යකාගේ පඩිපෙළ දිගේ නුවර එලියට




කට්ටිය කොහේ හරි යමු කියල  කාලෙක ඉඳන් කිය කිය ඉන්නකොට  අපේ සමීර මල්ලි තමයි යෝජනා කරේ නුවර එළියේ යමු කියල  . අපේ කට්ටිය කිව්වට අපේ අයියයි අයියගේ යාළුවා හර්ෂයි මගේ යාළුවා සන්ජයයි අක්කගේ පුතා ශෙහානුයි . සමීර එයාලගේ සර්කිට් එක බුක් කරගන තිබ්බා නුවර එළියේ නවතින්න.

   හැමදාම නිකම්ම නුවර එළියේ යනවට වඩා පොඩි ඇඩ්වෙන්චර් එකකටත් එක්ක මම තමයි යෝජනා කරේ වෙන පාරකින් යමු කියල, ඔය යකාගේ පඩිපෙළ නැත්තම් ඩෙවිල්ස් ස්ටේයාස් පාර මන් ගූග්ලේ එකේ පොඩ්ඩක් හොයල බලලා තිබුනේ. ගිහිපු සමහරුන්ගේ බ්ලොග් එහෙමත් කියවලා තිබුනා. ගූගල් ස්ට්‍රීට් විව් එකෙත් පුළුවන් තරම් දුර ගිහින් බැලුව පාරේ තත්වේ.

ගිහිපු හැමෝම   එක්කෝ බයිසිකල් වල නැත්තම් 4W වාහන වල ගිහින් තිබුනේ. මාත් හර්ෂ අයියට කිව්වා 4w එකක් රෙන්ට් එකට අරන් යමු කියලා මොකද මගේ AVANZA එකේ කට්ටියට යන්න පුළුවන් උනාට ඒ පාරේ තත්වේ හරියට දන්නේ නැති නිසා.

ඕන කෙන්ගෙඩියක් කියල හර්ෂ අයියා කිව්වා ඔන්න ඕකෙ යමු බැරි උනොත් හරවන් එමු කියල.

හතරටවත් උදේ පිටත් වෙමු කිව්වට කට්ටියව ගෙවල් වලින් අරගන කොළඹින් පිටත් වෙනකොට හයත් පහු  උනා. සමීරය නැග්ග ගමන් ඩ්‍රයිවින් කරන්න ඉල්ලගත්ත මොකද පහු වෙනකොට ඕක බාර ගන්න එකෙක් නැති වෙන බව දන්නා නිසා. එතකොට ඉතින් උගේ කොටස වේලාසනින්ම  කරලා ඉවරයිනේ.

සෙනසුරාද දවසකුත් නිසා ලොකු ට්‍රැෆික් එකක් තිබුනෙත් නෑ හයි ලෙවල් එකේ. අපි උදේට කන්න අවිස්සාවේල්ලේ කඩේක නැවැත්තුව . කඩේ නම නිසාමයි ඇත්තටම නැවැත්තුවේ . බඩාගෙ කඩේ `` කඩේ නම හර්ෂ අයියට බඩා කියලත් කියන නිසා එයාට කින්ඩියටත් එක්ක තමයි නැවැත්තුවේ. වාහනේ නැවැත්තුවේ සමීර නිසා මිනිහට ඉතින් හර්ෂ අයියගේන් ඕකට රිටර්න් ෂුවර් කොයි වෙලාවක හරි.



ආයේ පිටත් වෙනකොට ෂෙහාන්ට බාර ගන්න උනා ඩ්‍රයිවින් ශීට් එක . මොකද එතනිං පස්සේ කට්ටිය බරසාර වැඩකට අතගහන්න ලෑස්ති වෙන නිසා. දැන් කට්ටිය කතාව කව්රුත් මුකුත් ගෙනාවෙත් නැති නිසා උදේ 9 වෙනකම් ඉන්න වෙන එකට අපේ පොට් එකක්  අරින කම්. මෙන්න බොලේ සංජය බෑග් එකෙන් ගත්තේ නැද්ද හයිලන්ඩ් කවීන් එකක්. මේකා දෙයියෙක් නෙවෙයි දේවාලයක් උනානේ. යන්නතම් කාර්ගිල්ස් එකක් අරිනකම් ඉඳල අනිත් අඩුම කුඩුම ටිකත් වාහනේට දාගන පිටත් උනා අයෙත්.



