වව්නියාවේ ඉඳල ඇවිත් ගෙදර ගිහින් ටික දවසක් ඉඳල මං ආපහු ආවා අම්පාරේ යන්න , කොළඹට ඇවිල්ල කොළඹින් අම්පාර බස් එකක් ගත්තා උදේ පාන්දරින්ම , අම්පාර කිව්වට මට යන්න තිබුනේ අක්කරපත්තුවට , ජීවිතේටම ගිහිල්ල නැති පලාතක්, අම්පාරේ ඉඳලත් කිලෝමීටර් 30ක් විතර යන්න තිබුන . අවුරුද්දට තව සතියයි තිබුනේ පරණ කොම්පැනියෙන් පඩි හම්බුනෙත් නෑ අලුත් එකෙන් පඩියක් ගන්න තරම් කාලෙකුත් නෑ , අතේ සතයක් නෑ , පරණ කොම්පැනියට කතා කරාම කොළඹ එන්න කිව්වා පඩි ගන්න ,වෙනද වගේ අකවුන්ට් එකට දාන්න බැරි නම් මට ඕනෑම නෑ කියල හිතුන උන් ගාවට ගිහින් බාල්දු වෙන්න,
ඒ අවුරුදද මගේ ජිවිතේ කාලකන්නිම එක වුනා, ජොබ් එකක් කරලත් අම්මට තාත්තට කිසිම දෙයක් අරන්දෙන්න පුළුවන් කමක් තිබුනේ නැති, කාගෙන්වත් ණයට ඉල්ලලා මට පුරුද්දකුත් තිබුනේ නෑ කොච්චර නැති බැරි උනත්.
මට ඒ දේ කරපු සියලු දෙනාට ස්වභාව ධර්මයෙන් දඬුවම් හම්බුනා පස්සේදී .
අම්බලන්ගොඩින් අම්පාරට බස් එකක් තිබුන නිසා පස්සේ යන්න එන්න මං ඒ බස් එක තෝර ගත්තා . අම්බලන්ගොඩින් ප්‍රයිවට් බස් එකකුත් ලංගම බස් එකකුත් තිබුනා . දෙකම තිබුනේ හවස 6න් පස්සේ
, අම්පාරට යන්නේ පාන්දර 2ත් 3ත් අතරේදී. ඒ වෙන කොට යුද්ධේ ඉවර වෙලා තිබුනට චෙක් පොයින්ට් තිබුනා , මහා රෑ නැගිටලා බෑග් එකත් උස්සගන චෙක් පොයින්ට් වලදී බැහැල යන්න වෙනවා අඩුම 3න් පලකදිවත් අම්පාරට යන ගමන්.
ඒ යන වෙලාවට අම්පාරෙන් අක්කරපත්තුවට යන්න බස් ඇත්තේ නෑ පලවෙනි බස් එක තිබුනේ පාන්දර පහමාරට , එතකම් ඉතින් බෑග් එක ඔලුවට තියාගන සිමෙන්ති බැංකුවක ඇලවෙලා ඉන්නවා.
