝඩිමට. දවස ගානේ යන එන නිසා මට පාර හොඳට මතක තිබුණා.
දවල් දවස මං තනියම අර බෝඩිමේ හිටියේ. තාත්තා උදේට යන කොට ගේට්ටුව ලොක් කරල ගියා. මට ඉතින් කරන්න කිසිම දෙයක් නැහැ දවල්ට. පාර පේන්නේත් නෑ තාප්පෙ නිසා. මං කරන්නෙ තාප්පෙ ගාව ඇලවෙලා තිබිච්ච පොල් ගහකට ගොඩ වෙලා පාර බලා ගන ඉන්නවා. මාමා නම් බනිනවා කවුරු හරි උස්සගෙන යාවි කියලා.
ඔය ගෝල්ඩන් ඊගල් ව්‍යාපාරේ අයිති D C අබේවර්ධන මහත්තයා තාත්තා පුද්ගලිකව දැනගන හිටියා. ඒවගේම වැඩකරපු හැමෝටම හොඳට සැලකූවා. අපි හිටියේ නත්තල එනකම් බලාගන මොකද තාත්තට හම්බ වෙන හැම්පර් හින්දා. ඔය චීස්, බටර් සොසේජස්, සෝස්, ජෙලි, එක එක ජාතියේ කෑම ගොඩක් තිබුණා ඒකෙ. මං ඉතිං ඔය ඔක්කොම ජාති දැක්කෙත් කෑවේත් මුලින්ම තාත්තගේ හැම්පර් එකෙන් තමයි.
දවසක් මං කරපු පන්ඩිත වැඩක් නිසා තාත්තට හීන් දාඩිය දැම්මා. හැමදාම හවසට තාත්තා ආවත් එක දවසක් තාත්ත එන්න ටිකක් පරක්කු වුනා, රෑ වේගනත් ආපු නිසා මට බයත් හිතුනා මොකද කියලා. ඕන එකක් කියලා මං හිතුවා තාත්තා හොයාගෙන යන්න. ගේට්ටුව ලොක් කරල නිසා පැන්නා තාප්පයෙන්. මං දැන් යනවා පාර දිගේ, ඩේලි ගිහිපු නිසා පාර මතකයි මට. එතකොට 7 විතර වෙලා ඇති මං හිතන්නේ. ගාලු පාර පනින්නත් කවුද කෙනෙක් මට උදවු කරා. පාරත් පැනලා ටික දුරක් යනකොට මෙන්න එනවා තාත්තා ඉස්සරහට. මාව දැකපු ගමන් තාත්තා ඔලුවේ අත තියාගත්තා. කොරපු අති පන්ඩිත වැඩේ නිසා පහුවදාම මට ගෙදරට ට්‍රාන්සර් එකක් හම්බුනා.
තාත්තටත් වැඩි කල් එතන රස්සාව කරන්න හම්බුනේ නෑ. තාත්තා එතෙන්ට වැඩට දාපු කෙනෙක් කරපු හොර කමක් නිසා තාත්ත පැදුරටත් නොකිය එතනින් ආවා ගෙදර. අඩුම තරමේ ඉස්පිරිතාල බෝඩිමේ තිබ්බ ඇඳුම් ටිකවත් අරන් එන්න තාත්තා එතනට ගියේ නෑ. රස්සාව කොච්චර හොඳ වුනත් ආත්ම ගෞරවය ඊට වඩා තාත්තට වැදගත් වුනා. තාත්තා මොන නාඩගම් නැටුවත් මගේ ලෝකේ වීරයා උනේ ඒ වගේ වැඩ නිසා.
බඩගිනි උනාට සිංහයා තණකොළ කන්නේ නෑ.

මෙරිගෝල්ඩ් හෝටෙලේ

ලංකාවේ මෙරිගෝල්ඩ් කියලා හෝටලයක් දැං ඇත්තේ නෑ. ඒඋනාට  නුවර එළිය ටවුන් එකේ ටිකක් වයසක කාගේන් හරි ඇහුවොත් මෙරිගෝල්ඩ් හෝටලය පෙන්වාවි. හැබැයි ඒකේ නම දැන් වෙන එකක්.
මෙරිගෝල්ඩ් කියලා නම තියලා මේක හදන්න පටන් අරන් තියෙන්නේ එක්දාස් නමසිය අනූ ගණන් වල මුල .ප්‍රේමදාස මහත්තයාගේ කාලේ එයාගේ ගජයෙක්. බලය තිබුන නිසා නුවරඑළිය ටවුන් එකේ බොහොම වටිනා ඉඩමක් කුණු කොල්ලේට අරගන නගර සභාවේ රෙගුලාසිත් උල්ලංඝනය කරලා තමයි මේක හදලා තිබුණෙ. කාමර සීයක හෝටලයක් වෙන්න තමයි සැලැස්ම තිබුණේ.   හදිසියේ ප්‍රේමදාස මහත්තයා අභාවප්‍රාප්ත උන නිසා. මෙයාට මේක තවදුටත් කරගන යන්න බැරි වෙලා භාගෙට හැදිච්ච බිල්ඩින් එකත් දමලා මිනිහා ලංකාවේනුත් පැනලා ගිහින්.. මේකට ණය දීපු ෆිනෑන්ස් කොම්පැණියට මේක සින්න වුනාට තිබිච්ච නීති ප්‍රශ්ණ නිසා කාටවත් ආයේ විකුණ ගන්න හම්බ උනේ නෑ.. කෝටි ගණනක සල්ලි හිර වෙච්ච ෆිනෑන්ස් කොම්පැණිය එතනින්ම බංකොලොත් වුනා. අවුරුදු දහයක් විතර නඩු කියලා යන්තම් මේක  නිදහස් කර ගන්න ෆිනෑන්ස් කොම්පැණියට පුලුවන් වුනාට ඒ කොම්පැණියට  නම් ආයේ ගොඩ ඒමක් තිබූණෙ නෑ.
 ඊලඟ වාසනාවන්තයා උනේ මේක ගන්න මාල දිවයිනේ හිටපු ජනාධිපතිගේ ( අබ්දුල් ගයුම්) .
.ඥාතියෙක් . මිනිහත් සල්ලි තිබුණට ගත්තා මිසක් මේකේ ඇත්ත තත්වෙ දැනගන හිටියේ නෑ . කරන්නෙ කොහොමද කියලාවත් දැනුමක් වත් එහෙම පිරිසක් වත් හිටියේ නෑ මිනිහට. මිනිහා මේකට දැම්මා වෙන නමක් දැන් ඒකට තියන නමට ටිකක් සම්බන්ධ නිසා මං ඒ නම නොකිය ඉන්නම්.
  එතකොට මං හිටපු ඉදිකිරීම් කොම්පැණියට මේකෙ ඉතුරු වැඩ ටික කරන්න හම්බ උනාට පස්සෙ තමයි මං ඔතෙන්ට සම්ප්‍රාප්ත වෙන්නේ.
මටත් එතෙන්ට එන්න උනේ කොම්පැණියේන් එවපු කීප දෙනෙක්ම නුවරඑළියේ දේශගුණේට ඔරොත්තු දීගන්න බැරුව ආපහු ගිහිපු නිසා. මං ඉතින් ඉබ්බා දියේ දාන්නද ඇහුවම ඇන්නෑවයි කිව්ව වගේ එක පයින්ම කැමති වුනා. ආපු දවසේ බිල්ඩින් එක දැක්කම මට මතක් වුනේ සූර පප්පා එකේ මක බාස්ගේ බිල්ඩින් . ඒ වගේ තමයි හදල තිබුණේ. ළඹයක්, මුලු මට්ටමක්  මට්ටම ලීයක් වැරදිලාවත් පාවිච්චි කරලා තිබුනෙ නෑ වගේ . අර ෆිනෑන්ස් කොම්පැණිය ට්‍රයි කරලා තියෙනවා විකුණගන්න බැරිම තැන මේක තමන්ම හදලා පටන් ගන්නවත් . ඒකට පොරක්ව  කොම්පැණියට අරගන මිනිහට භාරදීල තියනවා ආදාල ඉදිකිරීම් සමාගම් වලින් ටෙන්ඩර් අරගන වැඩේ කරවන්න .  මිනිහා නොම්බර එකේ කපටි ඉන්දියන් කාරයෙක් . මිනිහා  කරල තියෙන්නෙ ෆිනෑන්ස් එකේ වැඩ කරන ගමන් තමන්ගේම මිනිස්සු දාගන එ කොන්ත්‍රාත් එකත් කරල. බිල් වලට අත්සන් කරන්නෙත් මිනිහම නිසා වැඩ වල ප්‍රමිතිය ගැන හොයන්න වෙන කවුරුවත් නැති නිසාත්  හොඳට ගරාගන තිබුණා. මට නම් තේරුනේ මේක ගොඩ දානවට වඩා ලේසියි   බිල්ඩිම බිමට සමතලා කරලා අලුතෙන් හදන එක කියලා.. මොකද වැඩ කොහොම හරි කරත් මේවට ගෙවීම් කරන්න විදියක් හොයාගන්න බැරි හින්දා  QS කරන කට්ටිය දන්නවා භාගෙට හදපු බිල්ඩින් එහෙකට BOQ එකක් හදනවා කියන්නෙ පණ යන වැඩක් . මටත් වැඩ කරන්න හරි BOQ එකක් තිබුණෙ නෑ . බැරිම තැන අපි අර භාගෙට කරපු වැඩ වලට අත ගහන එක නවත්තලා අලුතෙන් කරන්න තිබුණ කොටසෙ විතරක් වැඩ කරා. එකෙත් කොන්ක්‍රීට් වැඩ කලින් කරලා තිබුණා . කියලා වැඩක් නෑ එවයෙත් හැටි කොන්ක්‍රිට් දානකොට පහත් වෙච්ච ෂටරින් ගලවන්නෙ නැතුව එහෙමම තිබුණා . යන්තම් අපි අපේ ගාන ශේප් වෙන්න වැඩ ටිකක් කරලා  එතනින් මාරුවුනා. පස්සේ අර මාලදිවයින් කාරයටත් මොළේ පෑදිලා මේ මරු කටට සල්ලි දාන එක නවත්තලා වැඩේ අත් ඇරලා දාලා තිබුණා . ආයේත් මේ මරාලේ වෙන්දේසි දාපු වෙලාවෙ දේශපාලන හයිය තියෙන ව්‍යාපාරිකයෙක්   අරගන වැඩ ඉවර කරලා විවෘත කරලා තියෙනවා දැන් නම්
 කොහොම උනත් මගේ ජීවිතේ ලස්සන කාලයක් ගෙවුණු තැනක් උනා නුවරඑළිය . පරිසරයට වඩා මං දැක්කේ මිනිසුන්ගේ සුන්දරත්වය. හැමොම හිටියේ සැහැල්ලුවෙන්.  මූණේ හිනාවක් තිබුණා . නොදන්න කෙනෙක් උනත් හිනා උනොත් පෙරලා හිනා උනා . ගුඩ් මෝනිං කිවොත් අහක බලන් ගියේ නෑ . ජාතිවාදය කියලා දෙයක් ඒ මිනිස්සු දැනගන හිටියේ නෑ . මනුස්ස කම තියන ගොඩක් අය මට එහේදි හම්බුනා . අසහනයෙන් ඉරිසියාවෙන් ආතතියෙන් පිරිච්ච මැෂින් වගේ වැඩ කරන කොළඹ මිනිස්සු එක්ක බැලුවම ලොකු වෙනසක් මං දැක්කා ඒ මිනිස්සුන්ගේ. ඒක හැබැයි ට්‍රිප් වලට නුවරඑළියේ ගිහින් දකින්න බෑ. මොකද එතකොට එයාලට අපිව කඩේට බඩු ගන්න ආපු මිනිස්සු විතරයි .
මං ඉන්න කොට ඔය හෝටලේ සෙකුරිටි OIC හිටපු පුවනේන්ද්‍රන්ගේ කතාවකුත් කියලම මේක ඉවර කරන්නම් . දවසක් මිනිහා යාලුවෙක් එක්ක ත්‍රී වීල් එකකින් ගෙදර යනවලු රෑවෙලා. ගෙවල් තිබුණේ පූඩලූඔය. යාලුවට ත්‍රී වීල් එකක් තිබූනනට ලයිසන් තිබිලා නෑ . එ දවස් වල නුවරඑළිය පාරේ ලබූකැලේ හරියේ තිබූනා පොලිස් චෙක් පොයින්ට් එකක්. ඔතන පාස් කරගන යන කොට දැම්මලු  පොලිසියෙන් අත . යාලුවටත් කරගන්න දෙයක් නෑ . කෝකටත් චෙක් පොයින්ට් එකෙන් චුට්ටක් ඉස්සර ගිහින් නවත්තලා බැහැලා ගියාලු රාළහාමි ගාවට. කොහේ ඕයි යන්නේ කියලා රාළහාමි ඇහුවම යාලුව කිව්වලු ගත් කටටම "OIC මහත්තයාත් එක්ක පූඩලූඔයට ගොහින් එන්න යනවා සර්   " කියලා, අප්පටසිරි කිව්ව රාළහාමි ත්‍රී වීල් එක ලඟට කරුවලේම ඇවිත් සැලියුට් එහෙකුත් ගැහවලු   ඇතුලේ හිටපු පුවනේන්ද්‍රන්ට.  ඊලග යාලුවට කිව්වලු පරිස්සමින් සර්ව එක්ක යන්න කියලාත් . 😂 යාලුව බොරු කිව්වේත් නෑ රාළහාමි ඇහුවත් නෑ මොන OICද කියලා මිනිහා හිනා වෙනවා බඩ අල්ලාගෙන. ඔය කතාව මිනිහගේ කැඩිච්ච සිංහලෙන් කියන කොට අපිට තවත් හිනා යනවා.

