මං පානදුරේ වැඩ කරන කාලේ නැවතිලා හිටියෙ රත්මලානේ අක්කලගේ ගෙදර. වැඩ ඉවර වෙනකොට කොහොමත් හැමදාම ටිකක් රෑවෙනවා. රැට පානදුරේ ඉඳන් රත්මලානට එන්න නෝමල් බස් අඩු නිසා මං එන්නේම හුඟ වෙලාවට AC බස් වලම තමයි. ඔය පානදුර කොළඹ 100 බස් රූට් එක යන්නෙ පරණ පාරේ මොරටුවට වෙනකම්.
එක දවසක් ටිකක් වයසක අම්ම කෙනෙක් නැග්ගා පානදුර හොස්පිටල් ගාවින් බස් එකට මහ රෙදි පොට්ටනියකුත් එක්ක මොරටුවට යන්න. වෙලාවත් හතරහමාරට විතර ඇති. මේ අම්මා පානදුර ටවුන් එකේ රෙදි බිස්නස් කරන කෙනෙක්. බස් එකෙත් ලොකු සෙනගක් හිටියේ නෑ. පානදුරෙන් පරණ පාරේ ටික දුරක් යනකොට බස් එකේ වාඩිවෙලා හිටපු කොල්ලෙක් කෑගැහුව මිනිහගේ ෆෝන් එක නැති වෙලා කියලා. කට්ටිය කිව්ව බලන්න ඔය සීට් එක අස්සට වැටිලාද කියලා. මිනිහ අඩන්න වගේ කියනවා බැලූවා හැමතැනම ඇත්තේ නෑ කියලා. බස් එකේ කොන්දත් ඇවිල්ල දැන් ෆෝන් එකේ ටෝච් එක ගහගන සීට් අස්සෙයි බිමයි හොයනවා ෆෝන් එක. ඒත් නෑ. ෆෝන් එකේ අයිතිකාරයාත් බස් එකේ නැගිටගන එක එකෙනා ලගට ගිහින් හොයනවා ෆෝන් එක. මිනිහ අර අම්මා ඉන්න හරියේ ඉන්න කොට කව්ද කිව්ව ෆෝන් එකේ නොම්මරේ කියන්න රින්ග් කරල බලන්න කියන්න කියලා. දැන් ඔන්න ෆෝන් එකේ රින්ග්ස් සද්දෙ ඇහෙනවා. ඇහුනේ මිනිහා හිටපු කිට්ටුවෙන්ම තමයි. ලගම හිටියෙ අර රෙදි අම්මා නිසා මේ යකා කෑගැහුවා මෙයා ගාව තමයි ෆෝන් එක තියෙන්නේ කියලා. රෙදි අම්මාට මල පැනලා බනිනවා මූට. මේ යකාත් ගානක් නැතුව අර රෙදි මල්ල අදිනවා ඒකේ තමයි ෆෝන් එක තියෙන්නේ කිය කිය. අම්මාට දැන් මලේ මල "මං මේ විකුණන්න ගෙනාව රෙදි යකෝ ඕව ඔහොම බිම දැම්මහම මං කොහොමද විකුණගන්නේ" කිය කිය බනිනවා.
මුලු මල්ලම ඇද්දත් හොයාගන්න බැරි වුණා ෆෝන් එක. අම්මාගේ හැට්ටේ අස්සට අත දැම්මෙ නැති එක විතරයි අරූ. ෆොන් එක රින්ග්ස් යනවා එත් ඇත්තේ නෑ.
බස් එකේ ඩ්‍රයිවර්ට මේ නාඩගම බලන් ඉන්න බැරිම තැන නැවැත්තුවා බස් එක. ඔක්කෝටම බහින්න කිව්ව බස් එකෙන්. බැහැල දැන් රින්ග්ස් ඇරල බලන්න කියල කිව්ව.
ඔන්න දැන් එලියෙත් ෆෝන් එක රින්ග්ස් යනවා අරූ ඉන්න හරියෙන්ම. කට්ටියම දැන් ඌරු ජුවල් වෙලා හිටියේ රෑවෙලා පුලුවන් තරම් ඉක්මනට ගෙදර යන්නනේ මිනිස්සු AC බස් එහකට නගින්නෙත්. කට්ටිය අරූව වට කරගෙන චෙක් කරන කොට තමයි ෆෝන් එක හම්බුනේ. මිනිහගේ ඩෙනිමේ යට නවල තිබුණ වාටිය අස්සෙ තිබිල. දැන් ඉතින් මිනිහාට අයෙත් එතන ඉන්න බැරි වුණා මිනිස්සුන්ගේ කුණුහරුප අහගන්නෙ නැතුව. අර අම්මා නන්ස්ටොප් දෙස් තියනවා අරූගෙ පරම්පරාවටත් එක්ක. යන්තම් කට්ටිය බස් එකට ගොඩ වෙලා යන්න පිටත් වුනාට අර කොල්ලා නම් නෙවෙයි ආයේ බස් එකට නැග්ගේ.
Subscribe to:
Post Comments (Atom)
බාල්දු කථා
ලව් ලොක්
මේ තියෙන්නේ මං දවස ගානෙ උදේ හවස වැඩට යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...
-
මේක මට කිව්වේ අක්කරපත්තුවේ මාත් එක්ක හිටපු ස්ටෝකිපර් වුනු සමන් ,මිනිහ ආමි එකේ ඉඳල රිටයර් වුනු කෙනෙක් හැබැයි වැඩි වයසක් නෑ.යකාටවත් බයනැති ම...
-
අලුත් ගෙදර -1 අපේ පරණ ගේ ඉන්නම බැරි තත්වයක එනකොට. අලුතෙන් ගෙයක් හදන්න පටන් ගන්න ඕන කියලා. කරන්නෙ කොහොමද කියලා ලොකු අවබෝධයක් තිබුනෙ නැ...
-
කට්ටිය කොහේ හරි යමු කියල කාලෙක ඉඳන් කිය කිය ඉන්නකොට අපේ සමීර මල්ලි තමයි යෝජනා කරේ නුවර එළියේ යමු කියල . අපේ කට්ටිය කිව්වට අපේ අයියයි අ...
No comments:
Post a Comment