සාමාන්‍ය වෙලාවට ඒ බස් එක යන්නේ ඉරක්කාමම් හරහා එත් පාන්දර බස් එක යන්නේ කාරතිව් නින්දවූර් හරහා. එක දවසක් එහෙම යන ගමන් උදේ පාන්දර බස් එක නවත්තන් ඉන්නවා පාරේ මැද සමන්තුරෙයි හරියේදී , මාත් නිදිමතේ ඔලුව එලියට දාල බැලුව මොකද කියල නවත්තන් ඉන්නේ, අලි සීයක විතර රංචුවක් පාර මාරු වෙනවා, ඒ වෙලාවට බෝඩිමට ගිහින් මුණ හෝදගන ආපහු වැඩට එන්න වෙනවා. පය 12කට වඩා බස් එකේ ඇවිල්ල එදා දවස ගෙවා ගන්නේ මාර අමාරුවෙන්. මාසෙට දවස් 4ක නිවාඩුව බේර ගන්නේ ඔහොම දවල් රෑ නැතුව බස් වල ගිහිල්ල තමයි,
ආපහු නිවාඩුවට ගෙදර යන දවසටත් එහෙමම තමයි , අම්පාරෙන් හවස 6ට බස් එක තියෙන්නේ , කෝල් කරලා ෂිට් එකක් බුක් කරගත්තේ නැත්තම් සැහෙන්න දුරක් හිටගන යන්න වෙනවා, හුගක් දවසට කෝල් කරනකොටත් ෂිට් ඉවරයි, එක සැරයක් අම්පාරෙන් ඉඳන් මාතරට වෙනකම් හිටගන එන්න වුනා වෙසක් පෝයට ගෙදර එන්න ඇවිත්,
බස් එක අම්බලන්ගොඩට එන්නෙත් පාන්දර 2ට විතර, ඒ වෙලාවටත් බස් එකක් නෑ ඇල්පිටියට යන්න , ගාල්ලෙන් බහින්නේත් නෑ මං ගාල්ලේ ස්ටෑන්ඩ් එකේ තනියම ඉන්න ටිකක් බයකුත් නිසා, ප්‍රයිවෙට් බස් එක නම් ඇල්පිටියටම ගියා . එතනට ගෙදරින් කව්රු හරි බයික් එකෙන් ගෙන්න ගන තමයි ගෙදර ගියේ,
අක්කරපත්තුවෙන් පස්සේ මට යන්න වුනේ කන්තලේට, කන්තලේ යන්න එන්නත් වැඩිපුර පාවිච්චි කරේ තංගල්ල ත්‍රිකුණාමලේ බස් එක,ගෙදර ඉඳන් යනකොට ගාල්ලෙන් නගින නිසා වාඩිවෙන්න හම්බු වෙන්නේ මගදී නැත්තම් කොළඹදී. එන වෙලාවටත් කන්තලෙන් නගින නිසා වැඩි වෙන්න හම්බු වෙන්නේ දඹුල්ලේදී හුගක් වෙලාවට. එක දවසක් මං ගෙදර ඉඳන් කන්තලේ ගියා, එදා මට කතාකරා උමාඔය ප්‍රොජෙක්ට් එකේ ඉන්ටව් එකකට එන්න කියල පහු වෙනිදට, මන් ඒ වෙනකොට ඉන්න තැනින් අයින්වෙන්න රෙසිග්නේෂන් දීල තිබුනේ, එක නිසා පහුවෙනිදට නිවාඩුවක් දාල පිටත් වුනා වැල්ලවායට යන්න . ඒ දවස් වල මගේ යාලුවෙක් වැඩකරා බුත්තල , එයාට කතාකරලා එයාලගේ බෝඩිමේ ඉන්නත් කතාකරගන කොළඹට ගියා , එතනින් අයෙත් මොණරාගල බස් එකක් අරගන එළිවෙනකොට බුත්තලට ගියා , යාළුවගේ බෝඩිමට ගිහින් ටිකක් නිදාගන උදේ ලෑස්ති වෙලා සයිට් එක තිබුන කරඳගොල්ලට ගියා, එදා ඉන්ටව් එකට ඉඳල ආපහු ආවා කොළඹ , එතනින් බණ්ඩාරවෙලට ඇවිත් බණ්ඩාරවෙලින් කොළඹ බස් එකක් අරගන. දවස් දෙකක් ඇතුලේ මන් කිලෝමීටර් දාහකට වඩා බස් වල ගිහින් තිබුන, අයෙත් කන්තලේ යන්න පුළුවන් කම තිබුනේ නෑ එදාම මහන්සියට. එදා රත්මලානේ අක්කලාගේ ගෙදර ඉඳල පහුවදා තමයි ආපහු ගියේ, අතන ජොබ් එකත් මට හරිගියේ නෑ.