ඇත් වල

අපේ ගෙවල් වලට කිලෝමීටර් එකහමාරක් විතර දුරකින් තිබුණු වතුර පිරුණු වලක් තමයි ඔය ඇත් වල. වලක් වුණාට ඒක ටිකක් ගැඹූරු මීටර් සීයකට වඩා දිග එකක්. හදපු එකකුත් නෙවෙයි  ස්වභාවික හැදිච්ච එකක්. ඉස්සර  ඒ පැත්තේ පාර හදල නැති කාලේ පාර හරහට වතුර පාරකුත් ගලා ගන ගියා ඕකෙන්  මං ඔතනින් මොන්ටිසෝරි යන කාලේ. ඒකාලේම ලමයෙකුත් මැරිලා තිබූණා වලට වැටිලා.
ඇත් වලට නම හැදුන හැටි පොඩි කතාවක් තියෙනවා අපේ පැත්තේ . ඇත්ත නැත්ත නම් හරියටම කියන්න දන්නේ නෑ මම
අපේ ගෙවල් ඉස්සරහ තියෙන තරමක උස කන්දට කියන්නේ හල්ල කන්ද කියලා. හල් ඇහිලූ කන්ද නිසා ඒක හල්ල කන්ද වෙන්න ඇති මට හිතෙන්නේ . මොකද ඒකේ හල්, බෙරලිය වගේ දුර්ලභ ජාති තිබුණා. හැදෙන කාලෙට මිනිස්සු කණ්ඩායම් පිටින් යනවා ඕවා අහුලන්න.
ගොඩක් ඉස්සර ඔය කන්දේ  පවුලක් ඉඳලා තියෙනවා පදිංචි වෙලා කරලා තිබුනේ කිතුල් පැණි  හකුරු හදන එක. ඒ කාලේ තිබ්බ අලි කරදර නිසා ගහක පැලක් අටවාගෙන තමයී  වැඩේ කරගන ගිහින් තිබූණේ. මෑත කාලයක් වෙනකම් සිංහරාජෙ හිටපු අලි අපේ පැත්තේ මහමෙදේරිය කියන හරියට ආවා ගියා. ඉතින් දවසක් මේ ගෙදර ගෑණු මනුස්සයා පැණි උණු කර කර ඉන්නකොට අලියෙක් හරි ඇතෙක් ඇවිල්ලා ගොඬේ දික් කරලා තියෙනවා පැලට පැණි සුවඳට . මේකට තරහ ගිහිපු ගෑණූ කෙනා අර නටන පැණි වලඳෙන් ටිකක් අරගෙන අලියාගේ හොඬෙට  වක්කරලා.. උණු පැණි වල රස්නෙ ගැන කියන්න දෙයක් නැහැනේ . මෙලෝ සිහියක් නැති වේච්ච අලියා පණකඩාගන දුවලා තියෙන්නේ වතුරක් හොයාගන.. ළඟම තිබුණු වතුර වල වෙන්න ඇත්තේ දැන් ඇත් වල කියන වල . කොහොම හරි මේ අලියා හරි ඇතා හරි මේ වල ගාවදී මැරිලා තියෙනවා. වලට වැටිලාම මැරුණා කියලා තමයි කියන්නේ .. එකෙන් පස්සෙ තමයි මේකට ඇත් වල කියලා කියන්නේ පටන් අරන් තියෙන්නේ .  ඕක සනාථ කරන්න පුළුවන් එකම සාක්ෂියක් තිබූණේ ඒ ඇත්වලට උඩින් තිබූණූ ගෙදර තිබිච්ච අලි හකු ඇටේ.
කම්බූල්ගාය හැදිච්ච අපේ හරියේ හැමෝම එහේට තමයි යන්නේ ඕකේ දෙහි උරච්චි කරලා ගාගන්න. මටත් යන්න උන හිනදා මං දන්නවා . හැබැයි එයාලනම් කවදාවත් කියලා නෑ ඔය අලි හක්ක හම්බුනේ කොහොමද කියලා.
ඕකේ දකුණු පැත්තේ තමයි ඔය ඇත්වල තිබුණේ  දැන්නම් සෑහෙන්න ගොඩ වෙලා. වම් පැත්තේ තියන ගෙදර තමයි අලි හක්ක තිබූණෙ  ඒකෙත් කවූරුත් නෑ දැන් .

බේබද්දෝ බුදුන් වැඩිය තැනට යෑම



මේකත් උනේ අක්කරපත්තුවේ ඉන්න කොටම තමයි.  දවස   පොය දවසක්  කට්ටිය ලෑස්ති උනේ වේලාසනින් වැඩ  ඉවර කරලා දීගවාපිය වදින්න යන්න. මන් ගාව තිබුන කෘ කැබ්  එකේ ගිහිල්ල එන්න  කලින්ම මං  PM මහත්තයගෙන් අවසර අරගන තිබුනේ. අපේ කට්ටිය ඉතින් මොක කරන්න ගියත් බො යන්න ඉස්සරහට දාගන්නවාම තමයි . සයිට් වල පෝය දවස කියන්නෙම බේබදු දවසක්. පෝය දවසට රටේ නීතියේ හැටියට සියලුම තැබෑරුම් වහලා තිබුනාට හොර පොට් එහෙම නැත්තම් අනවසර තැබෑරුම් වල බඩු නොවැරදීම තිබුනා වැඩි මිලට. දැන් කට්ටියට සප්පායම් වෙන්නත් ඕන  යන්නත් ඕන . මන් යෝජනා කරේ ගිහින් එනගමන් බඩු අරගන එමු කියලා. කොහෙද වේලාසනින් යමු කිව්වට අපේ කට්ටිය එකතුවෙනකොට කරුවලත් වැටිලා දැන් එනගමන් බඩු ගන්න වෙන්නේ නැති තරමට රෑ වෙන නිසා . අකමැත්තෙන් උනත් යනගමන් අරන් යන්න ගියා හොර පොට් එකට. එතනත් හැමෝටම දෙන්නේ නෑ රේගියුලර් කස්ටමස් ලට විතරයි බඩු ගන්න පුළුවන්. අපේ සමන්ත අයියා තමයි කෙනා . එය ගියා බැහැල සල්ලිත් අරගන. අපි පොට් එක ඉස්සරහ වාහනේ නවත්තගන හිටියේ. සමන්ත අයියා බඩුත් අරගන අවා දඩබඩ ගාලා. නැගලා යන්න හැදුවට ඩ්‍රයිවර් හිටපු වසන්ත කියපි මේකේ පන්චර් එකක් කියලා. හුටා හොර පොට්  එක ඉස්සරහා කොල්ලෝ සෙට් එක බෝතලුත් එක්ක ඉන්නවා .පොලිසියෙන් අවොත් කට උත්තර නෑ  ඒ අස්සේ හොර පොට්  එකේ අක්කා කෑගහනවා ගත්තනම් ඉක්මනට යන්න කියලා.
දැන් කට්ටිය දඩිබිඩි ගාලා ටයර් එක මාරු කරන්න වීල් බ්‍රුෂ් එක හොයන කොට තමයි තරු විසිඋනේ . එකත් නෑ මේකේ අදාළ තැන . දැන් කට්ටියට හීන් දාඩිය නෙවෙයි මහා දාඩියත් දාලා. මං කිව්වා අපේ උන්ට මේක හොද වැඩක් නෙවෙයි කියලා කලින්ම. කොහෙද ඇහුවේ නැහැනේ . දැන් කට්ටිය කැබ් එක අනිත් පැත්ත ගහලා වීල් බ්‍රුෂ් එක හොයනවා. වසන්ත දිව්රලා කියනවා එක තිබුනා කියලා ඇතුලේ . යන්නතම් කරුවලේ අතපත ගාලා පැය බාගයක් විතර වීල් බ්‍රුෂ් එක හොයා ගැන ස්පෙයාර් වීල් එක දාගත්තා. මගේ නම් කොහෙත්තම කැමැත්තක් තිබුනේ නෑ දැන් දිගවාපි යන්න මොකද දිගවාපි යන පාර හොදටම අබලන් වෙච්ච එකක් ගෙවලුත් නෑ පේන තෙක් මානෙක. එකසැරයක් වෙච්ච් බාදාවත් නිසා මට ඇත්තටම සැහෙන්න බයක් දැනුනා රිස්ක් එකක් ගන්න.
අනිත් උන් ඔක්කොගෙම බල කිරීමට අන්තිමේ මං කැමති උනා ඕන එකක් කියලා ආපු ගමන ගිහින් එන්න. කොහොමහරි අපි දිගවාපි යන්න පිටත් වෙනකොටත් 8 පහුවෙලා. රෑට අලිත් ඉන්නවා ඒ පාරේ සමහර දවසට.
යන්තම් දිගවාපියට ගිහින් වැඳ ගන එන්න පිටත් වෙච්ච් වෙලේ ඉදන් බේබද්දෝ ටිකට ඉවසිල්ලක් නෑ අර බෝතලේ හිස් කරන කම් . බොහොම අමාරුවෙන් එක්කගන අවා ගෙවල් නැති හරියක තිබුන ගල් තලාවක් ගාවට . කරුමවලේම කට්ට්ටිය එක්ක බෝතලේ ඉවර කරේ කොයිවෙලේ හරි අලි බෝටයෙක්ගෙන් ප්‍රහාරයක් එල්ලවෙයිදෝ කියන බයත් එක්ක. පොලිසියෙන් නම් පින් සේන්ඩු වෙලා බේරුනත් අලියෙක්ගෙන් එහෙම එකක් බලාපොරොත්තු වෙන්න බැහැනේ

වසබී නැසීම

ලංකාව වෙන මොකෙන් නැතත්  දිවිනසා ගැනීමේ  ලෝකශූරතාව අඛන්ඩව දිනා ගත්තානේ, ඒ අර ගූගල් එකේ සෙක්ස් හොයපු එකට අමතරව.
අපරාදේ කියන්නබෑ අපේ ගමත් සෑහෙන්න දායකත්වයක් ඒ වෙනුවෙන් දැක්වු බව නම් කියන්නම ඕන.
 සමස්තයක් විධියට ගත්තාම ලෝකේ පිරිමින් සියදිවි නසාගැනීමට වැඩියෙන්ම පාවිච්චි කරන්නේ වෙඩි තියා ගැනීමලු. ගැහැනු කරන්නේ නිදි පෙති පාවිච්චිය කියලා තමයි කියන්නේ. මොකද බහුතරයක් ගැහැනු කැමති නෑලු මැරුනට පස්සේවත් තමන්ගේ ශරීරයට හානිවෙන දේවල් කරන්න.😀
ලෝකෙ තත්වෙ එහෙම උනාට අපේ ගමේ කට්ටිය පාවිච්චි කරේ ක්‍රම දෙකයි. එකක් වස බීම, අනිත් එක ගිනි තියා ගැනීම.

වස ජාති දෙකක් තිබුනා කෘමි නාශක සහ වල් නාශක. කෘමි නාශක බීපු අය නම් බේරුනේ නැති තරම් . මැහි තෙල් කිවවේ ඒවටම තමයි ගම්වල.
වල් නාශක නැත්තම් තණකොල බෙහෙත් බීපු අය කීප දෙනෙක් බේරීලා ඉන්නවා. ඒ ඉතින් මිනිස්සු බය කරන්න නිකන් තොලේ කටේ ගාගත්ත අය තමයි. හරියට බීපු අය ගොඩක් විඳවලා තමයි මැරුණේ .
පිරිමි මැරෙන්න පාවිච්චි කරේම වස බීම. ගිනි තියා ගත්ත ඔක්කොම වගේ ගැහැනු, හැබැයි අපේ ගමේ ගිනි තියා ගනිපු ගොඩ දෙනෙක් මැරුනෙ නෑ.තාමත් ජීවත් වෙනවා නමේ මුලට විශේෂණ පදේකුත් එක්ක "ගිනි තියා ගනිපු" ..... කියලා. ඒ වගේ එක්කෙනෙක් ගිනි තියා ගත්ත වෙලාවෙ මං බලන්න ගිහින් දවස් ගානක් බත් කන්නත් බැරුව හිටියා.
 අර සන්නස්ගල සර් කිව්වා වගේ පිට මිනිස්සුන්ට  පෙනුන ගම්වල සරල සුන්දර කම ඇතුලේ මහා අශිෂ්ඨ අශ්ලිල සිද්ධි ගොඩක් තිබුනා.

දැන් මේ ස්මාට් ෆෝන් ආවට පස්සේ කොල්ලෝ බල්ලෝ ඔක්කොම පත්තර වාර්තාකාරයෝ වෙලා නේ . කාක්කෙක් බෙට්ටක් දැම්මත් fb  දාලා  youtubeදාලා ගෝසිප් සයිට් වල දාල අන්තිමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ප්‍රකාශයක් කරලා ජනාධිපතිටත් ගිහින්නේ නවතින්නේ.