කැබියේ තිබුන පිහියෙන් ඇපල් කපන්න ගිය හර්ෂ අයියා ඇගිල්ල කපාගත්තා ඔය අතරේ, හොද වෙලාවට වාහනේම තිබුනා ගෝස්‌ ,ප්ලාස්ටර් වගේ ප්‍රථමාධාර බඩු ටිකක් ,මම කොහොමත් වාහනේ ඔයවගේ දේවල් තියාගන ඉන්නවා හදිස්සියකට ප්‍රයෝජනෙට .යනගමන්ම  බෙහෙතුත් දාගන වැඩෙත් දිගටම ගියා. ඩෙවිල් ස්ටේයාස් එකට හැරෙන කළුපහනට එනකොටත් එක බෝතලේකට වග කියල ඉවරයි. කලුපහනෙන් උඩට දානකොට අපි කාගෙන්වත් විස්තර අහන්නේ නැතුව ඉන්න තීරණේ කරා මොකද ඕන එකෙක් කියන්නේ පිස්සුද කියල මේ වාහනෙන් ඔකේ යන්න උඹලට කියල.

සංජයට තියෙන්නේ කටක් නෙවෙයි වක්කඩක් . හිනාවෙලා අපේ බඩවල් රිදෙන්න ගත්ත නිසා බලෙන් හරි අපිට සිද්ද උනා උගේ කට වහල තියන්න ටික වෙලාවකට. බඹරකන්ද ඇල්ල පේන තැනදී ටිකක් නවත්තලා ෆොටෝ ටිකක් එහෙම ගත්තා. පාර හිතුව  තරම් නරකත් නෑ වැස්සත් නැති නිසා අපිට කරදරයක් උනේ නෑ . අපේ ගෙදරට යන පාර මීට වඩා සවුත්තුයිනේ. ෂෙහාන්ගේ ඩ්‍රයිවින් ගැන ආයේ කියන්න දේකුත් නැති නිසා අපිට පාඩුවේ අපේ වැඩේ කරගන යන්නත් පුළුවන් උනා.


කොහොමත් photographer කෙනෙක් වෙච්ච හර්ෂ අයියගේ කැමරාවට නිවනක් නෑ නවත්තපු තැන්වලදී .

මගදී හම්බුවෙච්ච අන්කල් කෙනෙක් එක්ක පොඩි චැට් එහෙකුත් දැම්ම මේ මිනිස්සුත් ජිවත් වෙන්නේ ලංකාවේම නේද කියලා හිතෙනකොට පොඩි දුකකුත් දැනුනා. ඒ වෙලාවේ හැටියට ඉතින් අපිට කරන්න පුළුවන් උනේ උදව්ව් දෙකයි.
එකක් අපි ගාව තියන එකෙන් පොඩි ෂොට් එහෙකුයි තියන විදියට  සල්ලි කියක් හරිත් මොළවන එකයි.

 සමහර තැන්වලනම් අපිට බැහැල පයින් යන්නත් උනා පාරේ ගල් මතු වෙලා යට වදින තැන් කීපෙකදී . අව්ලක් නෑ වාහනේ කරේ තියන් උනත් කට්ටිය ලෑස්තියි ඒ වෙනකොට මොකද දෙවැනි හයිලන්ඩ් ක්වීන් එකටත් වගකියන ගමන්නේ හිටියේ.

මීදුම ලොකුවට තිබුනේ නැති නිසා වට පිටාව හොදට බලාගන්න පුළුවන් අපිට. හැබැයි මිදුමත් තිබුනානම් තවත් ලස්සන වෙන්න තිබුනා.


උදේ 10ට විතර කලුපහනෙන් පිටත් උන අපි හවස 5 විතර වෙනකොට ඔහියට ආවා. එතන කඩේකින් ප්ලේන්ටියක් එහෙම ගහලා. අපේ නවාතැන වෙච්ච සමීරලගේ සර්කිට් එකට එනකොට ටිකක් රෑ උනා රෑට උයන්න බඩුත් අරගන එනකොට.
කට්ටිය තව සැරයක් වැඩ අල්ලන්න ලෑස්ති උනාට මටනම් ඇඳට වැටෙනව විතරයි මතක.


සර්කිට් එකේ caretaker අයිය උයලා දීපු උදේ කෑම එකත් කාල දවල්ට බත් එකකුත් බැඳගන අපිත් පස්සෙන්ද උදේම පිටත් උනා සඳ තැන්නට යන්න.
ලොකු දෙයක් නැති උනත් හොඳ 360 විව් එකක් තියන තැනක්. තමන්ගේ වාහනවල යන්න බෑ එතන තියන වාහන වල ටිකට් එකක් අරගන ගිහින් එන්න පුළුවන්. ඇලේ දොලේ ඟගේ කඳුවල බඩගාපු අපිට ඉතින් මේවයේ අමුත්තක් නෑ තමයි.


දවල්ට එහෙම කාල අයෙත් කොළඹ බලා එන්න පිටත් උනා හැමෝම අයෙත්  හෙට ඉදන් අයෙත් පුරුදු විදියට රස්සාවල් කරන්න තියන නිසා. කවුරුත් ගත්ත ෆොටෝස් fb නොදා ඉන්න තීරණේ කරා මොකද දාල ආපු උන්ගේ දොස්මුර වලින් බේරෙන්න ඕන නිසා.

No comments:

Post a Comment

බාල්දු කථා

ලව් ලොක්

  මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...