යාළුවොන්ගේ කතා
ලාම්පු එළියෙන්
මේක මගේ නුවර පැත්තේ යාලුවෙක් කියපු කතාවක්
එයාලගේ ස්කොලේ කොල්ලෙට වෙච්ච වැඩක් . ඔය ඒ ලෙවෙල් වලට පාඩම් කරන කාලේ. ඒ ලෙවෙල් කිට්ටු වෙනකොට නිදාගන්න වෙලාවත් සැහෙන්න අඩුවෙනවනේ. පාඩම් කරන්න මහන්සි වෙන හින්ද ගෙවල් වලිනුත් සැහෙන්න සලකනවා ළමයින්ට . තේ එක වතුර එක ලගටම ගෙනත් දෙනවා . ඉතින් මේ අපේ යාලුවත් දවසක් කාමරේ පාඩම් කර කර ඉන්නකොට කරන්ට් එක ගියාලු එක සැරේ. ටිකක් රෑ වෙලා එතකොට , මිනිහ ඉතින් තව ටිකකින් කරන්ට් එක එයිනේ කියලා පුටුවේ ඉන්න ගමන්ම මේසෙට ඔලුව ගහගන හිටියලු ටිකක් වෙලා. කරන්ට් එක එන පාටකුත් නැති නිසා කාමරේ කව්රුත් ඇත්තෙත් නැති නිසා මිනිහට පොඩි වැල පොයින්ට් එකක් ඔලුවට ඇවිල්ල. හෙමිහිට ඒ වැඩෙත් කරගත්තලු ඉන්න විදියෙන්ම ඇස දෙකත් පියාගන. වැඩේ ඉවර වෙලා ලාවට ඇස් ඇරලා බලනකොට පොඩි එළියක් තියනවලු කාමරේ. ඔලුව උස්සල බලනකොට කවුරුත් ඇත්තෙත් නෑ හැබැයි කාමරේ , මේස උඩ තියනවා කියන්නේ ලාම්පුවක් පත්තු වේවි.
අකමැති වෙන්න හේතු 5ක්
මේකත් එක්තරා උසස් අධ්‍යාපන ආයතනයක රැග් සීසන් එකේ වෙච්ච් වැඩක්, අදාළ ගෑණු ළමයාට නිවුන් සහෝදරියකුත් හිටියා එයා හිටියේ අපේ බැජ් එකේ. එකෙන් තමයි අපිට මේ කතාව ආරංචි වුනේ.
රැග් සීසන් එකේදී ඉතින් සිනීයස්ල ඇවිල්ලා තමන්ට හිතෙන හිතෙන ඒවා ජුන්නෝ ලව්වා කරව ගන්නවනේ. සමහර ප්‍රශ්නත් අහනවා .ඔහොම ඉතින් මේ ගෑණු ළමය ලඟටත් ඇවිල්ල පොඩි සද්දයක් දාල කතා කරාලු ඒ බැජ් එකේම තව කොල්ලෙක්ට. දැන් දෙන්නට දෙන්න මුණ බලාගන තියලා ඇහුවලු ගෑණු ළමයාගෙන් උඹ මුට කැමතිද කියලා. කිව්වලු නැහැ කියලා ගත් කටටම. ආ එහෙනම් කියපන් අකමැති වෙන්න හේතු පහක් කියලා සින්නා කිව්වලු. ම්ම් දැන් ඉතින් කෙල්ල තටම තටම එක එක හේතු කියනවලු, කලුයි, උස වැඩියි, කලින් දන්නේ නෑ, ඔය වගේ හේතු හතරක් යන්නතම් කියාගත්තට පස්වෙනි හේතුවක් මතක් වෙන්නෙම නැහැලු කෙල්ලට, ඊට එහා පැත්තේ තව සින්නෙක් ජුන්නෙක්ව අල්ලගන බනිනව ඇහෙනවලු කෙල්ලට. තෝ වැල අදිනවා නේද කියලා ඇහුන විතරයි .කෙල්ල කිව්වලු පස්වෙනි හේතුව මෙයා වැල අදිනවා කිව්වලු. එතනින් එහාට රැග් කරන්න වෙලා නෑ ඉතින් බඩ අල්ලන් හිනා වෙනවා මිසක්. අර කොල්ලට ඉතින් වලක් කපන වැලලෙන්න හිතෙන්න ඇති, කෙල්ල ඉතින් ඔකේ තේරුම නොදැන තමයි කියලා තියෙන්නේ . එය හිතල තියෙන්නේ සිගරට් බොන එකට කියල.
Subscribe to:
Post Comments (Atom)
බාල්දු කථා
ලව් ලොක්
මේ තියෙන්නේ මං දවස ගානෙ උදේ හවස වැඩට යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...
-
ලංකාව වෙන මොකෙන් නැතත් දිවිනසා ගැනීමේ ලෝකශූරතාව අඛන්ඩව දිනා ගත්තානේ, ඒ අර ගූගල් එකේ සෙක්ස් හොයපු එකට අමතරව. අපරාදේ කියන්නබෑ අපේ ගමත් සෑහෙ...
-
අලුත් ගෙදර 2 දෙවැනි සැරේටත් ගෙයක් හදන්න ඕන කියල අක්ක තමයි මුල් උනේ . ප්ලැන ඇන්දෙත් අක්කම තමයි එයාගේ Draftsmen course එකේ දැනුමෙන් . තාත්...
-
කට්ටිය කොහේ හරි යමු කියල කාලෙක ඉඳන් කිය කිය ඉන්නකොට අපේ සමීර මල්ලි තමයි යෝජනා කරේ නුවර එළියේ යමු කියල . අපේ කට්ටිය කිව්වට අපේ අයියයි අ...
No comments:
Post a Comment