ඉස්සර  හුගක් සිද්ධි  එහෙමම වැලලිලා ගියා.
සිය දිවි නසා ගැනීමට ප්‍රධානම හේතුවක් උනේ පවුල්  ආරවුල්.  පවුල් ආරවුල් වලට ප්‍රධානම හේතුවක් උනේ අනියම් සම්බන්ධතා. ඒව ගැන කවුරු හරි සමීක්ෂණයක් කරා නම් අපේ ගම ඒකෙනුත් කප් එක ගන්නවා ෂුවර් . එච්චරට ඉහවහා ගිහිල්ලා තිබුනේ.  මේ ලඟදි ජනප්‍රිය වෙච්ච කොන්ඩයගේ අයියයි ඌයි එක තාත්තගේ නෙවෙයි කියලා DNA චෙක් කරාම අහුවුණා වගේ.  අපේ ගමේත් ඕක කරා නම් ලෝක ජංජාලයක් වෙන්නෙ. වස බවුසරයක් ගේන්න වෙනවා  මිනිසුන්ට  බොන්න.
ඉස්සර අපේ හරියෙ ත්‍රිවිල් එකක් වත් තිබුනෙත් නෑ තිබුන පාරේ යන්නත් බෑ. ඉතින් ඔය වස බීපු ගිනි තියාගත්ත  අය අරන් ගියේ කද බැඳ ගෙන.  පුටුවක වාඩි කරවලා පොලු දෙකක් ගැට ගහලා හතර දෙනෙක් එක්ක කර තියාගෙන තමයි ඉස්පිරිතාලෙට අරන් ගියේ.   එකක් උනේ  දැන් වගේ මිනිස්සු මරාගෙන මැරුනෙ නෑ තමන්ගේ ප්‍රශ්නෙට තමන් සිය දිවි නසා ගත්තා විතරයි.  දැන් දැන් තව එකෙකුත් මරලානේ මිනිස්සු සිය දිවි නසා ගන්නේ.
කලින් තිබුනා නීතියක් සිය දිවි නසා තැත් කරොත්  ඇග බදිනවා කියලා.  උසාවි දාලා  නඩුවක් දානවා. ඒකේ ලැජ්ජාවට මිනිස්සු ආයේත් වස බෝවී කියලද කොහේද දැන් නම් එහෙම කරන්න නෑ.
මේ ලඟදි ජනප්‍රිය වෙච්ච එකක් තමා පුස් කුඩු.  ඒක අර වස ජාති දෙකටම වඩා සෑහෙන්න ලාභ නිසා ගොඩක් අය වස වෙනුවට බිව්වා. පුස් කුඩු  කිව්වේ ඇදුම් වල පුස් අරින්න කඩවල් වල තිබුන පැකට් එකක්.
සමහරු අලුත් ජාතිත් අත්හදා බලන්න ගිහිල්ලා අන්තිමට වැඩේ උනෙත් නෑ නිකන් විශේෂණ පදයක් හදා ගත්තා විතරයි.  මැරෙන්න ඩීසල්  බීපු හාමුදුරු කෙනෙක්ට
උනේ  ඒක තමයි. එයාට නම් විශේෂණ පද ඇත්තේම නැතුව නම නිකන්ම ඩීසල් උනා.
සමහරු හිටියා අනිත් මිනිස්සු  බය කරන්න මඤ්ඤොක්කා කොල කොටලා බීපුත්. උන්ට නම් ආයේ ඇත්තටම වස බොන්න හිතෙන කුනුහරුප ටිකක් තමයි අහගන්න උනේ. ඇත්තටම ගොඩාක් මැරෙන්න උත්සාහ කරපු අයට ඕනවෙලා තිබුනේ අනිත් අයට පාඩමක් උගන්වන්න.  ඒකනේ බීපු වෙලේ ඉදන් බේර ගන්න පින්සේන්ඩු වෙන්නේ. එල්ලිලා මැරෙන එක ජනප්‍රිය නොවෙන්නත් හේතුව උනේ  ඒක.  මොකද එල්ලුනොත් එල්ලුනාමනේ. අයේ බේර ගැනිල්ල් නෑ.  අනුරාධපුර පැත්තේ වගේ ලිදේ පනින්න විදියකුත් නෑ අපේ හරියේ ලිදවල් එච්චර ගැඹුරක් නැහැනේ.  ගග තිබුනාට ගගේ පැනලා වැඩකුත් නෑ  පීනන්න පුළුවන් නිසා.

පුෂ්පෙගේ පිස්සු ෆෝන් එක





මේක සිද්ද වුනේ මගේ ට්‍රේනින්  කාලේදී අපි හිටපු සයිට් ඇකෝමඩේශන්  එකේදී . අපේ සයිට් එක 27X 7 වැඩ කරපු නිසා විවේකයක් හම්බුනේ බොහොම කලාතුරකින් තමයි. හම්බු වෙන පොඩි රෙස්ට් එකේදීත්  මොකක් හරි පිස්සු වැඩක් කරන්න කට්ටිය සැදී පැහදි හිටියා.
අපිත් එක්ක හිටපු පුෂ්පෙ ගාව තිබුන අරුම පුදුම සිම් එකක් නිසා කට්ටිය නොසැහෙන්න රසයක් වින්දා. මේ සිම් එකට සම්බන්ද ජාලයේ  කිසියම් තාක්ෂණික දෝෂයක් නිසා, උපක්‍රමයෙන් කෝල් ගැනීමේ ක්‍රමයක් අපේ කට්ටිය හොයාගන තිබුන  වියදමක් නැතුව ලංකාව ඇතුලත ඕනෑම නොම්බරයකට. එ දවස්වල කෝල් චාජර්ස් අධික වීම නිසා කාට හරි දිග කෝල් එකක් ගන්න ඔන නම් පුෂ්පයව හොයාගන ගියා ඕනෑම වෙලාවක. කොහොමහරි හවස් වෙන්නත් කලින් උගේ ෆෝන් එකේ බැටරිය බැහැල ගියා හැමදාම. මගේ ෆෝන් එකත් උගේ ජාතියේම නිසා හවස්වෙනකොට මගේ බැටරියෙන් තමයි උගේ ෆෝන් එක දිව්වේ.

මේකේ රසවත් දේවල් සිද්ද වෙන්නේ සඳුදා රෑට හරි අඟහරුවාදා රෑට හරි තමයි. මොකද ඔෆිස් එකේ තියන ඉරිදා ලංකාදීප පත්තරේ බෝඩිමට ගේන්නේ එදාට නිසා. පත්තරේ මුල පිටුවෙන් පටන් අරගන තියන සියලු ටෙලිෆෝන් නොම්බර වලට කතා කරන්න පටන් ගන්නේ කට්ටිය සෙට් උනාට පස්සේ. ලුහුඬු දැන්වීම් මංගල යෝජනා වල TP No  දාපු මිනිස්සු අපේ සනුහරේ මතක් කරනවා. මහා රෑ ජාමෙට කෝල් කරන කොට මොන මනුස්සයටද තරහ යන්නේ නැත්තේ . ඇයි  අහන්නෙත් විකාර ප්‍රශ්නනේ.  විශේෂත්වේ වුනේ කෝල් එක අවේ කොහෙන්න්ද කියල සක්කරයටවත් හොයන්න බෑ.
මාළු විකුණන තැන වලින් තල්මහෙක්ගේ ගාන අහනවා, හාඩ්වෙයාර් වලින් රන් පවුමක්  ගැන අහනවා. කට්ටිය තමන්ට හිතෙන හිතෙන ප්‍රශ්න ඇහුවා.

හොදම වැඩේ කරේ මංගල යෝජනා තීරෙ  නොම්බර තිබුන ඒවාට , එක කෝල් එකක් අරන් මනාලියන්ගේ පැත්තේ නොම්බරෙකට . එක තියෙද්දීම තව කෝල් එකක් ගන්නවා මනාලයන්ගේ පැත්තේ නොම්බරෙකට. දෙන්නව කොන්ෆරන්ස් දාල අපි අහන ඉන්නවා . දෙන්නම දන්නේ නෑ කව්ද කෝල් එක ගත්තේ කියල.
කාලයක් යනකොට දුරකථන කොම්පැනිය තමන්ගේ දෝෂය හදාගත්තා අපේ වැඩේටත් තිත තියන්න වුනා.

( මේකෙන් අපහසුතාවෙකට පත්වෙච්ච කවුරු හරි හිටියොත් සමාව බජනය කරනවා. )

කන්තලේ පන්සල ( ආනිසංස )



කන්තලේ පන්සලේ අප කල සියල්ල කරන ලද්දේ වර්ධික සහෝදරයට මතු ආත්මයක එවැනි අකල් වියෝවක් උරුම නොවනු පිණිස පිං තකාය.

මනෝපුබ්බංගමා ධම්මා – මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන – භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති – ඡායා’ව අනපායිනී
ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් යහපත් සිතින් යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන සැප විපාක ඔහුගේ පස්සෙන්ම එනවා. තමාව අත්නොහරින හෙවනැල්ලක් වගෙයි.
(ජේතවනාරාමයේදී මට්ටකුණ්ඩලී දිව්‍ය පුත‍්‍රයා අරභයා වදාළ ගාථාවකි ෴)

එසේ වුනත් ධර්මතාව වැලක්‌ වීමට අපට නොහැකිවිය. සිරිසිදු සිතකින් කල කී  දෑ සඳහා ආනිසංස ලැබීමේ කෙළවරක් නොමැති තරමට ගලාගන ආවේය.
 කන්තලේ ව්‍යාපෘතිය අවසන් වුවත් අප සමාගම අසංක අයියත් මමවත් ඉවත් කිරීමට කටයුතු නොකළේය. වැටුප් වැඩිවීමක් සමග කොළඹ පිහිටි කාර්යාලයට අප දෙදෙනාට  ස්ථාන මාරුවක් ලබා දුන් අතර . එය කන්තලේ වසර දෙකක් සිටිමින් මසකට සැරයක් නිවෙස් බලා ගිය අපිට සති අන්ත නිවාඩු සහිතවීම නිසා මෙය දෙවියන්ගේ දයාදයක්ම විය, කාර්යාලය තිබුනේද කොළඹ ප්‍රධාන හෝටලයකය, රටේ සුවිශේෂී පුද්ගලයන් රැසක් හමුවීමට එම කාලය තුල අප දෙදෙනාට මහගු අවස්තාවක් ලැබිණි.

දෙමටගොඩ ප්‍රදේශයේ සිටි මගේ සහෝදරියගේ නිවසේ මා  නවාතැන්  ගත්තද ඊට අවශ්‍ය ගෘහ භාණ්ඩද මාහට සමාගමෙන් ලබා දුන්නේය

අප දෙදෙනාට කිසිදු සුවිශේෂී රජකාරියක්ද නොතිබුණු අතර , මසකට වතාවක් පමණ කන්තලේ ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීමත් , ටෙන්ඩර් කිහිපයක යම් යම් කටයුතු කිරීමත් හැරුනුකොට. නවීනතම පරිගණක දෙකක් සමග අධිවේගී සීමාරහිත අන්තර්ජාල සම්බන්දතාවක් සහ දේශීය විදේශීය දුරකථන ඇමතුම් පහසුකම් සහිත දුරකථන දෙකක්ද අප දෙදෙනාට ලබාදී තිබුණි. අපහට තිබු එකම හිරිහැරය වුයේ  රැකියාව ස්ථානයේදී  ටයි පොල්ලක් දමාගන සිටීමට සිදුවීමය



රවින්ද්‍ර සොහොයුරාට ලැබුනේ පරණ පිනක් හිසේ කඩා වැටීමකි. ඔහු අප ආයතනයේ සේවය කරමින්  සිටියදීම  ත්‍රිකුණාමල   දිස්ත්‍රික්කයේ  ජලසම්පාදන මණ්ඩලයේ තනතුරක් පුරප්පාඩු විය,  අප සිටි ජලපවිත්‍රා ගාරයේ සේවක මණ්ඩලයට දැඩි අවශ්‍යතාවක් වුයේ කව්රුන් හෝ සිංහල අයකු මේ තනතුරට දමාගනිමටය. නමුත් ඔවුන් අතරින් කිසිවකු සුදුසුකම් සපුරා නොමැති බැවින් අපගේ රවින්ද්‍ර සහෝදරයාට ඉල්ලීමක් කෙරිණි. රවින්ද්‍රගේ   අකමැත්තක්  තිබුනද  දුර පලාතක ස්ථිර රැකියාවක් කිරීමට බලවත් ඉල්ලීම නිසා අයදුම් පතක් ලබාදෙනලදී, සේවක මණ්ඩලය කියා සිටියේ ඔවුන්ගේ දේශපාලන සම්බන්දකම් මත රැකියාව ලැබීම සීයට දෙසීයක් ස්ථිර බවය. පානදුර ප්‍රදේශයේ පදිංචිවී සිටි රවින්ද්‍ර සොයුරා අදාළ සම්මුක පරීක්ෂණයට මුහුණ දුන් අතර, ඇමති තුමා විසින්  අනිවාර්ය රැකියා ලබදෙන්නන්ගේ ලේකනයේ ඔහුගේ නම සඳහන්ව තිබුනද කුමන පුරප්පාඩුවටද යන්න සඳහන්ව තිබී නැත.
වාසනාවද පින් මහිමයද නොදන්නා නමුත් ඔහුගේ පදිංචිය පානදුරේ බැවින් මොරටුව ජලසම්පාදනයට ස්ථිර රැකියාවක් සමග  ඔහුව බඳවා ගන්නා ලදී .

තවන්මත් ඔහු  නිවසේ සිට අතේ  දුරක රජයේ රැකියාවක් කරමින් සිටි.

