මැරීන් කුකුළා
අපිට වඩා බැජ් හතරක් උඩ බැජ් එහෙක හිටපු අයියා කෙනෙක් තමයි කුකුලා මිනිහා මැරීන් කරලා නැවක වැඩ කරේ ඒකාලේ, නැවෙන් බැහැපු ගමන් ගෙදර යන්නත් කලින් මිනිහා එන්නේ හොස්ටල් එකට . ඇවිල්ලා මොන බැජ් එකේ කවුරු හරි එකෙක්ව කුදලගන යනවා මිනිහත් එක්ක බොන්න. අප්පා උගේ කතා ටිකයි ඉවරයක් නැති බීමයි හින්දා මොකෙක්වත් කැමැති නෑ යන්න . අපි හිටියේ හොස්ටල් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ . දවසක් රෑ අපිට පේනවා කුකුලා අයියා හොස්ටල් එකේ ගේට්ටුවෙන් ඇතුලට එනවා. මුට අහු වුනොත් විසුමක් නැති හින්දා කට්ටිය කරේ දඩ බඩ ගාලා ලයිට් ඔෆ් කරලා ඇඳට පැනලා නිදා ගන වගේ හිටියා , සාමාන්‍යයෙන් හොස්ටල් එකේ කාමර වල දොරවල් ලොක් කරන්නේ නෑ . කරාට වැඩක් නෑ කොහොමත් කඩනවා කවුරු හරි. දැන් කුකුලා අයියා ආවා ග්‍රවුන් ෆ්ලෝ එකේ කාමර බලාගන බලාගන ගියා අපේ කාමරේටත් එබුනා ලයිට් එක දාල බැලුවා , ඔක්කොම නිදි , නිදිනම් කරදර කරන්නෙත් නෑ මිනිහා. ලයිට් එක ඔෆ් කරලා මිනිහා ගියා . අපිත් ටිකක් වෙලා එහෙමම ඉඳලා එකෙක් ඔලුව උස්සලා ඇහුවා අරූ ගියාද බං කියලා.
අම්මට හුඩු කුණුහර්ප වරුසාවක් එක්ක කුකුලා අයියා ආවේ නැද්ද කාමරේට . තොපි හිතුවද තොපි මාව ඇන්දුවා කියලා. තොපිට කලින් අපි මේවයි හිටියේ.කියල. බැලින්නම් මිනිහා ලයිට් එක ඔෆ් කරලා එලියට වෙලා ඉඳලා. පැය දෙහෙක විතර දීර්ඝ දේසනාවක් අපිට දීලා මිනිහ යන්න ගියේ එදා. මිනිහත් එක්ක බොන්න ගියානම් ඊට වඩා හොදයි කියල හිතුනා.
Subscribe to:
Post Comments (Atom)
බාල්දු කථා
ලව් ලොක්
මේ තියෙන්නේ මං දවස ගානෙ උදේ හවස වැඩට යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...
-
ලංකාව වෙන මොකෙන් නැතත් දිවිනසා ගැනීමේ ලෝකශූරතාව අඛන්ඩව දිනා ගත්තානේ, ඒ අර ගූගල් එකේ සෙක්ස් හොයපු එකට අමතරව. අපරාදේ කියන්නබෑ අපේ ගමත් සෑහෙ...
-
අලුත් ගෙදර 2 දෙවැනි සැරේටත් ගෙයක් හදන්න ඕන කියල අක්ක තමයි මුල් උනේ . ප්ලැන ඇන්දෙත් අක්කම තමයි එයාගේ Draftsmen course එකේ දැනුමෙන් . තාත්...
-
කට්ටිය කොහේ හරි යමු කියල කාලෙක ඉඳන් කිය කිය ඉන්නකොට අපේ සමීර මල්ලි තමයි යෝජනා කරේ නුවර එළියේ යමු කියල . අපේ කට්ටිය කිව්වට අපේ අයියයි අ...
No comments:
Post a Comment