අපේ තාත්තගේ පරණ YB 50 බයිසිකලේ තියන කාලේ හවසට වැඩිහරියක් තාත්තා හිටියේ ගැරේජ් වල.ලෙඩ වාට්ටුවක් ඔය බයිසිකලේ. තාත්තට හිටියා ගජයෙක් ගැරේජ් එහෙක ඕක කොහොම හරි දුවන්න අටවල දෙන. අපි කිව්වේ සිරිසේන බාස් කියල. හිටියේ වඳුරඹ කීඹි කන්දේ පොඩි ගැරේජ් එකක් දාගන.
සිරිසේන බාස් බයිසිකල් හදනවට අමතරව පොඩි පොඩි අත්හදා බලන වැඩත් කරා. එකසැරයක් මිනිහට පොඩි ඩයිනමොවක් හම්බුවෙලා තියනවා . ඉතින් මිනිහගේ දැනුමත් පාවිච්චි කරලා මිනිහට හිතිලා තියනවා එකෙන් ගෙදරට පොඩි කරන්ට් ලයින් එකක් දාගන්න ළඟ තිබුණ දොළ පාරත් පාවිච්ච්චි කරලා.
කොහොමහරි මෙයා අදාළ උපාංග ටික තමන්ගේ ගැරේජ් එකෙන්ම හදාගන ඩයිනමෝව සෙට් කරලා වතුර පාරෙන් කැරෙකෙන විදියට. මෙයාගේ වැඩ කොහොමත් ටිකක් අටවන ඒවා හින්දා ඔය ගෙදර තිබුන වයර් කෑලි එකතු කරලා තමයි ගෙදෙට්ට වෙනකම් කරන්ට් ලයින් එක ගෙනත් තිබුනේ.
දොලේ වතුර පාරත් එච්චර ලොකු එකක් නෙවෙයි. කොහොම හරි මෙයා ඇදපු වයර් එහෙක ජොයින්ට් එකක් කෙහෙන් හරි වතුරේ ගැවිලා තියනවා දන්නේ නැතුව.
දවසක් ඉතින් ඔය දොළ ගාවින් යන්න ආපු වයසක ඩයල් එකක් තමන්ට ඇතිවෙච්ච සුළුදිය බරක් නිසා අල්ලලා තියනවා පයිප්පෙ දොලේ වතුරට . අමුතුවෙන් කියන්න ඕන නැහැනේ වතුරටත් වඩා මුත්‍රා වල ලවණ වැඩි නිසා කරන්ට් එක බොහොම ලේසියෙන් ගමන් කරනවා. ඉතින් අර කරන්ට් එක ලීක් වෙච්ච වතුරට වැටෙන සුළුදිය පාර දිගේ කරන්ට් එක ලේසියෙන්ම ආපස්සට එනවා . හිතාගන්න පුළුවන්නේ මොකද වුනේ කියලා. අදාළ ස්ථානයට කරන්ට් එකක් වැදුනම . අපිට පුළුවන් වුනාට ඒ මනුස්සයට කොහේ හිතා ගන්නද ඒ වෙලාවේ . බුදු අම්මෝ යකෙක් ගැහුවෝ කියන්න විතරයිලු වුනේ . මිනිහ සිහිය නැතුව වැටිලා. තොවිල් දෙක තුනක් කරලා තමයි මිනිහ යතා තත්වෙට ඇවිල්ල තියෙන්නේ.

අපේ සිරිසේන බාසුත් කොහොම හරි වැඩේ මිනිහගේ පිටින් යන්න කලින් හෙමීට ඩයිනමොවයි ලට්ට ලොට්ට ටිකයි ගලෝගන ගෙදර ගෙනත් දාල.
ඔන්න ඔහොමයි ඩයිනමෝ යකාට තොවිල කරන්නේ.
No comments:
Post a Comment