අප දෙදෙනාටද කොළඹ රැකියාව නිමවීමත් සමග එම සමාගමේම මැදපෙරදිග ව්‍යාපෘතියකට කැඳවීමක් ලැබුනේ අපගේ ජිවිතයේ නව පරිච්චේදයක් පෙරලමිනි .

කන්තලේ පන්සල ( දාගැබ් වහන්සේ පිළිසකර කිරීම)



අපගේ පළමු සත් ක්‍රියාවෙන් සැහෙන්න සතුටට පත්වුණු වර්ධික අයියාගේ අම්මා. තව මොකක් හෝ පන්සලේ ඉතිරි වැඩක් ඇත්නම් කරදීමට කැමැත්ත පලකලා. ලොකු ස්වාමින්වහන්සේගේ ඉල්ලීමට අනුව පන්සලේ චයිත්ය මලුව ටයිල් කර දීමට ඇය පොරොන්දු වුනා. ඊට සමගාමිව අපේ අනුග්‍රයෙන් චයිතය වහන්සේට  තීන්ත ආලේප කර දීමටත්  අප බාරගත්තා . අප මුලින් අදහස් කලේ එළිමහනේ නිසා  ටෙරාකොටා ටයිල්  ඇල්ලිමටය . නමුත් සොයාගැනීමේ අපහසුව මත සාමාන්‍ය ටයිල් එකක් තෝරාගැනීමට අපට සිදුවිය.



චයිත්ය මලුව කිසිදු ජ්‍යාමිතික හැඩයක් නොවූ නිසා ටයිල් ප්‍රමාණය සොයාගැනීමටත් ටයිල් ඇල්ලීමට රටාවක් සොයාගැනීමටත් මට මලුව වටා චේන් සර්වේ එකක් සිදුකර එය ඔටෝකැඩ් ප්ලොට් කිරීමට සිදුවිය. -) පෙර කල මිනිසුන් මෙවැනි දේ කිරීමට මොනවා බාවිතා කරාදැයි මට සිහිවිය.



අප විසින් සකසන ලද රටාව ටයිල් බාසු උන්නැහේට තෙරුම් කරදීමට වඩා  අපට එය කිරීම පහසු බව මට සිතුනි. ඔවුන් විසින් පන්සලේ ධර්ම ශාලාව ටයිල් කර තිබු ආකාරට ඔවුන් ගේ හැකියාව ගැන අපිට ප්‍රශ්නයක් තිබුනද ස්වාමින්වහන්සේගේ    රෙකමදා රූ ව මත ඔවුන්ටම අපේ කාරියත් පැවරුවා. කෙසේ   හෝ කාරිය අපට අවශ්‍ය ආකාරයෙන් සිදුකරවා ගැනීමට අප සමත් උනා.



තීන්ත ආලේප කිරීමත් ඔවුන් ම කරදීමට  පොරොන්දු වීම නිසා අපේ කාරිය තවත් පහසු උනා

ගමේ පන්සලට පිටින් පැමිණි අපි කරන අනුග්‍රහයට ගමේ උදවියට පුදුමයක් උනා වගේම. ඔවුන්ට කලක් අමතකව පවතී මේ පන්සලට නැවත පැමිණීමටත් සොයා බැලීමටත් පටන් ගත් බව ලොකු ස්වාමින්වහන්සේ අපට කියා සිටියා, තෘස්ත වාදී කලබල දිනවල රෑ බෝවන කොට පන්සල් මලුව ඇගිලි ගැසීමට තැනක් නැති බවත් දැන් පොඩි උන්නන්සේලාට දානේ වෙලා නොවරදීමට  උන්වහන්සේට කඩේ යාමටත් සිදුවී ඇති බවත්  උන් වහන්සේගේ උදැසන සජීවී පිරිත් සජ්ජයනයටද පොලිස් පැමිණිල්ලක් කවුරුන් හෝ දමා ඇති බවත් උන්නාන්සේ කියාසිටියේ කලකිරීමෙන්.








හලෝ බන්දු



බන්දු මට හම්බු උනේ මං කඳානේ  සයිට් එකේ වැඩ කරනකොටය. සයිට් සුපවයිසර් කෙනෙක් වුනු බන්දු  එයාගේ ගම වෙච්ච මතුගම ප්‍රදේශයේ ජනප්‍රිය වෙලා හිටියේ හලෝ බන්දු කියල. ඕනෑම කෙනෙක් දකුපු ගමන් හලෝ කියන නිසා ඒ නම වැටෙන්න ඇති මට  හිතෙන්නේ. ඉස්සරහ උඩු ඇන්දේ දත් සෙට් එකම නැති නිසාත් මිනිහ හිනාවෙනකොට නිකන් අර ජනප්‍රිය මෙමෙ එකක් වගේ. මිනිහගේ බිමට තිබිච්ච පුදුම ඇබ්බැහිය නිසා උප්පැන්නේ වයසට වඩා පෙනුමෙනුත් වයසට ගිහින් හිටියේ. බොන දවසට කෑමක් ගැන හිතන්නෙම නැති නිසා මං කීප සැරයක්ම මිනිහට මතක් කරා  මිනිහට  ජිවත් වෙන්න තියෙන්න තව ටික කාලයක් බව. 

අපේ බොසුත් මොකක්දෝ හේතුවකට මිනිහව අයින් කරන්නේ නැතුව තියාගන හිටියා . මට බොහොම හිතවත්ව හිටියා මිසක් සයිට් එකේ නම් වැඩක් කරේ බොහොම කලාතුරකින්. කව්රු හරි අල්ලගන උදේම කසිප්පු ටිකක්වත් උගුරට දාගත්තේ නැත්තම් මිනිහ වැඩ කරනවා බොරුය.
පඩි දවසට නෝනා මහත්තයා බන්දු අල්ලා ගැනීමට සයිට් එකටම එන්නේ , නැතිනම් පඩියෙන් බාගයක්වත් ගෙදරට එන්නේ නැති බැවිනි. සමහර දවසට මගේ පඩි බැංකුවට වැටුනත් බන්දුගේ පඩිය වැටුනේ නැත . ඒ රාජ්‍ය බැංකුවක එකවුන්ට් තිබීම නිසාය. නොදරුවකු සමග උදේ ඉදන්  අපේ සයිට්  ඔෆිස් ගාව බලන්  ඉඳල  හිස් අතින් ගෙදර යන්න හදන බන්දුගේ නෝනා මහත්තයා ගැන අනුකම්පාවෙන් මං මගේ අතින් බන්දුගේ පඩියද ගෙවා ඇති අවස්ථාද තිබුණි.



ඒ වන විටත් බන්දුට බිරින්දෑවරු දෙදෙනෙක් සිටි බව මට වටින් පිටින් ආරංචි වී උනත් බන්දු ඒ ගැන මත එක්ක කතාකරේ නැති තරම්ය. . කදාන සයිට් එකෙන් බන්දුට හදිසියේම නුවරඑලියට මාරුවක් ලැබුණි. අකමැත්තෙන් වුනත් නුවර එළියේ සයිට් එකට ගිහිපු බන්දු හැරෙන තැපෑලෙන් ආපහු අවේ ඔහුගේ ඇඟට නුවර එලිය දේශගුණය දරාගැනීමට නොහැකි බැවිනි. ඒ සමගම බන්දුට පිටවීමේ ලියුමත් කොම්පැනියෙන් ඒවා තිබීම නිසා  නැවත අපි හම්බුනේ නැත.

නැවත හම්බු නොව්නත් අපේ සම්බන්දකම දිගට පැවතුනේ මාසෙකට සැරයක් වත් බන්දු මට කෝල් එකක් දීමට අමතක නොකල නිසාය. අවසාන වතාවට මට කතාකරේ බන්දු අයෙත් මිනිහ කලින් වැඩකරපු SD&CC සමාගමේ වව්නියාවේ වැඩකරන  බව මට පවසමිනි.

මම දෙහිඅත්තකන්ඩියේ වැඩ කරන අතරේ  හදිසියේ වව්නියාවට මාරුවක් ලැබීම නිසා මාසයක විතර කාලයක් එහෙ හිටියා. හදිසියේ මට මතක් උනේ අපේ බන්දුද මෙහෙ වැඩ කරන නිසා කෝල් එකක් වත් දීල බැලුවොත් හොඳ බවය. ටිකක් රෑ වෙලා තිබුනත් මං කෝකටත් කෝල් එකක් අරගත්තා බන්දුගේ නොම්බරේට . ටිකක් රින්ස් ගිහිල්ලා ෆෝන් එක අන්සාර් කරා ගැහැණු කෙනෙක් මට හිතුන බන්දුගේ නෝනා මහත්තයා තමයි කියල. මං ඇහුව කෝ බන්දු ඉන්නවද කියල. පොඩි ඉකි බිඳීමක් එක්ක මට කිව්වේ  බන්දු ඉන්නවා මිනී පෙට්ටියේ බව. මට එතනින් එහාට කතා කරන්න වචන අවේ නැත.
මන් විහිළුවට හැමදාම කිව්වත් බන්දු ජිවත් වුනේ ටික කාලයක්මය. පස්සේ සොයා බලද්දී බන්දු සියදිවි නසාගන තිබුනේ ඔහුගේ අනියම් පෙම ගෙදරට අසුවිමනිසා වස පානයකිරිමෙනි.
බන්දුගේ ජීවිතය විකාර සහ අවුල් ජාලාවක් උනත් මට හැමදාම තිබුන ලෙන්ගතුකම , බන්දු ගැන ලොකු මතකයක් ඉතිරි කරා.

හොරා පොලිස්



පොලිසිය සමග හොරා පොලිස් සෙල්ලම අපිට කරන්නට වුනේ අක්කරපත්තුවෙදිමය.

මම ඇතුළු අපේ කට්ටියට අපේ අක්කරපත්තු නවාතැනේ මදුවිත සප්පායම් වීම නතර කරන්න සිද්ද වුනේ. අපිත් එක්ක වැඩ කරපු මුස්ලිම් සහෝදරයෝ ටික දවසක් සෙට් වුනාට පස්සේ. සින්දුවක කියා එවැනි රස මොහොතවල් ඔවුන්ට ලැබෙන්නේ කලාතුරකින් නිසා  සංගීත සාජයේ සද්දේ ලව්ඩ්ස් ස්පිකර් වඩා ඉහල ගිහිපු නිසාත්  වටේ පිටේ කට්ටිය පොඩි සද්දයක් දැම්මාමට පස්සේ  අපේ සද්දෙත් නිකම්ම බැහැල ගියා. එදා ඉදන් අපේ සෙට් වීමේ ස්ථානීය වෙනසක් සිද්ද  කරන්නත් වුනා. අපේ සමන් නැවතිලා හිටියේ ඔෆිස් එක තිබුන බිල්ඩින් එකට  අයත්  කාමරයක . ළඟ පාත ගෙවල් තිබුනෙත් වැඩි නිසා අපි තීරණේ කරා අපේ තිප්පල එතන බවට පත්කරගන්න.

එතන ඉඳලා නවාතැනට 6km ක් විතර තිබුනා , අක්කර පත්තුව හන්දියට ගිහින් වමට තියන පොතුවිල් පාරේ 1.5km විතර ගියාම තමයි අපේ නවාතැන තිබුනේ. අක්කරපත්තු පොලිසිය තිබුනෙත් පොතුවිල් පාරේ අපේ නවාතැනට මෙහායින්. අක්කරපත්තුව හන්දියට කලින් පොඩි ෂොට් කට එකක් තිබුන ක්වාටස් එකට යන්න පොලිසිය ඉස්සරහින් නොගිහින් , හැබැයි වාහන යන්න බෑ එකේ.

අදාළ දවසේ අපි සමන්ගේ පොට් එකේ සප්පායම් වෙලා පිටත් වෙන්න ආවට  එදවස් ටිකේම අක්කරපත්තු හන්දියේ පොලිසියෙන් හිටපු නිසා මම කිව්වා වාහනෙන් යන්න බෑ අද ෂෝට්කට් එකෙන් පයින් යමු කියල. වෙලාවත් පාන්දර 2කට විතර ඇති  ,අපි 3 දෙනෙක් තමයි යන්න හිටියේ. අපිට පයින් යන්න දෙන්න බෑ කියල අපේ හිටපු JCB මල්ලි සමන්ත අයියගේ බයිසිකලෙත් අරන් අවා අපිව ගිහින් දාල එන්න. අපි තුන් දෙනයි පදින එකයි හතරක් යනවා දැන් බයිසිකලේ. හන්දියට කලින් තිබුන ෂොට් කට් පාරට කලින් තියන රෑ කඩයක් ගාව අපිට පේනවා වාහනයක් නවත්තලා තියනවා ලඟට කිට්ටු වෙනකොට යුනිෆෝම් එකක්  දැක්ක ගමන් බයිසිකලේ පැදපු JCB එකා බයිසිකලේ නවත්තල දුවන්න ගත්තා . පිළිවෙල හිටපු උන් ඔක්කොම දුවනවා අතුරු පාරක.  . මමත් පොඩි දුරක් දිව්වට හති නිසා නැවතුනා . නැවතිලා මං ෆෝන් එකේ හෙඩ්   සෙට් එකත් කනේ ගහගන පයින් යනවා,  පස්සෙන් දුවගන ආපු පොලිස් මාමල මාවත් පහුකරගන අරුන්ගේ පස්සේ දිව්වා. දුවද්දී එක්කෙනෙක් මගෙන් ඇහුව යන්නේ කොහෙද කියල . මංකිව්වා  කාමරේට යනවා කියලා .එයාලට මාව මීටර් නෑ පොඩි නිසා බයිසිකලේ ආපු සෙට් එකේ හිටිය කියලා


මං දැන් අස්සෙන් අස්සෙන් ගිහිල්ල යන්නත් පොතුවිල්   පාරට වැටුන. හුටා එත් තාම පොලිසිය පහුවෙලා
නෑ . පොලිසිය ඉස්සරහ අර කඩේ ගාව තිබුන පොලිස් වාහනෙත් තියනවා. අනිත් උන් ආගිය අතක් නෑ . බයිසිකලෙත් අතන කඩේ ගාව  මං සැහෙන වෙලාවක් බලන් ඉඳල හෙමිට හොර වගේ යනවා එතනින්, පහු කරගන ගියත් කොහෙද හිටපු අර දුවපු පොලිස් කාරයෙකුට මගේ ඇඳුම මතක තිබුල අත්පොඩියක් ගහල මට කතා කරා.
මෙහෙ කොහෙද යන්නේ කියල මගෙන් අහපි . මන් යන්නේ කාමරේට කියල කිව්වට එයාලට  සැකෙකුත් හිතුන ,මෙච්චර දුර පයින් අවේ මොකද අරවද මේවද මගෙන් අහනවා , මං ඉතින් රටේ නැති බොරු කියා කියා ඉන්න ගමන් වැඩේ කෙළවුණේ  මගේ ෆොන් එකට අපේ එකෙක් කෝල් එකක් ගත්ත නිසා. මන් ෆෝන් එක ආන්සර් නොකර ඉන්නකොට මට බල කරා කතාකරන්න . දැන් මොකද කරන්නේ ආන්සර් කරා මාත්, ආන්සර් කරපු ගමන් උගෙන් ප්‍රශ්න ගොඩයි.පොලිසියටත් ඇහෙනවා ,  දැන් ඉතින් බොරු කියල වැඩක් නැති නිසා මන් ඇත්තම කතන්දරේ කිව්වා. තවත් කේස් එකක් උනේ අපි ආපු බයිසිකලේ පිටිපස්සේ තිබුනා සමන්ත අයියගේ ටූල් කිට් එක මොකද එයා අපේ මැකනික් විදියටනේ හිටියේ ඉතින් යන යන තැන ටුල් කිට් එකත් අරන් තමයි මන් ගියේ. පොලියියෙන් කියනවා දැන් තමුසෙලා ගෙවල් බිඳින්න යනවද කවුද දන්නේ ආයුධත් තිබුනා. අරක මේක , මං කිව්වා දැන් ඔයාලට මන් කියන එක විස්වාස නැත්තම්  යන්  කියල ඔෆිස් එක ගාවට එතන ඉන්න අයගෙන් අහන්න කියල. මං  කියන්න ඇත්තද බොරුද කියල.
දැන් මවත් ජීප් එකේ දාගන යනවා අපි සෙට් වෙච්ච ඔෆිස් එක ගාව සමන්ගේ කාමරේට. පොලිසියෙන් ගිහින් මව පෙන්නන්නේ නැතුව සමන්ගෙන් ඇහුව මොකද උනේ කියලා. හරි දෙන්නම එකම කතන්දරේ කිව්වේ. දැන් මාව පෙන්නුවා ජීප් එකේ ඉන්නවා. මිනිහ දැන් අඬනවා පොලිසියට මාව බස්සන්න  ඕන නම් මිනිහව දාගන යන්න මාව  බස්සලා කියල. . දැන් පොලිසියට තේරුනා මගේ මෙතැන තනතුරත්  ඒ එක්කම මගේ ගම රට අහද්දී අපේ ගමට කිට්ටු පොලිසියේ කෙනෙකුත් හිටපු නිසා මාව බැස්සුවා ජීප් එකෙන් , අනිත් දුවපු උන්ට පොලිසියට එන්න කිව්වා බයිසිකලේ ඕනනම්. රෑම බයිසිකලේ අයිති සමන්ත අයියත් ඇහැරවගන පොලිසියට  කට්ටිය එක්කන් ගිහින් වැඩේ බේරුමක් කරගත්තා දුරදිග යන්න කලින්. 

කන්තලේ පන්සල ( විහාර ගෙය අලුත්වැඩියාව )

    කන්තලේ පන්සල මගේ ජිවිතේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කල ස්ථානයක් විය.



කනත්ලේ ප්‍රදේශයට  මා පැමිණුනේ ජල සම්පාදන ව්යාපෘතියක සේවය කිරීම සඳහාය. අපගේ  නවාතැනේ මමත් සහෝදර ඉංජිනේරුවකුවූ  අසංක අයියත්   , රවින්ද්‍ර සුපවයිසර් මහතාත් නවාතැන්ගෙන  සිටියේය.



මාහට රැකියාව ලැබුණු ආකාරයත් සුවිශේෂී විය. පෙර මාගේ තනතුරේ වැඩ බැලුවේ  මගේ උසස් අධ්යාපන ආයතනයේම මට ඉහල කණ්ඩායමේ සහෝදරයෙක්වූ  වර්ධික අයියාය . කලක පටන් පිළිකා රෝගයකින් පෙළුණු ඔහු තව දුරටත් රැකියාවේ නිරතවීමට අකමැති වීම   නිසාත් . කලකට පෙර එම ව්යාපෘතියේම වෙනත් සමාගමක  මා සේවය කර ඇති නිසාත් . මාහට ආරාධනාවක් ලැබුනේ පුරප්පාඩුව සඳහා පැමිණෙන ලෙසයි. එවකට ලෝකයේ  ඉදිකිරීම් සමාගම් අතර ප්‍රමුක  සමාගමක් වූ එය මා හට දුන්නේ සුවිශේෂී අවස්ථාවකි. එහි  ගව්රවය එහි සේවය කල මගේ උසස් අධ්යාපන ආයතනයේ සහෝදරයන් දෙදෙනාට  හිමිවිය යුතුය.

රැකිය්යාවෙන් ඉවත්වුවද වර්ධික අයියා සතියක කාලයක් මා සමග සිටිමින් මාහට රැකියාවට හුරුවීම සඳහා උදව් කරන ලද්දේය. ඉන් පසුව පවා අවශ්‍ය ඕනෑම අවස්තාවක මාහට පැහැදිලි කිරීමක් කිරීමට ඔහු පසුබට වුයේ නැත.



රැකියාවෙන් ඉවත්වූ ඔහු තමන්ගේ අස්ථාවර ජීවිතය පිලිබඳ දැඩි අවබෝදයකින් කටයුතු කල අතර, තමා අවට සිටි පවුලේ නැදැ හිතවතුනට ඔහු පිලිබඳ ශෝක නොවීමට අවශ්‍ය දැනුම බුදු දහම ආශ්‍රයෙන් ලබාදුන්නේය. තමා සතු සියපු දේපල පවා සහෝදරයන්ට පවරාදී මවගේ ඉදිරි ජිවිතයට අවශ්‍ය මුදල් පවා වෙනකොට තබා ඉතිරි වූ මුදලින් රට වටා සංචාරය කිරීමටත් , දාන මාන පිං කම් සිදු කිරීමත් සිදුකළේය. මාවිසින් ශ්‍රී දළදා වහන්සේ අසලටම ගොස් වැඳ ගැනීමට අවස්තාව උදාකර දීම, ඔහු මියෙන තුරු ස්තුති පුර්වකව කතාකළේය . ඔහු තුල තිබු ජිවිත අවබෝදයත් , අධිෂ්ඨාන ශීලි  ක්‍රියාකාරිත්වයත්, සැලසුම් සහගත ජීවිතයත් මාහට ඔහුකෙරේ විශාල ගව්රයක් ඇති කිරීමට සමත්විය.

 වසරකට මදක් වැඩි කාලයකට පසු ඔහු මෙලොවින් සමුගත්තේ සුවිශේෂී මතක සටහන් රැසක් අපහට ඉතිරි කරමින්ය,





ඔහු වෙනුවෙන් යම්කිසි සුවිශේෂී දෙයක් කල යුතු බව මාහට  තදින් දැනී  තිබිණි . ඒ සඳහා හොද අවස්තාවක් ඇති බව අප නවාතැන අසල පිහිටි පන්සලට පොහෝ දිනයක ගිය අවස්ථාවේදී මට දැක ගතහකිවිය. වර්ධික අයියා සිටි අවධියේද සෑම පොහොදිනකම මෙම පන්සලට ගොස් ආගමික වතාවත් සිදුකිරීමට 
පුරුදුව සිටි බැවින් එය වඩාත් ගැලපෙන්නක් විය. 
වැව ආසන්නයේ කඳු ගැටයක් මත පිහිටි එය කුඩා  ප්‍රමාණයේ භාවනා මධ්‍යස්ථානයක් වූ එය, ලොකු ස්වාමින් වහන්සේ සමග කුඩා සාමනේරයන් වහන්සේලා පිරිසක්  වැඩ සිටියහ .

 කිලිටි වූ මකුණු දැල් බැදී තිබු විහාර ගෙය පිළිසකර කර දීම ඊට ගැලපෙන ක්‍රියාවක් බව මට සිත්විය. මගේ අදහස අසංක අයියාටත් රවින්ද්‍රටත් දැනුම් දීමෙන් පසු ඔවුන්ද එක හෙලාම එකඟවිය. පසු දිනක පන්සලට ගොස් ලොකු ස්වාමින්වහන්සේ මුණ ගැසුණු අපි  පන්සලේ කිසියම් අලුත් වැඩියාවකට අපහට උදව් කිරීමට හැකි බවත් අපගේ චේතනාවත් උන්වහන්සේට දැනුම්දුන්නේ අපගේ අදහසට වඩා  එහි වෙනයම් ප්‍රමුක වැඩක් ඇතිනම් කරදීමේ අටියෙනි. උන් වහන්සේ එක හෙලාම කියා සිටියේ අප කුමන ආකාරයේ උපකාරයක් කරත් එය පින්කමක් බැවින් කරන දෙය උන්වහන්සේ තීරණය කිරීමට අවශ්‍ය නොවන බවය.  පන්සලට එන දායකයන්ගේ පොකට් එක ගසා කෑමට සැදී පැහැදී සිටිනා ස්වාමින්වහන්සේලා කොතෙකුත් දැක ඇති අප, උන්වහන්සේගේ පළමු වචනයෙන්ම පහන් සංවේගයක් ඇතිකරගත්තේය.

විහාර ගෙයට ගොස් අවශ්‍ය කරන අමුද්‍රව්‍ය පිලිබඳ දල දැනීමක් ලබා ගත් අප සියලු වියදම් තිදෙනා අතරේ සමසමව බෙදාගැනීමට තීරණය කරගතිමු.

අවශ්‍ය මුලික අමුද්‍රව්‍ය මිලදී ගත අපට ඊළඟ අභියෝගය වුයේ වැඩකිරීම සඳහා පිරිස සොයාගැනීමයි. අප යටතේම සේවය කල අසල ජිවත් වූ කිහිප දෙනෙකුගෙන්ම විමසුවත් ඔවුන් ඉල්ලු මුදල සමග අමුද්‍රව්‍ය වියදම අපහට දරාගත නොහැකි මට්ටමක් විය. 
. අපගේ  රවින්ද්‍ර කියා සිටියේ " කවුරුත් ඕන නෑ මහත්තයා අපි කරමු වැඩේ " කියාය. අලුත් ජවයක් ලද අපි සවස සේවය නිමවීමෙන් පසු එතැන් පටන්  මධ්‍යම රාත්‍රිය පසුවනතුරු දිනපතා පන්සලට ගොස් වැඩ කළෙමු. හිතවත් බොහෝදෙනෙක් අපට සහාය වීමට විටින් විට පැමිණි අතර. අප සමග සිටි රෆීක්  ව්‍යාපෘති කළමනා කාර තුමා හැකි පමණ සේවකයකයනුත්  අවශ්‍ය උපකරණත් නොමසුරුව ලබදෙනලදී. විහාරස්ථානයේ විදුලි පරිපත අලුත් වැඩියාවට සේනක මහතා  විසින් බාර ගත්තේය. නොබෝ දිනකින් යෙදී තිබු පොහොය දිනට පෙර පිළිසකර කටයුතු අවසන් කරදීම අපගේ අරමුණ විය. දින පතාම ලොකු ස්වාමින් වහන්සේත් අප සමගම වැඩ රාත්‍රී වැඩ අවසන් වනතුරු අප හට සංග්‍රහ කරමින්  වැඩ සිටීම අපගේ වෙහස දුරුකරන්නක් විය. ඒ අතරතුර පවා කිසියම් ධර්ම කරුණක් අපට විස්තර කරමින් සිටියේය




බලාපොරොත්තු වූ පරිදි පොහොය දිනට පෙර වැඩ අවසන් වූ අතර, පොහොය දිනයට සහභාගී වීම පිණිස අප විසින් වර්ධික අයියාගේ පවුලේ අයටද ආරාධනා කළෙමු. ලොකු ස්වාමින්වහන්සේ අපගේ ක්‍රියාව අගයකොට සුවිශේෂී අනුසාසනාවක් කලේය. 



සතා මොකාද





මගේ උසස් අධ්‍යාපනයට අදාලව දෙවැනි  පුහුණු වීම්  සඳහා මම තෝරා ගත්තේ නමගිය ඉදිකිරීම් සමාගමක් , එකෙන් මාව ඇතුළු අපේ කණ්ඩායමේ කීප දෙනෙක්ම යොමුකරේ  අහුන්ගල්ල  ප්‍රදේශයේ තිබුන තරු පන්තියේ හෝටලයක් අලුත් වැඩියා කිරීමේ ව්‍යාපෘතියකට. විශාල පිරිසක් යොදාගනිමින් 24 X 7 මේකේ වැඩ කරගන ගියේ. සියලු වැඩ කෙරුනේ  ටාර්ගට් ක්‍රමයට , සියලු වියදම් අමුද්‍රව්‍ය සහ එදිනෙදා වැඩ කුලිය හෝටලය අයිති සමාගමෙන් දැරුව නිසා කිසිම අරපරිස්සමක් තිබුනේ නෑ . පොඩි වැඩකට උනත් අමතර පැය 3ක්‍ 4ක් OT  දෙන්න කිසිම ප්‍රශ්නයක් උනේ නෑ . සියලුම ලේබර්ස් ඇතුළු ස්ටාෆ් එකට හෝටලය ඇතුලෙම නවාතැන් දීල තිබුනා, ඉතින් අපිට ඕෆ් වෙන්න වෙලාවක් තිබුනෙනේ නෑ වැඩ  ඉවර වෙලා කාලා බිලා නිදාගන්න යනකොට තමයි හැමෝම කාර්ඩ් එක පන්ච් කරලා ඕෆ් උනේ. දවසට රුපියල් 200ක් වුනාට අපේ දවසේ පඩිය, මාසේ අන්තිමට අපිට රුපියල් දහා පාලොස්දාහක පඩියක් හම්බු උනේ OT මීටරේ හොදට දුවපු නිසා.

ප්‍රධාන ඉදිකිරීම් සහ අලුත් වැඩිය වැඩ කටයුතු ඉවර වෙලා හෝටලය ෆන්ෂන් වෙන්න පටන් ගත්තත් තිබුන සුළු සුළු වැඩ සඳහා මා ඇතුළු කීප දෙනෙක් හිටියා . මොකද මගේ පුහුණු කාලයත් තාම ඉවර නැති නිසා.
එක දවසක් උදේ හෝටලයේ   පිළිගැනීමේ නිලධාරනියක් මට කිව්වා එයාලගේ කවුන්ටර ගාව  අධික ගඳක් එනව කියල . මම ගියා එතනට තව වැඩ කරන දෙන්නෙකුත් එක්ක මේක හොයල  බලන්න , ටිකක් එහා මෙහා යනකොට මට තේරුනා ගඳ එන්නේ රිසෙප්ෂන් එක ඉස්සරහ තියන කානුවෙන් බව, ඒක  හැබැයි අපි කොන්ක්‍රීට් ස්ලැබ් දාල වහල තිබුනේ උඩින් , දැන් අපි ස්ලැබ් එක වටේට තිබුන බදාම කට්ටේ කඩලා ස්ලැබ් එක අයින් කරලා බලන්න ලෑස්තිය . ඔය රිසෙප්ෂන් එක ගාව ඉන්නවා තව සෙට් එකක් බෙල් බෝයි කියල , එයාල ඉන්නේ හෝටලයට එන ගෙස්ට්ලගේ බැග් මලු අදාළ කාමරවලට ගෙනියන්න. ඉතින් ඔය සෙට් එකත් වටේට බලන් ඉන්නවා අපේ වැඩේ. ඔය අතරේ හෝටලේට ආපු ෆොරින්  ලේඩි ගෙස්ට් කෙනෙකුත්
ඇවිල්ල අපි ගාව ඉදන් මේක බලන් හිටියා . අර බෙල් බෝයියෙකුට ඉන්න බෑ කට තියාගන , මිනිහා සිංහලෙන් බනිනවා අර ලේඩිට  මුණ දිහා බලන්නේ නැතුව අපි දිහා බලාගන, " මේ වේ... ගෑනිට  ඕන නැති ..... නෑ , ආවා නම් කාමරේට යන්නේ නැතුව මෙතන මොන .... කරනවද " කිය කිය.

ටිකක් වෙලා ගිහින් අර ලේඩි මන් ගාවට ඇවිල්ල අහනවා " සතෙක් මැරිලා වගේ නේද මොකාද සතා " කියල සුද්ද සිංහලෙන්.
අර හැකර කට තිබුන බෙල් බෝයියගේ මුණ හතරැස් වෙලා ගියා  . ගියේ කොහෙන්ද කියල අපිට හොයාගන්නත් බැරිවුණා.
පස්සේ මං දැනගත්තේ අර ලේඩි ලංකාවේ එම්බසි එකක වැඩකරන කෙනෙක් බව, එකෙන් සිංහල හොද දැනුමක් තියන කෙනෙක් බව 


(චායා රූප  අන්තර්ජාලයෙනි )

බොරු දත් සෙට් එක


මේ කතාව කිව්වේ ජයලත් මහත්තයම තමයි එයත් අපිත් එක්ක වැඩ කරපු බොහොම විනෝදකාමී හිත හොද පුද්ගලයෙක්. තැන ,කොම්පැනි කතාවට අදාළ නැති නිසා පුද්ගලිකත්වයත් රකින්න ඕන නිසා නොකිය ඉන්නම් .

ජයලත් මහත්තය විවාහ වෙලා හිටියේ නර්ස් නෝනා කෙනෙක් එක්ක, දැන් ලොකු ළමයි එහෙම ඉන්නවා. කොහොම හරි විවාහයට කලින් මේ සම්බන්දෙට ජයලත් මහත්තලගේ ගෙදරින් තදින්ම විරුද්ධ වෙලා . විරෝධතාව නොසලකපු ජයලත් මහත්තය බලෙන්ම විශේෂ බලපත්‍රයක් යටතේ විවාහය සිද්ද කරගත්තා. වෙඩින් එකක් ගන්න ඒ වෙලාවේ පුළුවන් කමක් නැති නිසා  ජයලත් මහතා තීරණේ කරා යාලුවෙකුගේ  පොඩි හොටෙල් එකක් බුක් කරගන කන බොන යාලුවෝ ටිකට පාර්ටියක් දෙන්න.
පාර්ටිය පොඩි උනාට කටිටියට ඇති පදම් සප්පායම් වෙන්න බඩු ගෙනත් තිබුනා. තැනත් අවුලක් නැති නිසා කට්ටිය  සන්තෝෂය උපරිමෙන් ගත්තා සින්දු කියල නටලා , කබරයා දාලා ..බ්ලා  බ්ලා

පස්සෙන්දා උදේ හෝටලේ සුද්ද කරන්න ආපු කට්ටියට අර වමනේ ගොඩවල් වල තිබිලා අමුතු දේකුත් හම්බුනා , ඒ තමයි බොරු දත් කුට්ටම් දෙකක් , බඩු යනකොට දත් සෙට් එකත් එක්කම තමයි ගිහින් තියෙන්නේ. කෝකටත් කියල සුද්ද කරපු මිනිස්සු මේ දෙක හෝදලා අරන් තිව්ව අයිති කාරයෝ  අවොත් දෙන්න.


ටිකක් දවල් වෙනකොට හෝටලේ පැත්තට එනවා ටිකක් වයසක මහත්තයෙක්. මිනිහා අර වැඩ කරන ළමයෙක් ලගට කිට්ටු කරලා. හෙමිහිට ඇහුවා " මගේ මේ පොඩි බඩුවක් නැති වෙලා තිබුනා ඊයේ රෑ ඒක  බලලා යන්න ආවේ " කියල. කට්ටියට හිතුන අර හම්බු උන දෙකෙන් එකක් මෙයාගේ වෙන්න ඇති කියල, එත් ඉතින් අඳුර ගන්න බැහැනේ කාගේ එකද කියල. අහුවෙච්ච එකක් අරගන අර මහත්තයට ගෙනත් දුන්නා . " මේක වෙන්න ඇති මහත්තයා හොයන්නේ කියලා. අර මහත්තයත් ලජ්ජාවෙන් මේක අරගන ස්තුති කරලා හනික ගෙදර ගියා
උදේ ඉදන් හාමිනේගෙන් බැනුම් අහ අහා ඉදලා දත් සෙට් එක නැති කර ගත්තට, මිනිහා ගෙදර ගියේ දැන්  බොහොම උජාරුවෙන්. කට එහෙම හෝදලා මිනිහා දාගත්ත දත් සෙට් එක , හුටා සෙට් වෙන්නේ නෑ කටට , කියන්නේ වැරදි එක තමයි පොරට හම්බුවෙලා තියෙන්නේ. දැන් හිතා ගන්න පුළුවන්නේ අනුන්ගේ දත් කුට්ටමක් කටේ ඔබගත්තම සිද්ද වෙච්ච දේ,

දැන් මිනිහා අරුන්ගේ සනුහරේම මතක් කර කර අයෙත් වමනේ දානවා. 

රාණිගේ ණය පොත


මේක මට කිව්වේ අක්කරපත්තුවේ මාත් එක්ක හිටපු ස්ටෝකිපර් වුනු සමන් ,මිනිහ ආමි එකේ ඉඳල රිටයර් වුනු කෙනෙක් හැබැයි  වැඩි වයසක් නෑ.යකාටවත් බයනැති මිනිහා හයිරාකි එකට සැහෙන්න රෙස්පෙක්ට් කරා, ඒකනිසා අපි කියන ඕන දෙයක් කරන්න දෙපාරක් හිතුවේ නෑ ,හොරකම   වංචාව දැක්ක තැන මිනිහට යකා නගිනවා. ඒකනිසා නට් බෝල්ට් එකක්වත් නැතිවුනේ නෑ මිනිහගෙන්.
බිව්වම මිනිහට එක සින්දුවක් තිබුන කියන්නම ඕන සනත් නන්දසිරි මහත්තයාගේ "විකසිත වත කමලේ" මාත් මිනිහගෙන් ඇත්තටම ගොඩක් දේවල් ඉගන ගත්ත ජීවිතේට වැදගත් දේවල් ඊට අමතරව අලුත් කුනුහර්පත් දැන ගත්ත , මොකද මිනිහ වයිෆ් එක්ක ෆෝන් එකෙන් රණ්ඩු වෙන්නේ රටටම ඇහෙන්න එකියපු කුනුහර්පනම් තාම  මම වෙන කොහෙන්වත් අහල නෑ, මිනිහ ඒවා කියද්දීත් අර මනුස්සයා ෆෝන් එක කනේ තියන් හිටියනම් එකට වෙනම සම්මානයක් දෙන්න ඕන.
කතාව මේකයි, ටිකක් ඉස්සර සිද්ද වුනු එකක් ඒ කියන්නේ 1994ටත් කලින් මොකද චන්ද්‍රිකා මඩම් ආවට පස්සේ තමයි ආමි එකට පඩිය බැංකු වලට වැටෙන්න හදල තියෙන්නේ . මේක පඩිය සල්ලිවලින් අතට හම්බු වුන කාලේ සිද්ද වෙච්ච දෙයක්.
කතා නායිකාවගේ හරි නම නම් දන්නේ නෑ එත් අපි රාණි කියමුකෝ. රාණි හිටියේ ආමි එකේ වුමන් කොර්ප් එකේ, උතුරේ , මෙයා ඔය ඉන්න ගමන් පොඩි සයිඩ් බිස්නස් එකකුත් කරලා තියනවා , ලෝකේ පරණම රස්සාව කිව්වාම කවුරුත් දන්නවනේ. ලග තිබුන කැම්ප් වල හුග දෙනෙක් මෙයාගෙන් සේවය ලබාගැන තිබුන
වැඩේ අහුවුනේ මෙයා නිවාඩු යන්න එනකොට අන්තිම ආමි චෙක් පොයින්ට් එකේදී චෙක් කරනකොට , මොකද මෙයා නිවාඩු හිටපු කාලයට ලැබෙන පඩියට වඩා ලොකු මුදලක් ලග තිබුන නිසා.



දිගින් දිගට මේක ප්‍රශ්න කරද්දී මේක කටින් නිකම්ම පිටවුණා, ආමි එකේ ප්‍රශ්න කරන විදිය අමුතුවෙන් කියන්න ඕන නැහැනේ . ඊට අමතරව මෙයාගේ බැග් එකේ තිබිල තව එක්සයිස් පොතකුත් හම්බුවෙලා තියනවා. එකේ තියනවා ගොඩක් විස්තර නම්, නොම්බර, දින , ඇඩ්වාන්ස් ඔයවගේ . මේක මොකද්ද කියල අහද්දී තමයි ආමි ඔෆිසර්ලාටත් හිනාකාල මැරෙන්න වුනේ, රාණි බොහොම සද්බවයෙන් අමතර ජොබ් එක කරලා තිබුනේ මොකද පහසු ගෙවීමේ ක්‍රමයට වගේම  ණය පදනම යටතේත් , පසු ගෙවුම් පැකේජ් පවා දීල තිබුන, ඉතින් ඔය ණයට සහ මුලික ගෙවීම් කරපු විස්තර තමයි ඔය පොතේ තිබුනේ. නම් ගම් විස්තර අංකත් එක්කම තිබුන නිසා විමර්ශන වලට සැහෙන්න පහසුවක් වෙලා තියනවා.
MP එකේ කස්ටිය පොතත් අරගන ගිහින් තියනවා අදාළ කෑම්ප් වලට. අදාළ පුද්ගලයෝ කැඳවල (පොත ගැන ඒ මිනිස්සු දන්නේ නැහැනේ ) අහල තියනවා . බොහොම හොදින්
" අර රාණිට ණයට හු ... උන්  ඉන්නවා නම් ඉස්සරහට එන්න " කියල . කවුරුත් නෑ , " හ්ම්ම් කව්රුත් නෑ නේද , ඔන්න MP  එකේ කට්ටිය දැන් ගත්ත අර පොත , කියවනවා " අංක ....  කෝප්‍රල් සිල්වා  දිනය ......  ඇඩ්වාන්ස් ...... හිඟ ......... . බ්ලා බ්ලා ....
දැන් ඉතින් කට්ටියට තේරිලා හංගලා වැඩක් නෑ  අපි රාණිට කරපු වැඩේ රාණි අපිටත් කරලා කියල පෝලිමේ එනවලු. . කට්ටියටම දඩුවම් වලට අමතරව  රෑන්ක් එකත්  ඩවුන් කරලා. රාණිට දඩුවම් සහ සේවයෙන් පහකිරීමකුත් සම්මානලාභී ක්‍රියාව වෙනුවෙන් ආමි එකෙන් ලැබුනලු

(චායා රූප  අන්තර්ජාලයෙනි )

මනාසිර්ගේ ඩිනර් එක



මේක සිද්ද වුනේ මං අක්කරපත්තුවේ වැඩ කරන කාලේ , අපි කරේ ජල සම්පාදන  ව්‍යාපෘතියක් මගේ යටතේ හිටපු TO කෙනෙක් තමයි ඔය මනාසීර්. ව්‍යාපෘතියට පිටින් ගිහිපු ටික දෙනෙක් ඇරෙන්න අනිත්අය ඔක්කොම එහේම මුස්ලිම් සහෝදරයෝ හිටියේ. පිටින් ගිහින් හිටපු කීප දෙන අතරට මමත්  ඩ්‍රයිවර්ලා කීප දෙනෙකුත් ප්‍රෝජේක්ට් මැනේජර් මහත්තයත්  ස්ටෝකිපරුත් PM මහත්තයාගේ සහෝදරයෙකුත්  ඇතුලත් උනා.
PM මහත්තය ඇරෙන්න අපි ටික නිතර නිතර රෑට සප්පායම් උනා , සාගම පාරේ තිබුන බාර් එකේ හොද ජාතියක් නම් තිබුනෙම නෑ කවදාවත්, නමක් ගමක් නැති ඒවා තමයි වැඩිපුර තිබුනේ, අඩුම ගානේ සංස්ථා එකක් ගේන්නත් කිලෝමීටර් 26 දුර අම්පාරට යන්න ඕන. එක සැරයක් ඔහොම බයිසිකලෙකුත් දීලා අම්පාරට යවපු එකෙක් ගෙනාවෙත් අර සාගම පාරේ තියන ඒවමයි, ඉතින් එදා උගේ සනුහරේම ඉවරකරා කට්ටිය එක්ක.



මන්සිර්ලට දැඩි තහංචි තිබුනත් හොරෙන් හොරෙන් ඇවිත් අපෙන් සප්පායම් උනා ඒ හැබැයි ගඳ නැති ජාති තිබුන දවසට විතරයි. එදාට මිනිහ ගෙදර නොගිහින් අපේ ක්වාටස් එකේ හරි කොහේ හරි නිදාගත්තා.

කීප දවසක්ම මිනිහට ඕන උනා අපිට ඩිනර් එකක් දෙන්න. අපේ උන්ට ඉතින් බීමක් නැති කෑමකින් වැඩක් නැති නිසා. එක කන්න කලිනුත් ඕන නිසා මන්සීර් බෝතල් දෙකක් ගෙනල්ල දෙන්න පොරොන්න්දු උනා අදාළ දවසට අපි පිටත් වෙන්න කලින් , ඒ ගෙවල් වල ඕව කරන්න බැහැනේ. ඩිනර් එකට PM මහත්තයටත් ආරාධනා කරලා තිබුන නිසා , එයා යෝජනා කරා වැඩිය රෑ වෙන්නේ නැතුව වේලාසනින් ගිහින් එන්න , දැන් ඉතින් අපේ වැඩේ කොට උඩ  යන්න එන්නේ . PM මහත්තය කිව්වා  පහමාරට යන්න ලෑස්තිවෙන්න කියල. දැන් කට්ටියට වැඩේ මග අරින්නත් බෑ , නොබී යන්නත් බෑ .
මනාසීරය බෝතල් දෙක අරන් එනකොට 5.10  කට්ටිය වැඩේ අතරින්නම බෑ  කියපු නිසා දඩ බඩ ගාල බෝතල් දෙක හිස්කරා 5.25 වෙනකොට අඩිය පෙනුනා බෝතල් වල , අපේ සෙට් එක එච්චරට දක්ෂයි. වෙලාව 5.30යි PM  මහත්තය එලියට බැස්ස ඔෆිස් එකෙන් දැන් යමු කියාගන, ඩ්‍රයිවර්ගේ මුණ බැලුවම පොඩි වෙනසකුත් තේරුනත් PM මහත්තය මුකුත් හිතුවේ නෑ.
අපේත් ඉතින් බඩු බඩට ගියාට තාම ලේවලට මික්ස් වෙන්න උනෙත් නෑ. මන්සීර්ගේ ගෙදරට ගිහන් කන්න ලෑස්ති වෙනකොට තමයි කට්ටියට පදම  වුනේ. කරපු වැඩෙත් මතක් වෙනකොටයි. PM මහත්තය අපි දිහා බලන විදියටයි කට්ටියටම හිනා යනවා. ඇයි එයා බලනවා අපි 5ටත් ඔෆිස් එකේ හොදට හිටිය. පහමාර වෙනකොට මුන්ට මොකද්ද වුනේ කියල. දැන් කට්ටිය හිනා වෙනවා හෝ ගාලා හරියට ගුලි කාලා වගේ , ගෙදර මිනිස්සුන්ටත් හෙන අවුල මොකද්ද හේතුව කියල. මනාසීර්  ඉන්නවා හිනාව තදකරගන මිනිහ හේතුව දන්නා නිසා.  PM  මහත්තය මට කියනවා  මොකක්ද මේ හිනා වෙන්න හේතුව මටත් කියනව්කෝ කියල . යන්නතම් එහෙන් මෙහෙන් කාල දාල අපි මාරු උනා ඉක්මනට . නැත්තම් වෙන ජංජාලයක් වෙනවා එතන. මං  පස්සේ PM මහත්තයට ඇත්ත විස්තරේ කිව්වා . එයත් ඉතින් කනබොන මනුස්සය නිසා හිනාවෙලා. කලින් කියන්න එපයි මනුස්සයෝ මං  එහෙනම් ටිකක් පරක්කු වෙලා එනවනේ කිව්වා.

(චායා රූප  අන්තර්ජාලයෙනි )

මගේ නොස්ටැල්ජියාව -3

අලුත් ගෙදර 2

දෙවැනි සැරේටත් ගෙයක් හදන්න ඕන කියල අක්ක තමයි මුල් උනේ . ප්ලැන ඇන්දෙත්  අක්කම තමයි එයාගේ Draftsmen course එකේ දැනුමෙන් .
තාත්තාගේ EPF එකේ සල්ලිත් අරගන . කලින් අත්තිවාරම් දාපු තැන ගේ හදන්න කවුරුත් කැමති උනේ නෑ එක නිසා පරණ ගේ තිබුන තැනම JCB එකක් ගෙනල්ල ගෙපලක් ඇද්ද කියමුකෝ, එකේ   පැත්තකින් තිබුන ගලක් නිසා අයෙත් පාරක් ඩෝසරයක් ගෙනල්ල තව චුට්ටක් උඩින් ගෙපලක් කැපුවා
පළවෙනි සැරේ වෙච්ච අඩුපාඩුත් හදාගන මේ සැරේනම් අඩුවක් නොවෙන්න අක්ක වගබලා ගත්ත.
ඇස්වහ කටවහ දුරුවෙන්නත් එක්ක පිරිතක් එහෙම කියලා වැඩේ පටන් ගත්ත. අපරාදේ කියන්න බෑ මොන හෙනහුරෙක් වත් නැතුව ගේ වැඩ ටික හෙමිහිට උනත් කරගත්ත, මන් පස්සේ එහෙන් මෙහෙන් මොඩිෆයි කරලා දැන් තියන තත්වෙට ගත්තේ

මාස ගානක් තිස්සේ කන්දට ඇදපු බ්ලොක් ගල් ටික ආපහු අලුත් ගෙපලට වැඩම්ම වන්න මට අයෙත් සිද්ද උනා . අත්තිවාරම් දාල ඉවරවෙනකම්  අම්බානෙක වැස්ස . හැබැයි බිත්ති බඳින්න පටන්ගත්ත දවසේ ඉදන් මට හොදට මතකයි වහල ගහල ඉවර වෙනකම් කිසි කරදරයක් උනේ නෑ  වැස්සෙන් නම්.


මමත් AL ඉවරවෙලා ගෙදර හිටපු නිසා MBBS  අඩුවක් නැතුව කරා

ගේ හදල ඉවර උනාට අපේ ගෙපල ඇදිල්ල නම් තම ඉවර වෙලා නේ තාමත් ඩෝසර් ගෙනල්ල එහෙන් මෙහෙන් පස් කන්ඩි කපනවා. මන් හිතන්නේ දැන් 7 ත් 8 වතාවක් ඩෝසර් එන්න ඇති අපේ මිදුල හදන්න.

මගේ නොස්ටැල්ජියාව 2

අලුත් ගෙදර -1
අපේ පරණ ගේ ඉන්නම බැරි තත්වයක එනකොට. අලුතෙන් ගෙයක් හදන්න පටන් ගන්න ඕන කියලා. කරන්නෙ කොහොමද කියලා ලොකු අවබෝධයක් තිබුනෙ නැ කාටවත්. මාත් OL කරල තිබුනෙත් නෑ එතකොට. මුලින්ම ඉතින් දොලෙන් වැලි ගොඩ දැම්ම. සිමෙන්ති ටික ටික ගෙනල්ල ගඩොලුත් ගෙදරම කපන්න පටන් ගත්තා.

ඒ අස්සේ ඉඩමේ මැද හරියේ තිබුන කඳු ගැටයක් උඩ ගෙපලකුත් අදින්න පටන්ගත්ත. ඔක්කොම ඉතින් මැනුවල් මෝඩ් තමයි.
ගෙපැල කපන්න මුලින්ම උදලු පාර ගහන්න තාත්ත මට දුන්න උදැල්ල , මොකක්දෝ හේතුවකට මට හෙන ලැජ්ජාවක් ඇවිල්ල මං මග ඇරියා. මට බැන බැන තත්තාම පටන් ගත්ත වැඩේ 
ඉස්කෝලේ නිවාඩු දවස් සහ ඉස්කෝලේ ඇරිලා හවස් කලේ සම්පුර්ණයෙන් ඕවට කැප කරන්න වුනා.
 අලුත් ගෙපලේ කෙලවරට වෙන්න ලෑලි වලින් කාමර දෙකක් හදාගන අපි එකේ පදිංච්චි  වුනා , භාග බිත්ති බැඳලා පොළොවට සිමෙන්ති දැම්මේ මම . ඉස්තෝප්පුව කළු ඉටිකොළ වලින් තුන් පැත්තක් වටකරලා , කුස්සිය මැටි ගහල පොඩියට හදාගත්ත. වහලට ගැහුවේ තාර ෂිට් . කන්දක් උඩ  නිසා එක නම් වැඩි කල් ඔරොත්තු දුන්නේ නෑ , පස්සේ අයෙත් ටකරන් ෂිට් ගෙනල්ල එකට උඩින් ගහන්න උනා . මන් හිතන්නේ අපි ගේ හදනවට වඩා  මේ තාවකාලික ගෙට වියදම් කරා.
ලොකුම දේ උනේ අපිට එතනදී ස්ථිර ටොයිලට් එකක් තිබුන. පරණ ගෙදර තිබුනේ ලෑලි දාල පොල් අතු හොයපු එකක්නේ 
එතකොට ගෙදර හිටියේ ළමයින්ගෙන් මත නංගිත් මද්දුම අක්කත් විතරක් නිසා ඉඩකඩ එච්චරම ප්‍රශ්නයක් උනේ නෑ , එත් නිවාඩු දවසට කට්ටිය ආවම නම් අපිට එලිය ඉස්තෝප්පුවට බහින්න උනා  නිදාගන්න.
පරණ ගේ ගාව ඉදන් අලුත් ගෙපැලට මීටර් තුන් හාරසීයක් තිබුනා . වාහනයක් යන්න පාරක් තිබුනේ නැති නිසා සියලුම අමුද්‍රව්‍ය විල්බරැක්කේ පටවගන තමයි ගෙනිච්චේ.
දැන් බැරි උනාට බ්ලොක් ගල් හතක් අටක් දාගන තනියම විල්බරැක්කේ තල්ලු කරගන කන්දට යන එක මහ කජ්ජක් උනේ නෑ  මට. 
ඔය විදියට වැලි කියුබ් 2ක් 3කුත් බ්ලොක් ගල් තුන් හාරසියකුත් අපි අලුත් ගෙපැලට ඇදල ගෙට අත්තිවාරම දාන්න සෙට් වුනා. තාත්තා වැඩ කරපු තැන බාස් කෙනෙක් නොමිලේම වැඩේ කරලා දෙන්න පොරොන්දුත් උනා . ගෙයි ප්ලෑන් එකත් මිනිහාගේම එකක්. 
කොහොම හරි නැකත් වෙලාවට මිනිහට ලනු ගහගන්න බැරි උන , එ කියන්නේ මුළු පරස් ඇරගන්නා බැරිවුණා . දැන් මං මහා ලොකු ඉංජිනියර් උනාට එතකොට අපට තේරුමක් තිබුනේ නෑ  
පයිතගරස් දාල මේක බේරුමක් කරලා දෙන්න වත්


කොහොමින් කොහොමින් වැරැද්ද එහෙමම තියෙද්දී මුල්ගල් තියල අත්තිවාරම බදින්න පටන් ගත්ත , දවස් දෙක තුනකින් වැඩේ ඉවර කරලා බාස් උන්නේහැ යන්න ගියා .  මුලින් මුලින් වෙච්ච බාධක ගණන් නොගත්තට මොකද දෙයියන්ට පින් සිද්දවෙන්න ඒ ගෙවල් හැදිල්ල අත්තිවාරමටම සිමා උනා. කොටින්ම කිව්වොත් "මස්තබාල්දුයි " 
එක සිද්ද උනේ තාත්ත  අක්කත් එක්ක බයිසිකලෙන් යනකොට වැටිලා කකුල කැඩුන එකෙන් , තාත්ත කකුලේ බැන්ඩේජ් එකකුත් එක්ක මාස හතරක ගෙදරට උනා. රස්සාවත් නැති නිසා රීම් එකෙන් තමයි ගෙදර ආර්ථිකේ දිව්වේ, කොහේ ගෙවල් හදන්නද.
අයියයි අක්කල දෙන්නගේ සහයෝගෙන් යන්තම් අපි කාල බීල  හිටිය, ගෙදර තිබුන තේ ටිකෙනුත් පොඩි ආදායමක් තිබුන. මං එතකොට AL කරනවා . 
මගේ ක්ලාස් පීස් ටික ගෙවා ගත්තෙත් හුගක් වෙලාවට අයියගේ පිහිටෙන් , අනිත් උන තියරි ක්ලාස් එකට යනගමන් රිවිෂන් එකටත් ගියාට මට ඉතින් එක කරන්න වත්කමක් තිබුනේ නෑ . කොහොමත් මන් හිතාගත්ත පාස් උනත් පේල් උනත් AL කරන්නේ එක සැරයයි , දෙවැනි සැරෙකට මට වියදම් කරන්න ගෙදරට පුළුවන් කමක් නැතිවිත්තිය මට තේරුන නිසා .
පරණ ගේ තිබුන තැන තාත්තා අායෙත් මැටි ගහල මඩුවක් හැදුවා. තාත්ත කීප සැරයක්ම ඔය වගෙ මඩු ඉඩමෙ කීප පොලකම හැදුවා ඔක්කොම ඉතින් ලෝක ස්වභාවය අනුව කැඩිල බිඳිල ගියා කාලයත් එක්ක.  මට පුලුවන් උන කාලේ මං ස්ථිර මඩු හැදෙව්වා දර දාන්න,  දළු දාන්න, අායුධ දාන්න වෙන වෙනම. මම AL වලට පාඩම් කරේ අර තාත්ත හදපු මඩුවෙ ඉදන්. අැයි අපේ ලැලි ගෙදර මං මහ රෑ වෙනකම් චිමනි ලාම්පුව පත්තු කරන් හිටියම අනිත් මිනිස්සුන්ට නිදා ගන්න වෙන්නෙ නැහැනෙ. මං මඩුවට අැදකුයි මේසෙකුයි දාගන රෑට පාඩම් කරල එකෙම නිදාගත්තා. 
AL physics පේපර් එකට කලින් දවසෙ මං රෑට කාල මගෙ පොඩි ලන්තෑරුමත් මඩුවට ගියා පාඩම් කරන්න. මඩුවෙ දොර අරින කොට මං තෙරුනා මොකක්ද රබර් වගේ එකක් මට පෑගෙන බව. පැත්තකට පැනල බලන කොට අඟල් 2ක් විතර මහත මාපිලෙක් යන්තම් ලන්තෑරුම් එලියෙන් දැක්කා. එදා උෟ මාව කෑවා නම් මගේ ජිවිතේම කනපිට ගැහෙනවා. 

එකෙන් මේකෙන් තාවකාලිකව හදාගත්ත ලෑලි ගෙදර අපිට අවරුදු 3ක් 4ක් ඉන්න උනා අයෙත් ගෙදර හිටපු මද්දුම අක්ක එයාගේ මැදිහත්වීමෙන් අලුත් ගෙයක් හදන්න පටන්ගන කම් 



මගේ නොස්ටැල්ජියාව -1


මං ඉපදෙනකොට මට කලින් හතර දෙනෙක් අපේ පවුලේ ඉපදිලා තිබුණා .
කෙල්ලෝ තුනයි කොල්ලයි ,
මම එතකොට පස්වැනිය,
හයවෙනියකුත් ආවට පස්සේ එක කාමරයක් තිබුන අපේ ගෙදර කොහොමත් ඉඩකඩ මදිවුණා .
දාම් ලෑල්ලේ ඉත්තෝ වගේ අපි එක්කෙනා එක්කෙනාට  මාරුවෙන් මාරුවට
 නෑදෑ ගෙවල් වල ඉන්න උනේ එ් නිසා.
නංගි ආවට පස්සේ මටත් ටිකට් එක හම්බුනා ඉබේම
හිටපු තැන්වල සිද්දවුණ ඒවා ඉතින් වෙනම ලියන්න වෙනවා.
අපේ ගෙදර  තිබුනේ දොළ පාරවල් දෙකක් ගාව, මැටි ගහල හුණු කපරාරු කරපු අපේ ගෙදර තිබුනේ සාලයයි කාමරයයි ඉස්තොප්පුවයි , කුස්සිය සැරින් සැරේට ගෙවටේම තිබුණ.
කාමරේ කිව්වට එකට දොරවල් දෙකක්ම තිබුන නිසා කාමරයක්  කියන්න බෑ  එකට.
වැස්ස වෙලාවට පුදුම බයක් තිබුනේ වහල හරි බිත්තියක් හරි කඩන වැටෙයි කියල. වහළ එච්චරටම දිරල බිත්තිවල වේයෝ  හුඹස් බැඳලා තිබුනේ
සමහර වැහි දවසට උදේ බලනකොට අපේ පොත් තිබුන රාක්කේ වේයන්  විසින් ආක්රමණය කරලා.( එකේ ඉතින් පොත් විතරක්  නෙවෙයි ඇඳුම්, එළවලු එහෙමත් තිබුනේ නැත්තේ නෑ )
ගේ වටේට තිබුන අන්නාසි ගාලවල් නිසා සර්පයෝන්ගේනුත් අඩුපාඩුවක් උනේ නෑ  අපිට ,
මාසෙකට දවසක්වත් නයෙක් දැක්කේ නැත්තම් අඩුවක් වගේ . මාපිල්ලු පලා පොලොන්ගු කරවෙල්ලු සතියකට දවසක්වත් අපිවල බලල යන්න අවා.
නයින් නම් මැරුවේ නැති උනාට අනිත් උන් නම් පරලොව යවන්න දෙපාරක් හිතුවේ නෑ. ( විස ගෝර සර්පයා දැක නැර මොඩයලුනේ

ගේ ගාව තිබුන දොළ  අපේ ජිවිතේ ලොකු කොටසක් වෙලා තිබුනේ . වැස්ස ගමන් ක්ෂණිකව දෙගොඩ තලා යන වතුරක් ඇවිල්ල වේගෙන්ම බැහැලත් යනවා. දොල හරහා ගල්වැටි බැදලා හරස් කරල වතුර පුරවන එක ලොකු ප්රොජක්ට් එකක අපේ හැබැයි ඉතින් වැස්ස ගමන් අපේ වේලි නැවතුනේ ගඟේ .
මාළු ඇල්ලුවේ  නැති උනාට කුනිස්සොන්ට නම් බේරුමක් තිබුනේ නෑ අපෙන් ,කන්න නෙවෙයි ඇති කරන්න ට්රයි කරා එත් විදුරු බෝතලේකට දාපු උන වැඩිම උනොත් ජිවත් උනේ දවස් දෙකයි
අපෘශ්ටවන්සින්ට මගේ තිබිච්ච බය නිසා ඉස්සෝ කකුළුවෝන්ට නම් හානියක් උනේ නැති තරම්.
පස්සේ කාලෙක දොළ හරහා සපත්තු පාලමක් දානකම් ගෙදරට එන්න ප්රධාන පාර තිබුනේ එදන්ඩ්ක් හරහා . ලොකු වැස්සක් ආපුගමන් එකත් කඩාගන යනවා සමහර වෙලාවට. එකට තිබුන ඇත වැල කඩාගන දොලට වැටිච්ච අවස්ථා බොහොමයක් තිබුණා . ගොඩක් පස්සේ  කට්ටිය එකතුවෙලා  එකට රේල් පීලි දෙකක් දාල ඉස්තිරව හදාගත්ත


කාමරේට  තිබුන සොල්දරයක්  කොහෙන්දෝ එකතුවෙච්ච එක එක ජාතියේ පොත් කන්දරාවක් එකේ තිබුන පරණ ඉස්කෝල පොත් ගොඩක් තිබුන.
අපේ පුස්තකාලෙ  උනේ එක, නවකතා පොත් නම් තිබුනේ දෙකයි මට මතක විදියට. එකක් ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ " කපිතන්ගේ දියණියෝ " අනිත් එක "යුපාඕ " කියාල චීන පරිවර්තනයක් පුදුම රහ පොතක් පිටු 300ක් විතර තිබුන එත් මුල පිටුනම් තිබුනේ නෑ . මම තාමත් හොයනවා එකේ කොපියක් කොහෙහරි තියනවද කියල.
යකඩ පයිප්ප්ප උඩ ලෑලි දාල තිබුන සොල්දරේ අපි පොත්ම බිමට එලාගන හන්සිවෙලා පොත් කියෙව්වා. වහලේ උළු කැටයක් වෙනුවට තිබුන විදුරු කෑල්ලෙන් වැටිච්ච එළියෙන්.
වේයොන්ගේ ආක්රමණයට අහුවෙලා විනාස වෙලා යනකම් අපිව පස්සේ කලෙක කියවන්න පෙරේතයෝ  වෙන්න පාර කපන්න  අපේ දුප්පත් පුස්තකාලේ උනේ ඒක.
ඉස්කෝලේ ඇරිලා ඇවිත් කාල සොල්දරේ උඩට නැග්ගම  බහින්නේ ඉතින් රෑට රැ වෙලා අම්ම කෑ ගහනකොට . උඩට නගින්න බහින්න ස්ථිර විදියක් තිබුනේ නෑ කාමරේ දොරදිගේ එල්ලිලා තමයි නැග්ගේ බැස්සෙ.

අපි කොච්චර පොහොසත්ද කියනවා නම් මට මතක පුංචි කාලේ කරන්ට් එකෙන් වැඩ කරන එකම උපකරණය උනේ ටෝච් එක ගෙදර තිබුන. ඔරලෝසුවත් වයින් කරන එකක් තිබුන එකත් වැඩි  වෙලා වැඩකරන්නේ නේ වයින් තිබුනට පස්සේ. ඉතින් මට සිද්ද උනා මොකක්  හරි විශේෂ දෙයක් වෙලාවට කරන්න තියන හැම  වෙලවකම  පැයකටවත් කලින් ගිහින් අල්ලපු ගෙදරින් වෙලාව බලන් එන්න. කියන්නේ ගෙදර කාටවත් අත්  ඔරලෝසුවක් වත් තිබ්බේ නෑ  ඉතින්

ලොකු අක්ක රස්සාවක් කරාට  පස්සේ මට මතකයි බිත්ති ඔරලෝසුවක් ගේනවා පලවෙනි වතාවට. යන්තම්  මතක කාලේ රේඩියෝ එකක තිබුනත් එකත් කැඩිලා ගියා දවස් වලම . එක දැම්මෙත් ඉතින් තාත්තට නිවුස් අහන්න විතරයි

පස්සේ අයිය කොහෙන්ද SW තියන රේඩියෝ එකක් ගෙනල්ල එකෙන් රෑට BBC , veritas චීන ගුවන් විදුලිය එහෙම ඇහුව. කොහොම හරි ගුවන් විදුලි සංස්ථාවෙන් සිටි FM පටන් ගන්න කොටනම් අපේ ගෙදර පොඩි FM රේඩියෝවක් තිබුණ. ලොකු අක්කගේ තිබුන සින්දු ලියපු පොතක් කාලේ ඉතින් හැමෝගෙම මහාර්ග වස්තුවක්නේ. කොහොමහරි ඔකේ තිබුන සින්දු මන් අහලවත් තිබුනේ නැති උනාට මට කටපාඩම් . මට මතකයි විජයගේ රැල්ලෙන් රැල්ලට සින්දුව මං  ඉස්කෝලේ සමිතියකට මගේම තනුවකට කිව්වා.
ගෙදරට ලයිට් ගත්තේ මන් ඉංජ්නියරින් ඉන්ස්ටිට්ටියුට් එකේ ෆස්ට් ඉයර් ඉන්නකොට මට මතක විදියට 




බාල්දු කථා

ලව් ලොක්

  මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...